ඉන්දියාවේ කොල්කටා නගරයේ පදිංචි 60 හැවිරිදි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කොරෝනා ආසාදිත කාන්තාවක් හදිසි බයිපාස් සැත්කමක් සඳහා පුද්ගලික රෝහලකට ඇතුළත් කර ගැනීමට රෝහල විසින් රුපියල් තුන් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන් එම මුදල සූදානම් කිරීමට පෙර කාන්තාව ගිලන් රථය තුළදීම පෙරේදා (11දා) මියගොස් තිබේ.
කොල්කටා නගරයේ නැගෙනහිර මිඩ්නපොර් ප්‍රදේශයේ පදිංචි මෙම කොරෝනා ආසාදිත කාන්තාව පුද්ගලික රෝහලට බයිපාස් සැත්කම සඳහා ඇතුළත් කර ගැනීමේ ගාස්තුව වශයෙන් පුද්ගලික රෝහලේ බලධාරීන් විසින් මෙසේ රුපියල් තුන් ලක්ෂයක මුදලක් රෝගී කාන්තාවගේ පවුලේ සාමාජිකයින්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ.
එම මුදල සූදානම් කරන තෙක් රෝගී කාන්තාවට ගිලන් රථය තුළම සිටීමට සිදුව ඇති අතර කාන්තාවගේ තත්ත්වය අසාධ්‍ය බැවින් තමන් රෝහලට ඇතුළත් කරගැනීමේ ගාස්තුව සූදානම් කරන තෙක් ඇයව රෝහලට ඇතුළත් කරගන්නා ලෙස පවුලේ සාමාජිකයින් බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් ඔවුන් එය පිළිනොගත් බව රෝගියාගේ පවුලේ සාමාජිකයෝ ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවද එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදාළ පුද්ගලික රෝහලේ බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ රෝගී කාන්තාව රෝහලට ගෙන ඒමට පෙරම මිය ගොස් සිටි බවයි. ගිලන් රථයේදී මිය ගොස් ඇති කාන්තාවගේ සැමියාද මෙයට පෙර කොරෝනා ආසාදනයට ලක්ව මිය ගොස් තිබේ,