Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
ජාතික ලැයිස්තු ගැන විපක්ෂයේ තවදුරටත් මතභේද

- ජාතික ලැයිස්තු ගැන විපක්ෂයේ තවදුරටත් මතභේදHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,595 Views
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ලැයිස්තුව සකස් කිරීම සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර සාකච්ඡා ඊට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හතක් හිමිවුණා.

පරාජයට පත්වූ අපේක්ෂකයන් එම ජාතික ලැයිස්තුවට නම් නොකරන බව පක්ෂ නායකත්වය මේ වනවිටත් ප්‍රකාශ කර අවසන්.

එහෙත් ගැටළුව බවට පත්ව ඇත්තේ සෙසු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ඉල්ලා සිටීමයි.

මැතිවරණයට පෙර ඇති කරගත් එකඟතාවන්ට අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ලබාදිය යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඊයේ කියා සිටියා.

කෙසේ වෙතත් අද දිනයේදීත් ජාතික ලැයිස්තුව නම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේ පවතින යෝජනා තවදුරටත් සළකා බැලීම පක්ෂ නායකත්වය විසින් සිදුකරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවක්ද මේ වනවිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙනවා. ඒ, එහි නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ.

මහ මැතිවරණ දිනට පසුදින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

එවැනි පසුබිමක් තුළ පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් එම මන්ත්‍රී ධුරය සඳහා පත් කරනු ඇති බවටද වාර්තාවුණා.

ජාතික ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම අද දිනයේ සිදු නොවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

අපේ ජනබල පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමට තීරණය කළ බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම පක්ෂය ඊයේ නිවේදනය කළා.

තවත් හිමිවරුන් දෙදෙනෙකු සහ අපේක්ෂිකාවක්ද තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදිය යුතු බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්තිරත්න කුරුණෑගල අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඥාණසාර හිමිගේ නම මැතිවරණ කොමිසමට දැනුම්දුන් බවයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම පොදුජන පෙරමුණ තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 17 සඳහා නම් කරන ලද ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යොමුකරනු ලැබුවා.
දෙමළ ජාතික සන්ධානයද තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය මේ වනවිටත් නම් කර අවසන්.

මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සමඟ කටයුතු කිරීමට සූදානම් බව තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.

එම පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට හිටපු උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් තේරී පත්වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තුවේදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමඟ එකඟතාවයෙන් වැඩකිරීමට තම පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවයි.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරණ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට මෙවර මන්ත්‍රී ධුර දෙකක් හිමිවුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top