Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
"මට පණ තියෙනවා කියලා පොඩි හාමුදුරුවෝ දුවලා, .එයාලා ඇවිත් දොරට පයින් ගහලා දොර ගැලවෙන්නම.." - අසාධ්‍යව සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වසර අටකට පසුව කියන සංවේදී කතාව

- "මට පණ තියෙනවා කියලා පොඩි හාමුදුරුවෝ දුවලා, .එයාලා ඇවිත් දොරට පයින් ගහලා දොර ගැලවෙන්නම.." - අසාධ්‍යව සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වසර අටකට පසුව කියන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,266 Views
"දොර කඩන සද්දෙවත් මට ඇහිලා නැහැ, ඒ වෙලාවේ ප්‍රෙෂර් එක 400 ට නැගලා.."

"ජනේලයට තට්ටු කරද්දී මම කකුල හොල්ලලා.."

බුද්ධ සාසනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල බුද්ධ පුත්‍රයෙක් මේ වෙද්දී අසනීප තත්වයෙන් පසු වෙනවා. ඒ පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අසනීප වෙන්නේ මිට වසර හත හමාරකට පමණ පෙර. උන්වහන්සේගේ මොළයේ සැත්කම් කිහිපයක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වෙනවා. කෙසේ හෝ උන්වහන්සේ කල පිනෙන් මේ වෙද්දී උන්වහන්සේගේ කටහඩ අපට අහන්න පුළුවන් වෙලා තිබෙනවා. නමුත් වෙහෙසකරිවී එදා සේ බුද්ධ සාසනය දියුණු කරන්න උන්වහන්සේට හැකියාවක් නැහැ. සඳහම් චාරිකාවේ නියැලෙමින්, සිත් සතන් සුවපත් කළ, බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේට අද අත්ව ඇති ඛේදනීය ඉරණම උන් වහන්සේගේ හඩින්ම කියන්නේ මේ අයුරින්ය.

"මම මහන වෙන්න කලින් ඉන්නේ ගමේ. බණ්ඩාරවෙල. මගේ අම්මා වගේම තාත්තා දුප්පත්..නමුත් අම්මගේ හිතේ සද්ධාව තිබ්බා..මට අවුරුදු 7දී අපේ ගමට අරියධම්ම ස්වාමින් වහන්සේ වැඩියා. එදා මම උන්වහන්සේට කතා කලේ හාමුදුරුවනේ කියලා. ඒ හාමුදුරුවන් ගමට ආවම හැමෝම පින්තුර ගන්නවා..එක පින්තුරයක උන්වහන්සේගේ නම සටහන් කරලා තිබ්බා..අටවිසි බුද්ධ පුජාවක් කරනවා කියලා දැනගෙන මම මගේ යාලුවත් එක්ක ගියා..යනකොට  පිරිලා..පාරේ හැම තැනම පිරිලා..මමත් ගමේ ටැක්ටරයක එල්ලිලා ගියා එක බලන්න...පැවිදි දිවිය පටන් අරගෙන ගොඩක්කල් වෙනවා..අවුරුදු 7දී පැවිදි වුනේ කෝට්ටේ දේවානන්ද ස්වාමින් වහන්සේ ලග..මම පොඩි ළමයෙක්..මට මහන වෙන්න පුළුවන්..මට සහෝදරයෝ පහක් හිටියා..

ඒ නිසා මම මහන වුනා..මම ලංකාවේ ගිය නැති ගමක් නැහැ බණ කියන්න..සිංහල, දෙමල , මුස්ලිම් හැම ගමකටම මම ගියා බන කියන්න..බණට ගියාට කිසිදෙයක් අරගෙන ඇවිත් නැහැ.. නිදහසින් ගිහින් නිදහසින් ආවා මිසක්.. අඩු තරමින් මම බුලත් අතකවත් කොළයක්වත් අරගෙන  නැහැ.. මම ලෙඩ වෙලා අවුරුදු 7ක් විතර වෙනවා..ඔපරේෂන් එක කරලත් එචරකල් වෙනවා..මට   කිසිම ලෙඩක් තිබ්බේ නැහැ ..දවසක් බණට ගිහින් එද්දී රැ  11 ට විතර ඇති..මම පන්සලට එද්දී මගේ යාලුවෙක් ඇවිත් හිටියා..මම එයාට කිව්වා මට හරිම මහන්සියි..උන වගේ කියලා..ඉක්මනින් නිදාගෙන යන්න ඕන කියලා..

