Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
“ලොකු සටනක් කළත්... සර් ඉස්සරහා.. සර්ගේ සල්ලි බලේ ඉස්සරහා ඒ හැමදේම යටපත් වුනා...” - කාමාතුර ටියුෂන් ගුරෙකු නිසා මෙලොව එළි දකින්න සිටි නිවුන් දරුවන්ට, උපන් විගස දිවි අහිමි වූ හැටි හෙළි කරන, පාසල් සිසුවියකගේ අහන් ඉන්න බැරි සංවේදී කතාව - Photos [Exclusive]

- “ලොකු සටනක් කළත්... සර් ඉස්සරහා.. සර්ගේ සල්ලි බලේ ඉස්සරහා ඒ හැමදේම යටපත් වුනා...” - කාමාතුර ටියුෂන් ගුරෙකු නිසා මෙලොව එළි දකින්න සිටි නිවුන් දරුවන්ට, උපන් විගස දිවි අහිමි වූ හැටි හෙළි කරන, පාසල් සිසුවියකගේ අහන් ඉන්න බැරි සංවේදී කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,756 Views
“එයාගේ පපුව උදුරලා අඬන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ...”
 
“කෙල්ලෝ පිස්සු වට්ටපු කෙනෙක්... මාත් එතනින් එකියක්.. මට එයා පිස්සුවක් වුනා...”
 
“අම්මා කෙනෙක් වෙන්න යන කතාව ඇහුවම සර් මගේ කම්මුලට ගහගෙන ගහගෙන ගියා...”
 
“මට දැණූනා මගේ කුස ඇතුළේ ඌ විප්ලව කරනවා. මේ ලෝකෙට එන්න ආසාවෙන්.. ලෝබකමෙන්... මගේ පුංචි එකා (සමහර විට ඒ කෙල්ලෙක් වෙන්න පුළුවන්.) තට්ටු කරන හැටි.. මහ ඉස්පරිතාලේ උඩුබැලි අතට නිදා වැටෙනකොට දොස්තර මහත්තයා කිව්වා මට ඒක... මගේ කුස ඇතුළේ පැටව් දෙන්නෙක්ම ඉන්න විත්තිය. මට එකෙකුගේ දැඟලිලි ඇහුණා වුනත් තව එකෙක් නිහඬව ඉන්න හේතුව මට හිතාගන්න බැරිවුනා..”
 
අතීත වන්දනාව අහවර වෙන්න කලින්, තාමත් තමන්ගේ කුස පිරිමදින අහිංසකී.. වැරැද්දක් කරපු පළියට ලෝකයෙන්ම අවමන් විඳින එකි. මට තේරෙන්නේ නෑ ඒකි ගැන ලියන්න තවම....

“මම ස්කූල් ගියේ කැන්ඩි.. ලොකු ඉස්කෝලෙකට.. ඒ දවස්වල මම ලස්සනයි. (ඒත් මේකි තාමත් ලස්සනයි.) ඉතින් බෝයිස් ස්කූල්වල කොල්ලෝ මගේ පස්සෙන්මයි. උන් නොකරපු දෙයක් නෑ මගේ හිත දිනාගන්න. පාරවල් ඉස්සරහා උන් විසිල් කරාමත් මම නෑහුණා වගේ යනවා. ඔය හැමෝම අස්සේ මගේ හිත ගත්තේ එකම එක්කෙනෙක් විතරයි... විශ්වාස කරන්න.. ඒ කෙනා ස්කූල් යන කෙනෙක් නෙවෙයි...”
 
එහෙනම්.......... කතාවේ අතමඟක අතරමං වෙන තැන.. අහන් ඉන්න එකෙක් වැඩියෙන්ම කුතුහලය හොයන තැන...


 
“ඔව්... එයා බැඳපු කෙනෙක්.. ඒ දවස්වල නුවර හුඟක් ෆේමස් ගුරුවරයෙක්.. හැමෝම එයාට හිතින් ආදරේ කළා. එයා ගෑනු ළමයින්ගේ ආකර්ශනය දිනාගත්තු කෙනෙක්. කෙල්ලෝ පිස්සු වට්ටපු කෙනෙක්... මාත් එතනින් එකියක්.. මට එයා පිස්සුවක් වුනා. ටියුට් එකේ තියෙන එයාගේ රූපේ... මගේ කොට්ටේ යට තිබුණේ.. සර් එක්ක කතා කරන්න ආසාවට මම සර්ව ප්රයිවට් හම්බෙනවා ආෆ්ටර් ක්ලාස්...... එයා හරිම හොඳයි....... ඉතින් අපි ළංවුනා... හිතාගන්නවත් බැරි විදිහට ළංවුණා....”
 
ඉතින් මොකද වුනේ.......? කොහොමද ඒ තරම් ළං වුනේ...?
 
