සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් මාලාව සංශෝධනය කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ප්‍රකාශ කළේ සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකිරීමේදී දින වෙන්කර තිබූ බවයි.
එහෙත් කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම සීමා ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.