Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
"තාත්තා ගෙදර තියෙන වැඩක් කරගන්න කිව්ව නිසා පුතා එක්කරගෙන එන්න තාත්තා ගියේ නැහැ.." - බීමත් රියදුරෙකු නිසා මහමඟ මරු වැළඳගත්, පුංචි සචින්ත ගැන, අම්මා කියූ සංවේදී කතාව

- "තාත්තා ගෙදර තියෙන වැඩක් කරගන්න කිව්ව නිසා පුතා එක්කරගෙන එන්න තාත්තා ගියේ නැහැ.." - බීමත් රියදුරෙකු නිසා මහමඟ මරු වැළඳගත්, පුංචි සචින්ත ගැන, අම්මා කියූ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,076 Views
"මගේ රත්තරන් පුතාගේ ජීවිතය මේ කාලකණ්ණි නැති කළා.."

"පින්කාර දරුවෙක් මඟ මරුවෙක් බිලිගත්තු එක මට ඉවසන්න බැහැ.."

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ වෛද්‍යවරුන් වීමට උත්සාහ කරන පාසල් සිසු සිසුවියන් වෙර දරන්නේ අනාගතයේ මල්පල ගැන්වෙන සිහින දකින්නටය. දුප්පත් මවුපියන් ගොවිතැන් හෝ කුලියක් කර ගන්නා සොච්චම් මුදල තම දරුවන්ගේ උසස් අධ්‍යාපනයට වියදම් කරමින් ඔවුන්ගේ සිහින සැබෑ කරලීමට වෙහෙසෙන්නේ මහත් ආසාවකිනි.

මහමඟ සිටින මිනීමරුවන් වැනි බීමත් රියැදුරා විසින් වෛද්‍යවරුන් වීමට සිහින දකිමින් සිටි දරුවන් කන්ඩායමක් කැබ් රථයකින් යටකර පලා යෑම නිසා අරලගංවිල, රත්මල්තැන්න ගම්මානයම එකම කඳුළු ගඟක් බවට පත්වී තිබේ.
 
පොළොන්නරුව රාජකීය විදුහලේ වෛද්‍යවරුන් වීමට සිහින දකින සිසුන් 09 දින අරලගංවිල අතිරේක පන්තියට ගොස් නිවෙස්වලට ආපසු එමින් සිටියේ පාර අයිනෙනි.
දෙහිඅත්තකණ්ඩිය ‍ෙදාළකන්ද ගම්මානයේ අවමංගල්‍ය උත්සවයකට ගොස් එමින් සිටි කැබ් රථයක් පාර පුරා ගොස් පාරේ අයිනේ ගමන් කළ පළමු ළමයි කණ්ඩායම මඟහැර පිටුපසින් ගමන් කළ සිසුන් 12 දෙනාවම යටකරගෙන ධාවනය විය. එම මාරක අනතුරින් එක් සිසුවකු මියගොස් ඉතිරි සිසුන් 11 දෙනාම පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.

මියගිය පාසල් සිසු සචින්ත හේෂාන් කරුණාතිලකගේ මව වන අරලගංවිල, රත්මල්තැන්න අංක 14ඒ, එච් කොටසෙහි පදිංචි අනෝමා කුමාරි මුණසිංහ මිය (43) විලාප තබමින් මෙසේ පැවැසුවාය.

'මියගිය මගේ පුතා ලකුණු 179ක් අරගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා වෛද්‍යවරයකු වීම සඳහා පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන ඒ 09 ලබාගෙන වෛද්‍යවරයකු වීමට ඉගෙන ගන්නවා. ඊයේ නව වැනි දින ටියුෂන් පන්තියට ගිය පුතා, තාත්තා අද එන්න එපා. මම බස් එකේ එන්නම්.

තාත්තා ගෙදර තියෙන වැඩක් කරගන්න කිව්ව නිසා පුතා එක්කරගෙන එන්න තාත්තා ගියේ නැහැ. නැති නම් හැමදාම මගේ පුතා එක්කරගෙන එන්න තාත්තා යනවා. ළමයි පාර අයිනෙන් එනකොට බීමත් රියැදුරෙක් පදවාගෙන පැමිණි කැබ් එකක් මගේ පුතා ඇතුළු පුතාලා 11 දෙනෙක්ව යටකර ගියා කියන ආරංචිය අපට ලැබුණා. මගේ පුතා අපේ ගමේ හිටිය අහිංසකම පිරිමි දරුවා කියලා ගමේත්, පාසලේත් හැමෝම දන්නවා. අපේ ගෙදර මත්පැන්, දුම්වැටි භාවිතයක් කවදාවත් නැහැ. මගේ පුතාට උගන්වන්න අපි දෙදෙනා පුතා පාඩම් කරන තුරු ඇහැරගෙන ඉන්නවා. පුතා ඉගෙන ගන්න දේවල් ගැන අපට තේරෙන්නේ නැහැ.

