Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
"ඒ කතාබහ දුරදිග ගිහින්, අපි පෙම්වතුන් වුනා..ඒ සම්බන්ධය දුර දිග ගිය එකක් වුනා අන්තිමට..." - චන්දන ලියනආරච්චි

- "ඒ කතාබහ දුරදිග ගිහින්, අපි පෙම්වතුන් වුනා..ඒ සම්බන්ධය දුර දිග ගිය එකක් වුනා අන්තිමට..." - චන්දන ලියනආරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,679 Views
"එහෙම හැගීමක් මට නම් ඇවිත් නැහැ..."

" ඒ ලියුම්වලට උත්තර ලිව්වේ මගේ අක්කා.."

එදත් අදත් එක වගේ හැමෝගෙම ආදරේ ලබන්න හැම කෙනෙකුටම බැහැ. නමුත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ඔහුට නම් නිරන්තරයෙන්ම බොහෝ දෙනා ආදරේ කරනවා. ඔහු නමින් චන්දන ලියනආරච්චි. නිතරම මාධ්‍යවලින් නොදැක්කත් ඔහු කලාවත් එක්ක එකතු වෙනවා. අලුත් තොරතුරු ගැන කතා කරන්න අපි චන්දනව මේ විදිහට සම්බන්ධ කර ගත්තා. මේ ඔහු කියන කතාවයි.

කොහොමද චන්දන..?
හොදයි. සතුටින් කාලය ගත කරනවා.

චන්දනගේ අලුත් නිර්මාණ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ, කොරෝනා කාලේ ලැබුණු දීර්ඝ නිවාඩුවට ගෙදරට වෙලා අලුත් නිර්මාණ එහෙම කලේ නැද්ද..?
ලොකු විවේකයක් ලැබුනා. ඒ කාලේ ඇත්තටම නිර්මාණ කිහිපයක්ම කළා. මේ වෙද්දී අලුත් ගීත 20ක් විතර කරලා තියෙනවා. ඉන් නිර්මාණ දෙක තුනක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රේක්ෂකයින්ට රසවිදින්න සැලැස්සුවා. මම ගායකයෙක් වෙලා මේ වෙද්දී අවුරුදු 25ක් වෙනවා. එකත් හේතු කරගෙන අලුත් එක කිහිපයක් එක්ක ප්‍රසංගයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. මේ අවුරුද්දේ. නමුත් කොරෝනා තත්ත්වය එක්ක ඒ වගේ දෙයක් කරන්න බැහැනේ. ඒ නිසා මේ තත්ත්වය පහව ගිය ගමන් ඒ ගීත ටික එකතුවක් එක්ක එළිදක්වලා ප්‍රසංගයක් පවත්වනවා.

සජීවී ප්‍රසංගයකදී සජීවීව ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ඒ මොහොතේ විදින්න පුළුවන් . කොහොමද අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරද්දී ඔබට ලැබෙන ප්‍රතිචාර..?
අන්තර්ජාලය තුල ලැබෙන ප්‍රතිචාර වෙනස්. බොහෝ දෙනෙක් අදහස් දක්වනවා. ප්‍රතිචාර හොදයි. සතුටු වෙන්න පුළුවන්. නමුත් විද්‍යුත් මාධ්‍ය තුල හෝ රූපවාහිනි මාධ්‍ය තුලත් ගීත විකාශය වුනොත් තමයි දිවයින පුරා සිටින රසිකයින්ට ගීත රසවිදින්න පුළුවන්වෙන්නේ.

අලුත් පරම්පරාවත් එක්ක ගැටෙන්න අමාරුද..?
අලුත් පරම්පරාව එයාලට ඕන විදිහට ගීත නිර්මාණය කරනවා. අපි අපේ විදිහට ගීත නිර්මාණය කරනවා. මගේ රසිකයින් වෙනුවෙන් මම ගීත ගයන්න ඕන. යන රැල්ලට යන්න පුළුවන්කමක් නැහැ. මට වාණිජ පරමාර්ථයෙන් ගීත නිර්මාණය කිරීමේ වුවමනාවකුත් නැහැ. ඒ නිසා මම මගේ වැඩකටයුතු කරගෙන යනවා. කවුරුවත් අභියෝගයක් නැහැ මට.

වාණිජ පරමාර්ථයෙන් කරන බොහෝ නිර්මාණ රසිකයින් බැනවදිමින් හෝ නරබනවා කියලා හිතෙන්නේ නැද්ද.. එහෙම හිතලා අලුත් නිර්මාණයක් කලොත්..?
එහෙම වෙන්න පුළුවන්. නමුත් නිරුවත් හෝ අඩනිරුවත පෙන්වමින් ගීත කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. මගේ විදිහ මට හොදයි.

