Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
රූපලාවණ්‍ය ශිල්පීනියකුත් ඝාතනය කරලා - පොලිස් වෙඩි පහරින් පරලොව ගිය අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවාගේ සියලු කෙරුම් එළියට - ලක්ෂ ගණනක ඝාතන කොන්ත්‍රාත්තුවක් ගැනත් තොරතුරු - Video

- රූපලාවණ්‍ය ශිල්පීනියකුත් ඝාතනය කරලා - පොලිස් වෙඩි පහරින් පරලොව ගිය අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවාගේ සියලු කෙරුම් එළියට - ලක්ෂ ගණනක ඝාතන කොන්ත්‍රාත්තුවක් ගැනත් තොරතුරු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,773 Views
නිලධාරින් දෙසට අත්බෝම්බයක් වීසි කරන්න ගොස් සිදු වූ දේ..,,,
 
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්රධාන වෙඩික්කරු ලෙසින් සැලකෙන අසිත හේමතිලක හෙවත් “සොල්ටා“ නමැත්තා පොලිස් වෙඩි පහරින් ඊයේ රාත්රියේ ජීවිතක්ෂයට පත්වුණා.
 
පොලීසිය පැවසුවේ සඟවා තිබූ ආයුධ සොයාගැනීමට එම සැකකරු මුල්ලේරියාව ප්රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ඔහු නිලධාරීන් දෙසට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
 
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අසිත හේමතිලක හෙවත් “සොල්ටා“මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්රිකා කුමාරණතුංග මාවත ප්රදේශයට රැගෙන විත් තිබුණේ ඊයේ රාත්රී 9.45ට පමණ.

ඒ සැකකරු සඟවා තිබු ආයුධ සොයාගැනීමට බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය ප්රකාශ කළේ.
 
එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරින් වෙත අත් බෝම්බ ප්රහාරයක් එල්ල කිරිමට උත්සාහ කර තිබෙනවා.
 
එවිට පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
2017 වසරේ නොවැම්බර් 30 වැනිදා කොට්ටාව ප්රදේශයේ රූපලාවාණ්ය ශිල්පිණියක් ඇගේ නිවෙස තුලදී වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද මෙම සැකකරු කටයුතු කළ බවයි පැවසෙන්නේ.
 
අදාළ රූපලාවන්ය ශිල්පණිය කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය රනාලේ සමයං නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙක්.
 
ඇයට අයත් රූපලාවන්යාගාරයකදී 2017 වසරේ ජනවාරි මස අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනයට ලක්වූ අතර, එම සිදුවීමට ආධාර අනුබල දීම යටතේ ඇයද රක්ෂිත බන්ධනාගාර ගතව සිට තිබුණා.
 
මේ අතර, අතුරුගිරිය - චන්ද්රිකා කුමාරණතුංග මාවතේ ව්යායාම් කරමින් සිටි රොෂාන් ප්රේමලාල් නමැති පුද්ගලයෙකු 2018 වසරේ මාර්තු 25 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන්නේද සොල්ටා නම් මෙම සැකකරු බවට අනාවරණවී තිබෙනවා.
 
බස්නාහිර පළාත භාර ජ්යෙස්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ජනතාව බියවැද්දීම සඳහා යොදවාගෙන ඇත්තේද මෙම සැකකරු බවයි.
 
ඒ අනුව, අසිත හේමතිලක හෙවත් “සොල්ටා“ නම් මෙම සැකකරුගෙන් තර්ජන එල්ලවූ පුද්ගලයින් සිටීනම් මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථානවලට පැමිණිලි කරන ලෙස තෙන්නකෝන් මහතා ඉල්ලා සිටිනවා.
මේ අතර, අංගොඩ ලොක්කා මියගිය බව කියන දිනට සතියකට පමණ පෙර ඔහු මෙම සැකකරුට තවත් ඝාතන කොන්ත්රාත්තුවක් භාරදී ඇති බවද හෙලිවී තිබෙනවා.
 
මෙලෙස ඝාතනය කරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ ගයාන් නමැති පාතාල සාමාජිකයෙකු බව සඳහන්.
මේ අතර, දැනට මියගොස් ඇති බවට සැලකෙන අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණවල ප්රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ.
 
කෙසේ වෙතත්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින අමානි තාන්ජි, සිවාගම සුන්දරී සහ දිනේෂ්වරන් යන අය තවමත් අත්අඩංගුවේ පසුවනවා.
 
මේ අතර, බැද්දගාන ආනන්ද මාවතේ කුලී නිවසක රැඳී සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතවූ මවක් සහ ඇගේ පුත්රයා අත්අඩංගුවට ගැනීමට මීගහවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වුණා.
 
ඇගේ සැමියා දැනට සිරගතව සිටින අතර, මත්ද්රව්ය ජාවාරම සඳහා යොදාගැණුනු මෝටර් රථයක් සහ යතුරුපැදියක්ද පොලීසිය භාරයට ගැණුනා.
 
සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 800ක් සහ රුපියල් ලක්ෂ 70ක මුදලක්ද සොයාගෙන තිබෙනවා.
 
මේ අතර, ගල්කිස්ස - කොට්ඨාස විශේෂ යතුරුපැදි ඒකකය, ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන අංශ නිලධාරීන් සමග එක්ව කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 6කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්රව්ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
දෙහිවල වෙරල තීරයේ සංචාරක අවන්හලක් පවත්වාගෙන යමින් මත්ද්රව්ය ජාවාරමේ නිරත වු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 35 ට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝග්රැම් 06 ක් සහ ඒවා බෙදාහැරිමට යොදාගත් මෝටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානත්මක අපරාධ මර්දන ඒකකය මගින්.
 
නීතිවිරෝධී ලෙස ගිනි අවි ඇතුළු ආයුධ නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් වලස්මුල්ල - මැදගංගොඩ ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා.
 
එහි තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ විවිධ ගිනි අවි සඳහා යොදන උණ්ඩ රැසක් සොයාගෙන ඇති අතර, එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.
 
රුවන්වැල්ල ප්රදේශයේ පොලීසිය සිදුකළ මෙහෙයුමකදී බෝර 12 ගිනි අවි 3ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම ප්ර දේශයේද සිදුකළ තවත් මෙහෙයුමකින් හෙරොයින් මත්ද්රව්ය සමග සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, උසස්පෙළ සිසුවෙකුද ඔවුන් අතර සිටින බව පොලීසිය සඳහන් කළා.
 
මේ අතර, යුද හමුදා බුද්ධි අංශය සහ ග්රෑන්ඩ්පාස් පොලීසිය එක්ව වත්තල - පරාක්රම මාවත ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ ග්රෑම් එකකට වැඩි ප්රමාණයක් සහ හෙරොයින් ග්රෑම් 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top