Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
මැතිවරණ උණුසුම මැද, කෙරුමෙකු වූ එස්.එෆ් ලොක්කා අවසන් ගමන් යවන්න පැමිණි වෙඩික්කරුවන්ගේ යතුරු පැදියේ තොරතුරු එළියට එයි

- මැතිවරණ උණුසුම මැද, කෙරුමෙකු වූ එස්.එෆ් ලොක්කා අවසන් ගමන් යවන්න පැමිණි වෙඩික්කරුවන්ගේ යතුරු පැදියේ තොරතුරු එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,917 Views
නොච්චියාගම පැත්තේ යතුරුපැදිය දාලා ගිහින්....
 
අංක තහඩු රහිත කාන්තා යතුරුපැදියක්...
 
එස්.එෆ්. ලොක්කා මරා දැමීමට ඝාතකයන් පැමිණි අංක තහඩු රහිත කාන්තා යතුරුපැදිය මහියංගණය ප්‍රදේශයේ පදිංචි ගොවි තරුණයකුගෙන් කිසියම් පුද්ගලයකු සොරාගත් යතුරුපැදියක් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබේ.

පසුගියදා (08දා) දිනයේ එම යතුරුපැදිය නොච්චියාගම පොලිස් වසමේ තිබ්බොටුවැව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබූ අතර එම පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී යතුරුපැදිය මහියංගණය ප්‍රදේශයේ දුප්පත් ගොවි තරුණයකුට අයත් එකක් බව පොලිසිය තහවුරු කරගෙන තිබිණි.
 
පසුගිය මාස කිහිපය තිස්සේම ඔහුට යතුරුපැදියේ ලීසිං වාරික ගෙවා දැමීමට නොහැකිවීම නිසා ඔහු නිවෙසේ කාමරයක දමා සඟවා තිබියදී ඝාතනයට සම්බන්ධ වූ බව කියන කිසියම් පිරිසක් එහි ‍දොරගුළු කඩා දමා යතුරුපැදිය සොරාගෙන ගොස් තිබේ. එහි හිමිකරුවා විසින් එය ලීසිං ආයතනය රැගෙන යන්නට ඇති බවට සැකකර තිබෙනා බවත් පොලිසිය එහි ගිය පසුව ඔහු අන්දමන්ද වූ බව පොලිසිය කියයි.
 
යතුරුපැදියේ හිමිකරු ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු ගොවිතැන්බත් කරමින් ජීවත්වන දිළිඳු පවුලක පුද්ගලයකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. පසුගිය සති කිහිපය පුරාම ඔහු ඥාති හිමිනමක් වැඩවසනා විහාරස්ථානයක සිට ඇති බවත් ඝාතනය සිදුවන අවස්ථාවේදීත් තරුණයා මහියංගණයේ සිට ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී නිශ්චිතවම තහවුරු කරගෙන තිබිණි.
 
ගිනස් වාර්තාලාභී ලෝක ශූර කරාතේ ක්‍රීඩකයකු හා සමාජශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා මහතා අමානුෂිකව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වූ දහයියාගම කාර්මික පෙදෙස පවිත්‍රපුර ලිපිනයේ පදිංචිව සිටි ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොකු නොහොත් දහයියාගම ලොකු මල්ලි නමැත්තා පසුගියදා (05දා) දහවල් 11.55ට පමණ නාඳුනන වෙඩික්කරුවකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය.
 
එම අවස්ථාව වනවිට මරණකරු පෙම්වතිය බව කියන කාන්තාවක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ඔහුට දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයෙදී වෙඩි ප්‍රහාරය එල්ලවිය.
 
ඝාතනය සිදුවූ දිනයේ භාවිත වූ සැකසහිත දුරකථන අංක රැසක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් ලබාගත් අවසරය මත පරීක්ෂණ සිදුකරනා අතර ඊයේ (11දා) වන විටත් සිද්ධියට සම්බන්ධ වූ කිසිදු සැකකරුවකු පොලිසිය අත්අඩංගුවට ගෙන නොතිබිණි.
 
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්. ගීගනගේ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 
අනුරාධපුර - මහේෂ් විජේසූරිය
මව්බිම 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top