Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Aug
11
මිණිබිරිය කෙලෙසු සීයාට වසර 18ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබෙද්දී, ලක්‍ෂ පහක වන්දියක්ද නියම වෙයි

- මිණිබිරිය කෙලෙසු සීයාට වසර 18ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබෙද්දී, ලක්‍ෂ පහක වන්දියක්ද නියම වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
තම ආරක්‍ෂාව යටතේ සිටි 8 හැවිරිදි මිණිබිරිය දූෂණය කළ 53 හැවිරිදි සීයාට වසර 18 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් සහ රුපියල් 25000 ක දඩයක් සහ ලක්‍ෂ 5 ක වන්දි ගෙවීමකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉකුත් 07 වැනිදා නියෝග කළේය.

එසේ දඬුවම් නියම වූයේ කලවාන පදිංචි පලනියන්ඩි මහාරාජා පූසාරි නොහොත් සීයා නමැත්තෙකු වේ. 2015.04.19 වන දින රක්වානේදී වයස අවුරුදු 8 ක තමාට ඥාතීත්වයක් ඇති දැරියක දූෂණය කළේය යනුවෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනාවක් නගා තිබිණි. විත්තිකරු චෝදනාවට නිවැරදිකරු බව කියන ලදුව දීර්ඝ ලෙසින් නඩුව විමසනු ලැබිණි. අවසානයේ විත්තිකරු චෝදනාවට වරදකරු බවට විනිසුරු තීන්දු කළේය.

නඩු විභාගයේදී හෙළිදරව්වූ කරුණු වලට අනුව විත්තිකරු අපරාධය සිදුකර ඇත්තේ තම පුත්‍රයාගේ දියණියටය. දැරියගේ පියාත් මවත් කුලී රැකියා සඳහා නිවසින් පිටත්ව යන නිසා ඔවුන්ගේ වසර 2 1/2 ක් සහ පාසල් යන 8 හැවිරිදි දැරිය රැකබලාගැනීම සඳහා විත්තිකරු ඔවුන්ගේ නිවෙසට කැඳවා තිබී ඇත. ඔහු 8 හැවිරිදි දැරියට ස්ත්‍රී දූෂණ වරද සිදුකර ඇත්තේ ඒ අතරතුය.

වින්දිත දැරිය ඒ වන විට හෝමෝන් ඌනතාවයකින් පෙලෙමින් සිටි අයෙකු වන අතර ඒ සඳහා ඇයව කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙමින් සිට ඇත. එසේම ඇයට එම රෝහලේදීම කළ ශල්‍ය කර්මයක් මගින් කෘත්‍රිම යෝනි මාර්ගයක්ද සකස් කර ඇත. දැරිය දූෂණයට ලක්වූ දිනට පසුදින ඇගේ දෙමාපියන් ඇය රැගෙන ප්‍රතිකාර සඳහා රිජ්වේ ළමා රෝහලට ගොස් ඇත. එහිදී දැරියගේ මව සිදුවීම වසන් කිරීමට තැත්කළද වෛiවරුන් රැවටීමට ඇය සමත්වී නැත. වින්දිත දැරිය පරීක්‍ෂා කළ රත්නපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිසැක ලෙසම දැරිය ස්ත්‍රී දූෂණයට ලක්වී ඇති බවට සාක්‍ෂි වලින් තහවුරු කළේය.

විත්තිකරුට නියම කරන දඬුවම ළිහිල් කර ගැනීම සඳහා කරුණු දැක්වීමට විත්තියේ නීතිඥවරයාට අධිකරණය ඉඩ ලබාදුන් අතර විත්තිකරු අකුරු කියවීමට හෝ ලිවීමට නොදන්නා කිසිදු අධ්‍යාපනයක් නොලද පුද්ගලයකු බව හෙතෙම පැවැසුවේය. අධ්‍යාපනයත් සමාජ මට්ටම සහ වටපිටාවත් පුද්ගලයකුගේ හැසිරීමට බලපාන බැව් සඳහන් කළ නීතිඥවරයා වයෝවෘද්ධ විත්තිකරුට ළිහිල්ව දඬුවම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සීයා තමාට සිදුකළ කරදරය සම්බන්ධයෙන් ඔහුට දඬුවම් නියම කරන අවස්ථාවේ තමාට කීමට යමක් තිබේදැයි විනිසුරුවරයා වින්දිත දැරියගෙන් ඇසූවිට ඇය පැවසුවේ ‘‘සීයාට දැඩිලෙස දඬුවම් ලබාදෙන්න’’ යනුවෙනි.

පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ සමදරි පියසේන මහත්මිය අධිකරණය අමතමින් මෙම සිදුවීමේදී දැරියට මෙන්ම ඇගේ මවටද බලවත් ශාරීරික හා මානසික වේදනාවක් ඇතිවූ බවද සිද්ධිය හෙළිදරව්වීමෙන් පසු දැරියට සාධාරණයක් ඉටුකරදීමට ඇගේ පියාගෙන් මවට කිසිදු සහයෝගයක් නොලැබුණ බවද සඳහන් කරමින් දැරියගේ මවටද විත්තිකරුගෙන් සුදුසු වන්දියක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියාය.

විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරු ප්‍රකාශකළේ විත්තිකරු කර ඇති සිද්ධිය ශිෂ්ට සමාජයේ වැඩිහිටියෙකු කිසිසේත්ම අනුමත නොකරන ම්ලේච්ඡු ක්‍රියාවක් බවය. එවැනි වරදක් කළ අයෙකුට ළිහිල්ව කටයුතු කිරීම යනු සමාජයට දෙන ඉතා වැරදි පූර්වාදර්ශයක් මෙන්ම මහජනයා අධිකරණය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දමන්නක්ද වන බවය.
විත්තිකරුට නියම කළ දඬුවම් අතර වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ 4 ක්ද ඇගේ මවට ලක්‍ෂ 1 ක් වන්දි වශයෙන් ගෙවීමටද වෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top