සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ පුද්ගලයෙකු විශේෂ යානයකින් මෙරටට පිටත් කර යැවීම පිළිබඳ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
සෞදියේ පෞද්ගලික ආයතනය කළමණාකරු ලෙස සේවය කරමින් සිටි ඇන්ඩෘ නමැති පුද්ගලයෙකු සති ගණනාවක සිට ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත්, අනතුරුව එම සමාගම විසින් අමෙරිකානු ඩොලර් 58,000ක් වැය කර විශේෂ ජෙට් වර්ගයේ යානයකින් ඔහු මෙරට පිටත් කර යැවු බවත් සඳහන්.
අදාළ යානයත් සමඟ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ද පිටත් කර යැවීමටයි එම ආයතනය කටයුතු කර තිබුණේ.
මෙම කාර්යයට එම ආයතනයේ සේවය කළ ෆාශී මරික්කාර් නමැත්තෙකු මැදිහත්ව ඇති බව ද සඳහන්.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සටහන පහතින්.......
අද අගෝස්තු 20 ...සවුදි රියාද් නුවරින් උදේ 6ට පුද්ගලික ජෙට් ගුවන් යානයක් මානුශිකවාදී මිනිස්කම ලොවටම හඩගාකියමින් ලංකාව බලා පිටත් වුණා. සති ගණනාවක සිට ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවූ සවුදි අරාබියේ GulfWest ආයතනයේ සේවය කරපු අපේ ශ්‍රී ලාංකික සොයුරෙක් රැගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් එහි පිටත් වුණා .ඩොලර් 58 000ක් (රු 10 440 000 ආසන්න වශයෙන් ) වැයකරමින් අපගේ ශ්‍රී ලාංකික සොයුරා වෙනුවෙන් මෙවන් සත්කාරයක් කළ එම ආදර්ශමත් ආයතනයට සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වාලුකා සටහනේ ස්තුතිය පුද කරනවා .එලෙසින්ම මෙයට විශේෂ මැදිහත්වීමක් සිදුකළ එම ආයතනයේ සේවය කළ ලාංකික සොයුරෙකු වූ ෆාශී මරික්කාර් (faseeh marikkar) සොයුරාටත් විශේෂ ස්තූතිය පුද කරනවා .
(වාලුකා සටහන් )