ඒ නිසා ඔහුට උගන්වලා වෛද්‍යවරයකු කරන්න අපි දෙන්නා ගත්තු උත්සාහය රියැදුරු බේබද්දෙක් විසින් විනාශ කරලා දැම්මා. මේ දුක අපේ පවුලට පමණක් නොව අනෙක් දරුවන් 12 දෙනාගේ ගෙවල්වලටත්, රත්මල්තැන්න ගම්මානයම එකම ඛේදවාචකයක් වෙලා. අනතුරින් අනෙක් දරුවන්ගේත් අතපය කැඩිලා ජීවිත විනාශ වෙලා. මේ කාලකණ්ණි බේබදු රියැදුරා අනිත් දරුවන්ගේ අතපය ටික කඩලා දාලා මගේ පුතාගේ ජීවිතය උදුරා ගත්තා. අපේ ගෙදර තිබුණු එකම සතුට, සම්පත ඒ කාලකණ්ණියා උදුරා ගත්තා. මගේ පුතාගේ තාත්තා රා, අරක්කු, මත්පැන් රහක්වත් දන්නේ නැහැ. එහෙම මනුස්සයෝ අද රටේ නැහැ. එහෙම පවුලක හිටිය පින්කාර දරුවෙක් මඟ මරුවෙක් බිලිගත්තු එක මට ඉවසන්න බැහැ. මගේ සැමියා වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න ගියාම මත්පැන් නොබොන මෙහෙම කෙනෙක් හමුවෙලා නැහැ කියලා හැමදාම කියනවා.

පොඩ්ඩක්වත් හිතුවක්කාර නැති මගේ ළමයා තාත්තා සැර කළත්, චූටි දේකට ගැහුවත් හිනා වෙනවා. ගුරුවරයකුගෙන් දරුවා ගැන වැරැද්දක් ඇහුවම ඒ අය කියනවා මොන වැරැදිද අම්මා කියලා. එයා පාඩුවේ ඉගෙන ගන්නා හොඳ ළමයෙක් කියනවා. ගුරුවරුන්ට, අම්මලාට බත් ගිලෙන්නෙ නැති දවසක් බවට පත්වෙලා. ගෙවල්වල උයන එක පවා නතර වෙලා. කවදා හරි වෛද්‍යවරයකු වෙලා පෙන්වනවා කිව්ව මගේ පුතා අද පෙට්ටියකින් ගෙදර එනවා. පුතා පාඩම් කරනකොට අම්මයි තාත්තයි දෙන්නා ළඟට වෙලා ඉන්නවා. අපට නින්ද යන්නේ නැහැ. පොඩි පුතා මේ වතාවේ ශිෂ්‍යත්වයට සූදානම් වෙනවා. ළමයි දෙන්නා පාඩම් කරන කොට අපි දෙන්නා ඇහැරලා ඉන්නවා. එහෙම ගෙවල් හොයා ගන්න අමාරුයි මහත්තයෝ.

අපි දෙයක් කියලා දෙන්න දන්නේ නැහැ. පුතා ඉංගී්‍රසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ. එයා සිංහලවලට වඩා ඉංගී්‍රසි ලිව්වේ. මට දුක හිතෙයි කියලා මගේ පුතාගේ පොත් කන්ද කොහේද හංගලා. පුතාගේ මෙසේ උඩ ගොඩගහලා පොත් තිබුණා. පුතා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඇඳුම් මැදලා දීලා බත් කවලා ඉගෙන ගන්න ඇරපු මගේ රත්තරන් පුතා මේ කාලකණ්ණි හැත්ත නැති කරලා දැම්මා. අපි අහිංසක වුණාට මේ වෙලාවේ අහිංසක නැහැ. මගේ මියගිය පුතාගේ සිරුරේ කොටස් අරගෙන හරි අනතුරෙන් තුවාල වෙලා ඉන්න අනෙක් පුතාලා බේරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මගේ පුතාට ගමේ හැමෝම ආදරෙයි. ගමේ ළමයි පුතා ඇසුරු කරනවාට ඒ මවුපියෝ හරිම කැමැතියි. මේ වගේ දුකක් කිසිම කෙනකුට වෙන්න එපා" යැයි ඇය පැවැසුවාය.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී.ඩබ්. ප්‍රේමලාල්, රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය, පො.කො. අරුණ (81934), පො.කො. ජයරත්න (81163), පො.කො. තිලකරත්න (65199) යන මහත්වරු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති. කැබ් රථයේ රියැදුරු වන දඹගල්ල, මොනරාගල පදිංචි රන්හොටී ගෙදර විමලසේන (47) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top