Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
කැබිනට් ඇමතිවරු 25ක් හා රාජ්‍ය ඇමතිවරු 39ක් මහනුවරදී ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - ආරක්ෂාව ජනපතිට - අගමැතිට අමාත්‍යංශ 3ක් - මෛත්‍රී, විජේදාස ඇතුළු පිරිසකට ඇමතිකම් නැහැ - සම්පූර්ණ විස්තරේ මෙන්න - Video

- කැබිනට් ඇමතිවරු 25ක් හා රාජ්‍ය ඇමතිවරු 39ක් මහනුවරදී ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - ආරක්ෂාව ජනපතිට - අගමැතිට අමාත්‍යංශ 3ක් - මෛත්‍රී, විජේදාස ඇතුළු පිරිසකට ඇමතිකම් නැහැ - සම්පූර්ණ විස්තරේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,011 Views
නව රජයේ... නව ඇමති ධූර බෙදී ගියේ මෙහෙමයි..........
 
නව රජයේ අමාත්යාංශ 28ක් සඳහා කැබිනට් අමාත්යවරු 25 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
 
ඒ, මහනුවර ශ්රී දළදා මාළිගා පරිශ්රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී.

නව රජයේ ආරක්ෂක අමාත්ය ධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොබවන අතර, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් අමාත්ය ධුර 3ක් හොබවනු ලබනවා.
 
නව රජයේ අමාත්ය මණ්ඩලය දිවුරුම්දීමේ උත්සවය මහනුවර ශ්රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී ආරම්භ කෙරුණේ අද පෙරවරු 8.45ට පමණ.
 
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ නව රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන් සහ දිවුරුම්දීමට නියමිත අමාත්යවරුන් සියලුදෙනා මෙහිදී සාමූහික ප්රතිඥාවක් ද දෙනු ලැබුවා.
 
නව රජයේ ආරක්ෂක අමාත්යධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොඹවන අතර මුදල් කැබිනට් අමාත්යවරයා ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවා.
 
මීට අමතරව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්යධුරය සහ නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්යධුරයද හොඹවන්නේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතායි.
 
කම්කරු කැබිනට් අමාත්යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා දිවුරුම් දුන් අතර අධ්යාපන අමාත්යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි.
 
පවිත්රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්ය කැබිනට් අමාත්යධුරයේ දිවුරුම් දුන්නා.
 
විදේශ කැබිනට් අමාත්යධුරයේ දිනේෂ ගුණවර්ධන මහතා දිවුරුම් දෙනු ලැබුවා.
 
ධීවර කැබිනට් අමාත්යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා දිවුරුම් දුන් අතර ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දුන්නේ ප්රවාහන කැබිනට් අමාත්යවරයා ලෙසයි.
 
බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් වෙළඳ අමාත්යවරයා ලෙස දිවුරුම් දුන් අතර C.B රත්නායක මහතා වනජීවි හා වන සංරක්ෂණ කැබිනට් අමාත්යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
 
රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දිවුරුම් දුන් අතර ජනමාධ්ය කැබිනට් අමාත්යරවයා ලෙස දිවුරුම් දුන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතායි.
 
චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කැබිනට් අමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
 
ඩලස් අලහප්පෙරුම මහතා විදුලි බල කැබිනට් අමාත්යධූරයේ දිවුරුම් දුන්නා.
 
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබුවේ මහා මාර්ග කැබිනට් අමාත්යධුරයේයි.
 
විමල් වීරවංශ මහතා කර්මාන්ත කැබිනට් අමාත්යධුරයේ දිවුරුම් දුන් අතර මහින්ද අමරවීර මහතා පරිසර අමාත්යවරයා ලෙස දිවුරුම් දුන්නා.
 
ඉඩම් කැබිනට් අමාත්යවරයා ලෙස එස්.එම්. චන්ද්රසේන මහතා දිවුරුම් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම කැබිනට් අමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
 
ජල සම්පාදන කැබිනට් අමාත්යවරයා ලෙස වාසුදේව නානායක්කාර මහතා දිවුරුම් දුන් අතර බලශක්ති කැබිනට් අමාත්යවරයා ලෙස දිවුරුම් දුන්නේ උදය ගම්මන්පිල මහතායි.
 