කොහොමද විවාහ ජිවිතේ..?
රසබරව විවාහ ජිවිතේ ගෙවෙනවා. කොරෝනා කාලේ පවුලක් විදිහට එකටම ඉන්න පුළුවන් වුනා. ගෙදරට වෙලා හිටපු නිසා. අනිත් දවස්වලට අපි කාර්යබහුලයි. එක එක වැඩවල නිරත වෙනවා. නමුත් හරිම නිදහස් මනසින් සෞම්‍ය විදිහට පහුගිය නිවාඩුව ගත කරා කිව්වොත් හරි. බිරිදයි දරුවයි එක්ක. පුතාගේ නම ඉයන් සන්දීප්. වයස අවුරුදු 7යි. බිරිද ශ්‍රී දේවී. එයා කලින් ගුරුවරියක්. විවාහයත් එක්ක රැකියාවෙන් අයින් වුනා.

බිරිද ශ්‍රී දේවිව මුණගැහෙන්නේ කොහොමද කියලත් කියමු..?
විවාහ මංගල උත්සවයකදී තමයි මට එයාව දකින්න ලැබෙන්නේ. ඒ මුල්ම හමුවීමෙන් පසුව නිතරම කතාබහ කරන්න ලැබුනා. ඒ කතාබහ දුරදිග ගිහින් ආදරේ කළා. අපි පෙම්වතුන් වුනා. පසුව ඉතින් දෙමාපියන්ගේ ආශීර්වාදයෙන් විවාහ වුනා.

ඒ වෙද්දී ඔබ අතිශය ජනප්‍රිය ගායකයෙක්. ජනප්‍රියත්වය විවාහයට බාධාවක් වුනේ නැද්ද, ඔබගේ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කලේ නැද්ද..?
එහෙම දෙයක් වුනේ නැහැ. අපි දෙන්නා සම්බන්ධය පටන්ගන්න කොටම අවබෝධයකින් සම්බන්ධය පටන් ගත්තේ. මම එයාට තේරුම් කළා අපේ ක්ෂේත්‍රය හා අපිට ලැබෙන ප්‍රතිචාර ගැන. එයා ඒ ගැන අවබෝධයක් ගත්තා. එකට ජිවත් වෙද්දී එයාට තේරෙනවා මොකද වෙන්නේ කියලා. ඒ අනුව එයා හැඩ ගැහුනා. ඒ වගේම රසිකාවියක් විදිහටත් මගේ ගීතවලට ඇලුම් කළා එයා. පවුල් ජීවිතය සාර්ථක වෙන්නේ තේරුම් ගැනීම මත තමයි. ඒ තේරුම් ගැනීම උදව් කිරීම එයා ලග තියෙන ගතිගුණයක්. ඒ නිසා ජිවත් වෙන්න මටත් පහසුයි. විශේෂයෙන්ම කියන්න ඕන මගේ සංගීත ජීවිතයේදීත් ඇයගෙන් උපරිම උදව් ලැබෙන බව.

ගැහැණු කියන්නේ ආදරේදී පුංචි දේටත් ඊර්ශ්‍යා කරන පිරිසක්. රසිකාවියන්ගෙන් ආදර යෝජනා හා ප්‍රතිචාර එද්දී ඇයගේ හැසිරීම කොයි වගේද..?
කිසිම වෙලාවක මාත් එක්ක රණ්ඩු කලේ නැහැ. කලාකරුවෙකුට ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් බව එයා දන්නවා. මට දුරකථන ඇමතුම් එහෙම එද්දී එයා විහිළුවක් කරනවා. එච්චරයි.

90 දශකයේ ඔබ බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා..ඒ කාලේ ලැබුණු ප්‍රතිචර ගැනත් මතක් කරමු..?
ඉස්සර දුරකථන ඇමතුම් වලට වඩා එන්නේ ලියුම් තමයි. දවසකට සැහෙනට ලියුම් එනවා. සමහර ලියුම් මම කියවනවා. උත්තර ලියනවා. ගොඩක් වෙලාවට ලියුම් බලලා උත්තර ලියන්නේ මගේ අක්කා. මට ලියන්න වෙලාවක් නැති නිසා. කියවන්න බැරි තරම් ලියුම් එනවා. ඒවා ලස්සන මතක ජිවිතේට කියලා දැන් හිතෙනවා.

ඒ අතර පෙම්හසුන්වලින් අඩුවක් නැතුව ඇති..?
ජනප්‍රිය කාටත් පෙම්හසුන් එනවා. මටත් ආදරේ ප්‍රකාශ කරලා ලියුම් ඇවිත් තියෙනවා. සමහර රසිකාවියන් ලියුම් දෙක තුන එවනවා උත්තර ලියයි කියන බලාපොරොත්තුවෙන්.

ඇත්තටම රසිකවියක්ට හිත ගිහින් නැද්ද..?
කොහෙත්ම නැහැ. එහෙම හැගීමක් මට නම් ඇවිත් නැහැ.

හර්ෂනී වීරරත්න





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top