Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
"මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනවා. මට සමාවෙන්න! මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදම් කළේ...!" - පිළිකා මාරයාට ගොදුරුව අන්තිම ගමන ගිය මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගැන, මුහුණු පොතේ පළවූ කඳුළු සටහනක් - Photos

- "මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනවා. මට සමාවෙන්න! මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදම් කළේ...!" - පිළිකා මාරයාට ගොදුරුව අන්තිම ගමන ගිය මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගැන, මුහුණු පොතේ පළවූ කඳුළු සටහනක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,435 Views
"කැරළි කොන්ඩකාර විසිතුරු කමිස ඇඳි රිදී පැහැති කර මාල පැලදි සිනාවෙන් පිරුණු ගංගානාතෝ සාං"
 
"ජපානයට මං ගියාම සකුරා මලක් දකින දකින වාරයක් ගානේ සර්ව මතක් වේවි..."
 
"ආයෙත් ජපානෙම ඉපදෙන්න සර්.....!!!! මං කවදාක හරි ජපානෙට යනවා...!"
 
ශ්රී ජයවර්ධන විශ්වවිද්යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්යයන අංශයේ හිටපු අංශ ප්රධානී ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඊයේ දිනයේ අභාවප්රාප්ත වූවා.
 
පිළිකා මාරයාට ගොදුරුව ඔහු අවසන් ගමන් යද්දි 62 වන වියේ පසු වුනා.

මේ අතර මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායකයන්ගේ දේහය, අවසන් ගෞරවය පිණිස මත්තේගොඩ, සම්බුද්ධිවත්තේ එතුමාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බ්රහස්පතින්දා (13) දිනයේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇති.
 
මහාචාර්ය ගංගනාත් වඩාත් ප්රචලිත වූයේ ඔහු විසින් ලංකාදීප පුවත්පතට ලියූ "පැණි වළලු" තීරු ලිපි පෙළ හේතුවෙනුයි.
 
මේ ඔහු ගැන මුහුණු පොතේ පළවූ අපූරු මතක සටහනක්...
 
ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන් "ඉරෂ්ෂයිමසේ" කියලා කෑ ගහනව.
 
සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා.
 
නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය.
 
ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල "ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව.
 
එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ.
 
මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.
 
"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව.
 
[නිදහස් අධ්යාපනය තීරු ලිපියෙන්]
පැණි වළලු [2012]
 
සුබ ගමන් සර්.......!!!!
මං කවදාක හරි ජපානෙට යනවා....
ඒ ගියාම සකුරා මලක් දකින දකින වාරයක් ගානේ, සකේ බෝතලයක් දකින දකින වාරයක් ගානේ, ෆූජි කන්ද දකින දකින වාරයක් ගානේ, සුෂී, සෂිමි දකින දකින වාරයක් ගානේ, කිමෝනාවක් දකින දකින වාරයක් ගානේ සර්ව මතක් වේවි.
ආයෙත් ජපානෙම ඉපදෙන්න සර්.....!!!!
ජ'පුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන දේශනයට ආ කැරළි කොන්ඩකාර විසිතුරු කමිස ඇඳි රිදී පැහැති කර මාල පැලදි සිනාවෙන් පිරුණු
ගංගානාතෝ සාං さようなら.......!!!
 
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය මිලින්ද ශානක සොයිසා සතු ය.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top