එයා කිව්වා  මම අලුත් වාහනයක් ගෙනාවා..ඔබ වහන්සේට කියලා කොහොම හරි පිරිත් නුලක් ගැටගහන්න ඕන කියලා..මම ඉක්මනට කාමරේට ගිහින් පිරිත් නුලක් ගෙනත් වාහනේ පිරිත් නුල  ගැටගැහුවා.. පස්සේ මම කාමරේ වහලා නිදා ගත්තා..කොච්චර හොදට නින්ද ගියාද කිව්වොත් උදේ 6 නිදි .දානේ අරන් එනවාවත් දන්නේ නැහැ..දානේ ගෙනා  දායකතුමා  පොඩි හාමුදුරුවන්ගෙන් අහලා මම කෝ කියලා.. හාමුදුරුවෝ අහලා ලොකු හාමුදුරුවෝ තවම එලියට ආවේ නැද්ද කියලා ..පස්සේ ඇවිත් මගේ කාමරේ දොරට ගහලා..සද්ධයක් නැති නිසා ජනේලට නැගලා වීදුරුවෙන් මාව බලලා..පොඩි හාමුදුරුවෝ හයියෙන්  ජනේලයට ගහලා ..මම වම් කකුල හෙලෙව්වාලු ..හාමුදුරුවෝ  දුවලා  ගිහින් බය වෙලා..ලොකු හාමුදුරුවන්ට පන තියෙනවා කියලා දුවගෙන ඇවිත් දානේ ගෙනාපු දායක මහත්තයාට කතා කරලා ..එයාලා ඇවිත් දොරට ගහලා  පයින් දොර ගැලවෙන්න..දොර බිමට වැටෙන සද්දෙවත් මට ඇහිලා නැහැ..මට තට්ටු කරලා කතා කරලා එත් මට ඇහිලා නැහැ.. පිටට ගහලා..එත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.. කාරෙක ගෙනත් දායක මහත්තයයි  එයාගේ නොනයි මාව රෝහලට අරගෙන ගිහින්. ප්‍රෙෂර්  එක 400 නැගලා..එවෙලේම රෝහලේ ඇම්බියුලන්ස් එකේ කොලබ මහා රෝහලට අරගෙන යන්න කියලා.. දාලා තියෙන්නේ ස්නායු ඒකකයට..හිසේ සැත්කම් කළා.. මගේ අම්මා කියලා තියෙනවා මාව බලන්න ඕන කියලා.. රෝහලෙන් උපදෙස් දුන්නා නිදහසේ ඉන්න කියලා..එදා ඉදලා නිදහසින් ඉන්නවා.. එයින් පස්සේ මගේ නමත් කියවුනේ නැහැ..කිසිම දෙයක මට තුෂ්නාවක් තිබ්බේ නැහැ.. මම ලෝකේ වටේ ගියා බන කියන්න..එත් තුෂ්නාවක් නැහැ..නමුත් මට අධික තුෂ්නාවක් තිබ්බා බුද්ධ සාසනේ ආරක්ෂා කරන්න.. එකට තමයි මම වෙහෙසුනේ.."


උන් වහන්සේගේ හඩින්ම අපහසුවෙන් නමුත් එලෙසින් පවසා තිබෙනවා. බුද්ධ සාසනයට විශාල සේවයක් කල උන්වහන්සේට ඉක්මන් සුවය පතමු. 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top