ISIS ත්‍රස්ථයින් විසින් සිදුකළ තවත් මෙලෙච්ඡ ක්‍රියාවක වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. සිරියාව තුල ISIS ත්‍රස්ථයින්ට විරුද්ධව කටයුතු කරන අයෙකුව අල්ලාගෙන ඔහුට RPG අවියකින් ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කරන අයුරුයි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ.
පසුගිය කාලය පුරා මෙවැනි ආකාරයේ සිද්ධීන් සමුදායක්ම සිදුවූ අතර ඉන් බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනේ ප්‍රාණ ඇපකරුවෙකු ගිනිතබා මරණයට පත්කරන වීඩියෝවක් සම්බන්ධයි. ඊට එරෙහිව මානව හිමිකම් සම්බන්ධයෙන් හඬනඟන බොහෝ පිරිසක් එක්රැස් වී විරෝධය පලකිරීමටද කටයුතු කරනු ලැබුවා.
කණුවක් වැනි යමක් අසල ඉහත කී පුද්ගලයා සිටවා, දෑත් බැඳ මෙලෙස RPG අවියෙන් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අනතුරුව ඔහුට වෙඩි තැබීමට ඔවුන් කටයුතු කරනවා. අසල සිටි අයෙකු එය පටිගත කොට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එම වීඩියෝව පහතින් නරඹන්න...
(සැලකිය යුතුයි - සංවේදී දර්ශන ඇතුලත් නිසාවෙන් සුළුදේටත් කම්පාවන අය මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න)