Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
"අපි ඒ නිවස වටලා පරීක්ෂා කළා. නමුත් සහරාන් හෝ ඔහුගේ බිරිඳ එහි සිටියේ නම් නැහැ. CID එකේ මහත්තයෙක් කතා කරනවා කියලා අන්සාර් මට දුරකථනය දුන්නා.." - පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසමේදී අද එළියට ආපු රහස් - Video

- "අපි ඒ නිවස වටලා පරීක්ෂා කළා. නමුත් සහරාන් හෝ ඔහුගේ බිරිඳ එහි සිටියේ නම් නැහැ. CID එකේ මහත්තයෙක් කතා කරනවා කියලා අන්සාර් මට දුරකථනය දුන්නා.." - පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසමේදී අද එළියට ආපු රහස් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,691 Views
සහරාන්ගේ බිරිඳගේ මව කිව්වා සහරාන් වසර 2කට පමණ ඉහත දී නිවසට ආවා ගියා කියලා !
 
පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අතර පවතින තරගකාරීත්වය හේතුවෙන් සහරාන් හෂීම් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කර ගැනීමේ අවස්ථාවන් ගිලිහී ගිය බව පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි අද අනාවරණ වුණා.
 
ඒ ත්රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ත්රස්ත විමර්ශන ඒකකයේ අන්තවාදී සහ මූලධර්මවාදී විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ගයාන් රත්නායක මහතායි.
 
2017 වසරේ දී සහරාන් හෂීම් සම්බන්ධයෙන් ලිපි ගොනුවක් විවෘත කළ බවත්, ඒ අනුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වැනිදා විවෘත වරෙන්තුවක් ලබාගත් බවත්, සාක්ෂිකරු කොමිසම හමුවේ ප්රකාශ කළා.
 
ඒ අනුව 2019 වසරේ ජනවාරි 14 වැනිදා තමා ඇතුළු කණ්ඩායමක් කාත්තන්කුඩිය හා අක්කරෙයිපත්තුව යන ප්රදේශවලට ගිය බව පොලිස් පරීක්ෂකවරයා පැවසුවා.
 
නමුත් එහිදී සහරාන් පිළිබඳව කරුණු සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
 
ඉන්අනතුරුව 2019 වසරේ පෙබරවාරි මස 28 වැනිදා සහරාන් හෂීම්ගේ බිරිඳගේ නාරාම්මල - කැකුණගොල්ල ප්රදේශයේ පිහිටි නිවසට තමාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිය බවයි ගයාන් රත්නායක මහතා සඳහන් කළේ.
 
මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් තවත් ප්රශ්න කිහිපයක් විමසා සිටියා.

Lawyer - අදාළ නිවසට ඔබේ කණ්ඩායම ගිය අවස්ථාවේදී එහි රැඳී සිටියේ කවුද?
Witness - අපි ඒ නිවස වටලා පරීක්ෂා කළා. නමුත් සහරාන් හෝ ඔහුගේ බිරිඳ එහි සිටියේ නම් නැහැ. සහරාන්ගේ බිරිඳගේ මව සහ මොහොමඩ් අන්සාර් නැමැති ඇයගේ සහෝදරයා පමණයි ඒ අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටියේ. අපි ඔවුන්ගෙන් ප්රශ්න කළා සහරාන් සම්බන්ධයෙන්. එම අවස්ථාවේදී සහරාන්ගේ බිරිඳගේ මව කිව්වා සහරාන් හෂීම් වසර 2කට පමණ ඉහත දී නිවසට ආවා ගියා කියලා. නමුත් සහරාන්ගේ බිරිඳගේ සහෝදරයා කිව්වා මාසයකට ආසන්න කාලයකදීත් සහරාන් එම නිවසට පැමිණ නැවත පිටත්ව ගියා කියලා.
Lawyer - සාක්ෂිකරු !
ඔබ එම පුද්ගලයින්ගෙන් ප්රශ්න කිරීම් සිදුකරන කොට යම්කිසි සුවිශේෂ සිදුවීමක් වුණාද?
Witness - ඔව් ස්වාමීනි, එම අවස්ථාවේදී අන්සාර්ගේ දුරකථනයට ඇමතුමක් ලැබුණා. CID එකේ මහත්තයෙක් කතා කරනවා සර්. කතා කරන්න කියලා අන්සාර් මට ඔහුගේ දුරකථනය ගෙනැවිත් දුන්නා. එම ඇමතුම ලබාගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු මට කිව්වා සහරාන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයේදී අන්සාර් කියන්නේ තමන්ගේ පෞද්ගලික ඔත්තුකරු කියලා. ඒ නිසා වහාම නිවසින් පිටව යන්න කියලා ඔහු මට දැනුම් දුන්නා.
 
අනතුරුව තම පෞද්ගලික දුරකථනයෙන් ඩයස් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව සහ තම ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත එම නිවසින් පිටව ගිය බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
 
අන්සාර් නැමැත්තාගෙන් තවදුරටත් ප්රශ්න කිරීමට ලැබුණේ නම් සහරාන් හෂීම් පිළිබඳව මීට වඩා තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබූ බව තමාට හැඟී ගිය බවයි ඔහු පැවසුවේ.
 
පොලිස් දෙපාර්තමේන්තුවේ එක් එක් අංශවල පවතින තරගකාරීත්වය හේතුවෙන් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ බොහෝ අවස්ථා මඟ හැරී ගිය බවත් ත්රස්ත විමර්ශන ඒකකයේ අන්තවාදී සහ මූලධර්මවාදී විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ගයාන් රත්නායක මහතා කොමිසම හමුවේ කියා සිටියා.
  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top