බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාන්කුලම,තුනුක්කායි වීදිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ.
කකුලක ඇතිවූ ආබාධයකට මුලතිව් මාන්චෝලෙයි රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන යළි සිය නිවසට පැමිණි මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.