රමේෂ් පතිරණ මහතා වැවිලි කැබිනට් අමාත්යධුරයේ දිවුරුම් අතර ප්රසන්න රණතුංග මහතා සංචාරක කැබිනට් අමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
 
වරාය හා නාවික කැබිනට් අමාත්යවරයා ලෙස දිවුරුම් දුන්නේ රෝහිත අබේගුණවර්ධන මහතායි.
 
නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්රීඩා අමාත්යවරයා ලෙස දිවුරුම් දුන් අතර ජ නාධිපති නීතිඥ අලි ෂබ්රි මහතා අධිකරණ කැබිනට් අමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
 
මේ අතර නව ආණ්ඩුවේ රාජ්ය අමාත්යවරු 39 දෙනෙක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
 
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් වන්නේ කැබිනට් අමාත්යවරුන්ගේ සංඛ්යාව 30 හා කැබිනට් නොවන හා නියෝජ්ය අමාත්යවරුන්ගේ සංඛ්යාව 40 නොඉක්මවිය යුතු බවයි.
 
ඒ අනුව අමාත්ය මණ්ඩලය පත්කිරීම එම සීමාවන්ට යටත්ව සිදු කර ඇති අතර නියෝජ්ය අමාත්යවරුන් කිසිවෙකු හෝ පත් කර නොතිබීමත් විශේෂත්වයක්.
 
මේ අතර, දිස්ත්රික්ක 24ක් සඳහා නව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පත්වීම් ලැබුවා.
 
ප්රදීප් උඳුගොඩ මහතා කොළඹ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් අද පත්වීම් ලැබුවා.
 
ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත්කෙරුණේ සහන් ප්රදීප් විතාන මහතායි.
 
කළුතර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සංජීව එදිරිමාන්න මහතා අතර වසන්ත යාපා බණ්ඩාර මහතා මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත්වීම් ලැබුවා.
 
මේ අතර එන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මාතලේ දිස්ත්රික්කය සඳහාත්, එස්.බී. දිසානායක නුවරඑළිය දිස්ත්රික්කය සඳහාත්, සම්පත් අතුකෝරළ ගාල්ල දිස්ත්රික්කය සඳහාත් කමිටු සභාපතිවරුන් ලෙස අද පත්වීම් ලබාගත්තා.
 
නිපුණ රණවක මාතර දිස්ත්රික්කය සඳහාත් උපුල් ගලප්පත්ති හම්බන්තොට දිස්ත්රික්කය සඳහාත් කමිටු සභාපතිවරුන් ලෙස පත්කෙරුණා.
 
අංගජන් රාමනාදන්, ඩග්ලස් දේවානන්ද, කේ දිලීපන් පිළිවෙළින් යාපනය , කිලිනොච්චි සහ වව්නියාව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිරුන් ලෙස අද පත්වීම් ලිපි ලැබුවා.
 
මන්නාරම සහ මුලතිව් දිස්ත්රික්ක සඳහා කාදර් මස්තාන් මහතාත් ඩී. වීරසිංහ මහතා අම්පාර දිස්ත්රික්කය සඳහාත් කපිල අතුකෝරළ මහතා ත්රිකුණාමල දිස්ත්රික්කය සඳහාත් පත් කර තිබෙනවා.
 
කුරුණෑගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ගුණපාල රත්නසේකර මහතා පත් කෙරුණු අතර, අශෝක ප්රියන්ත මහතා පුත්තලම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත්වීම් ලිපිය ලබාගත්තා.

එච්.නන්දසේන , අමරකීර්ති අතුකෝරළ, සුදර්ශන දෙනිපිටිය පිළිවෙළින් අනුරාධපුරය , පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත්කර තිබෙනවා.
 
ඊට අමතරව කුමාරසිරි රත්නායක මහතා මොණරාගල දිස්ත්රික්කය සඳහාත්, අකිල එල්ලාවල රත්නපුර දිස්ත්රික්කය සඳහාත්, රාජිකා වික්රමසිංහ මහත්මිය කෑගල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් පත්වීම් ලිපි ලබාගත්තා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top