ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය ඉහළ යාමත් සමඟ එම සිදුවීම මුල්කරගනිමින් එරට රජය ඉල්ලාඅස්වීමට තීරණය කර තිබෙනවා.
ලෙබනනයේ දැවැන්ත පිපිරීමෙන් මියගිය සංඛයාව 200 ඉක්මවයි
2020-08-10 22:16:24
ලෙබනනයේ බේරූට් නුවර වරාය පරිශ්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරුමෙන් මිය ගිය සංඛ්‍යාව දැන් 200 ඉක්මවා තිබෙනවා.
එමෙන්ම, බේරූට් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ විදේශීය ශ්‍රමිකයන් ඇතුළු තවත් විශ්‍රාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබූ ටොන් 2750ක ඇමෝනියම් නයිට්‍රේට් තොගය පිපිරීමෙන් අඩි 150ක පමණ ගැඹුරු ආගාධයක් ද නිර්මාණය වී ඇති බව සඳහන්.
මේ අතර, පිපිරුමත් සමඟ මතු වූ ජනතා විරෝධය මැද ලෙබනන අධිකරණ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් 3 දෙනෙකු සහ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
පිපිරුමෙන් විනාශ වූ බේරූට් නගරය ප්‍රතිසංස්කරණය සඳහා ඩොලර් මිලියන 300ක මූල්‍යාධාර ලබාදීමට ලෙබනනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී එකඟ වී තිබෙනවා.