ලොව ප්‍රථම කොරෝනා එන්නත ලබන සතියේ ලියාපදිංචි කරන බව රුසියාව පවසයි.
මෙම එන්නත වැඩිදියුණු කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ද දායකත්වය ලබාදීම විශේෂත්වයකි.
මිනිසුන්ට අත්හදා බලා සාර්ථක වී ඇති මෙය කොරෝනාව සඳහා නිෂ්පාදනය වූ ලොව එකම සාර්ථක එන්නත වේ.
මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බවය.
මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කරන එම එන්නත පළමුවෙන් රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන්ට ලබාදෙන බව රුසියානු ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසයි.
රුසියානු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩ්ම් ටාරසෝව් පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවය.