Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
“...මට සමාවෙන්න.. දෙවියනේ මිනිහෙක්..! මනුස්සයෝ මම මීට කලිනුත් වෙඩි කාලා තියනවා.. මට මගේ අම්මවත් නැති උනා...” - ඇමරිකානු පොලිසිය, හඬමින් ජීවිතය ඉල්ලන, කළු ජාතිකයාව අමු අමුවේ මරා දැමූ අතිශය සංවේදී වීඩියෝව මාධ්‍යයට නිකුත් වෙයි - Video & Photos

- “...මට සමාවෙන්න.. දෙවියනේ මිනිහෙක්..! මනුස්සයෝ මම මීට කලිනුත් වෙඩි කාලා තියනවා.. මට මගේ අම්මවත් නැති උනා...” - ඇමරිකානු පොලිසිය, හඬමින් ජීවිතය ඉල්ලන, කළු ජාතිකයාව අමු අමුවේ මරා දැමූ අතිශය සංවේදී වීඩියෝව මාධ්‍යයට නිකුත් වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,691 Views
සංවේදී දර්ශණ සහිතයි...........
 
“...කරුණාකරලා මට වෙඩි තියන්න එපා මනුස්සයෝ... මට සමාවෙන්න....”
 
“කළු ජීවිත වැදගත් නැද්ද ? බ්රෝනා ටේලර්ගේ ජීවිතයත් ඒ හා සමානව වැදගත්.............!!”
 
ජෝර්ජ් ෆ්ලොයිඩ්...................
 
මේ නම ඔබට මට නුහුරු නමක් නෙවෙයි... "මට හුස්ම ගන්න බෑ.." යනුවෙන් ඔහු කළ ප්රකාශය, මුළු මහත් ඇමරිකාවම පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් පුවතක් වුනා.
 
සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණිස්සට විනාඩි අටක කාලයක් යටවුණු ඔහු නොසිතූ විදිහට මරු වැළඳ ගන්නේ එක්සත් ජනපදයම ගිනි අවුළවමිනුයි...

ලොව පුරා පිරිස් මීට විරෝධය පළ කරන්නට එකතු වුනේ "මට හුස්ම ගන්න බෑ" කියන වචන ටික ඔවුන්ගේ "තේමා පාඨය" බවට පත් කරගනිමිනුයි. ඔහු වෙනුවෙන් මහ මඟ පීරු ඇතැමෙකුට පොලිසියේ තාඩන පීඩන හමුවේ ජීවිත හැර යන්නටත් සිදු වුනා.
 
"කළු ජීවිත වැදගත් නැද්ද?" යනුවෙන් සුරූපී මේගන් කුමරියත් මාධ්ය හරහා වීඩියෝවක් නිකුත් කර තිබුණේ මේ ගැන තම කණගාටුව පළ කරමින්...
 
එමෙන්ම.. මෑත කාලිනව එක්සත් ජනපදයේ පොලිස් නිලධාරින් විසින් ඝාතනය කරනු ලැබූ වෙනත් අප්රිකානු (කළු ජාතික) ඇමරිකානුවන් ගැනද ඇය හෙළිදරව්වක් කර තිබුණා.
 
'ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ජීවිතය වැදගත් වූවා වගේම බ්රෝනා ටේලර්ගේ ජීවිතයත් ෆිලැන්ඩෝ කැස්ටිල්ගේ ජීවිතය තමීර් රයිස්ගේ ජීවිතයත් වැදගත් වුණා..'
 
කොහොම වුනත්...... ජෝර්ජ් මිය යද්දි කොරෝනා ආසාදනය වෙලා කියලත් පසුකාලීනව කරපු පරීක්ෂණ-වලින් හෙළිදරව්ව වුනා.
 
මේ කළු ජාතිකයාගේ ලොවක් සසල කළ මරණය ක්රමයෙන් අමතකව යද්දි ආයෙමත් වතාවක් මේ ගැන විදෙස් මාධ්යවල අවධානය යොමු වෙනවා.
 
ඒකට හේතුව වුනේ මිනියාපොලිස් නිලධාරින් ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීම හා ඔහුගේ වේදනාකාරී අවසන් මොහොතේ තවත් වීඩියෝවක් මාධ්යයට හදිසියේ නිකුත් වීමයි.
 
පොලිසියේ දෙදෙනෙකු විසින් පටිගත කරන ලද මෙම විඩියෝව මිනිත්තු 30ක කාලයක් ධාවනය වන බව ඩේලිමේල් වාර්තා කරනවා.
 
මෙම වීඩියෝව ගැන මීට පෙර ඩේලිමේල් හෙළි කර තිබූ නමුත්, එය ප්රසිද්ධියට පත් නොකරන ලෙස හෙනපින් ප්රාන්තයේ විනිසුරුවරයෙකු නියෝග කිරීම නිසා එය මාධ්ය සඳහා නිකුත් කෙරුනේ නැහැ.
 
හිටපු නිලධාරින් වන තෝමස් ලේන් හා ඇලෙක්ස් ජේ. කුවෙන්ගේ ශරීරවල බහා තිබූ කැමරාවලයි මෙම අතිශය සංවේදී දර්ශන පෙළ පටිගත වී ඇත්තේ.
 
මිනියාපොලිස් පවුඩර්හෝර්න් පාර්ක් කොටසේ වෙළඳසැලක් වන "කප් ෆුඩ්ස්" හි සිගරට් මිලදී ගැනීම සඳහා ජෝර්ජ් ව්යාජ ඩොලර් 20ක නෝට්ටුවක් ලබා දුන්නා යැයි ලද පැමිණිල්ලක් අනුව පොලිසිය මේ ස්ථානයට පැමිණි බවයි වාර්තා වූයේ.
 
මෙම අලුත්ම වීඩියෝව ආරම්භ වන්නේ ෆ්ලොයිඩ් බිල්පත සමඟ භාණ්ඩ මිලදී ගැනීමට උත්සහ කළ බව කියන වෙළඳ සැලේ සිටයි.
 
ෆ්ලොයිඩ් මෝටර් රථයෙන් බැස යන ලෙස පැවසීමෙන් පසු ඔහුව ප්රශ්න කරනු ලබන අතර අවසන් මිනිත්තු කිහිපයේදී ඔහු තම ජීවිතය ඉල්ලා හඬන අයුරු දැක්වෙනවා.
 
වීඩියෝ දර්ශන-වල දැක්වෙන ආකාරයට ෆ්ලොයිඩ් පලායෑමට උත්සහා නොකළ බවත්, ඒ වෙනුවට ඔහු මිතුරන් දෙදෙනකු සමඟ තම මෝටර් රථයේ වාඩිවීමට තීරණය කළ බවත් සඳහන්.
 
"මට සමාවෙන්න.. සමාවෙන්න... දෙවියනේ මිනිහෙක්... මචං (බඩී) මනුස්සයෝ මම මීට කලිනුත් වෙඩි කාලා තියනවා.."
 
"කරුණාකරලා මට වෙඩි තියන්න එපා මනුස්සයෝ... මට මගේ අම්මවත් නැති උනා... මට සමාවෙන්න...." ෆ්ලොයිඩ් එසේ දිගින් දිගටම ආයාචනා කරන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

By Lakshan
Dailymail ඇසුරිනි.
 
එම අතිශය සංවේදී වීඩියෝව පහතින් බලන්න...............




 
 
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top