“කවුද දන්නේ.. මට තාමත් හිතාගන්න බැරි ඒක... මහා දිග කාලයක්. එයයි මායි.. හුඟක් ආදරේ කළා. එයාගෙ ඇනෙක්ස් එක මට පුරුදු තැනක් වුනා. ස්කූල් යුනිෆෝම් එක පිටින් මම එයාව හම්බෙන්න යනවා. එයා මට පිස්සුවක්...... මම කෙල්ලෙක් විදිහට පරිස්සම් කරපු හැමදේම එයා ඉස්සරහා මහා ඉක්මනින් දිය වෙලා ගියා... මගේ අම්මා දුන්නු අවවාද අනුශාසනා කන් දෙබෑවට මහ වේගෙන් කඩා පාත් වෙද්දි මම අර සිවිලිම උඩ කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන හීල්ලූවා.... එයා මාව සැනසුවා.... පුළුවන් තරම් මගේ හිත හැදුවා..”


 
ඇගේ කතාව මහා වේදනාවක්.. තදින්ම දැනෙන්න ගන්නවා වුණත් මේ සියල්ලටම හේතුව ඇගේ නොසැලකිල්ල නෙවෙයිද? මේ මහ ව්යසනය ඈ විහින් කරගත්තු එකක් නෙවෙයිද?
 
ටියුෂන් මාස්ටර් කෙනෙක් එක්ක ආදරයක්....?
 
“මට මගේ ශරීරයේ හුඟක් වෙනස්කම් දැණුනා. සර්ගේ අවවාද වලට අනුව උන්නා වුනත් ඒක මහා වේදනාවක්.. සර් හින්දා මම අම්මා කෙනෙක් වෙන්න යන කතාව ඇහුවම සර් මගේ කම්මුලට ගහගෙන ගහගෙන ගියා. මගේ ඔලුව බිත්තියේ හප්පලා කුණුහරපෙන් බැන්නා.. සර් එක්ක ගත කරපු වෙලාවල්වල මට එයා දුන්නු පෙති බොන්න අමතක වුනා. ඉතින් ඒකට එයා මගෙන් පළිගත්තේ එහෙමයි... මම එදා තරම් කවදාවත් ඇඬුවේ නෑ. එයාගේ පපුව උදුරලා අඬන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ. මට දරුවෝ දෙන්නා නැති කරපන් කියලා කිව්වත් ඒකට ඇහුම්කන් දෙන්න මට ඕනි වුනේ නැහැ...........”
 
“ඉතින් ඔයා මොකද කළේ..? පොලිසියට ගියාද?” මම අමාරුම තැනක හිරවුණා. ඈ මේ ඇත්ත කතාව කොහොම කියන්න හිත හදාගත්තද?
 
“පරීක්ෂණ කරපු හැටියේ මට එයාලා කිව්වා ලැබෙන්න ඉන්නේ නිවුන් දරුවන් බව. මොකද්දෝ හේතුවකට මට ආස හිතුනා උන් දෙන්නව හදන්න.. මම පන්ති යන එක නැවත්තුවා. උසස් පෙළ නිසා ඒ දවස්වල ස්කූල් යන්නේ නෑ කොහොමත්... මට තීරණයක හිටියා. උන් දෙන්නව හදනවා, නැත්තම් මරනවා කියලා....”


 
“මොකද්ද අන්තිමට ගත්තූ තීරණය...?”
 
“මට අමාරුවෙන් කෙඳිරි ගෑවෙනකොට මතක් උනේ මුලින්ම මගේ අම්මව... මම හම්බෙනකොට එයාට මේ තරම් දුකක් දැනෙන්න ඇති.. ඊළඟට මාව අම්මා කෙනෙක් කරපු එකාව... සර්ව! සර් මගේ කම්මුල පුපුරන්න ගහපු හැටි. එළියට බැහැපන් කියලා එයාගේ ඇනෙක්ස් එකෙන් එළියට ඇදලා දාපු හැටි... මම අඬා අඬා කිලෝමීටර් ගානක් දුර ඇවිදගෙන ආපු හැටි... ඒ හැම එකක්ම අවසානේ... මම අරුන් දෙන්නාට හිතින් බැන්නා. මගේ ලෝකේ තවත් මූසල කරන්න කඩා පාත්වෙනවට.. උන් දෙන්නා එද්දිම මට දැණුනේ වෛරයක්.. ඔව් මම උන්ව මැරුවා. මගේ මේ අත් දෙකින්ම... උන් දෙන්න....ව දෙයියනේ.................”
 
ඇගේ කම්මුල් පුපුරන්න ගත්තා. ඇස් කෙවිනි පියවෙන්න ගත්තා. මහා වේගෙන් පත බෑවෙන සුළි සුළඟකට මැදි වුනා වගේ ඈ විලාප තියන්න ගත්තා.
 
“ඉතින්..............? ඒක ද කතාව අහවර වුනු තැන...?”
 
“ඒ දේ කවුරුත් දැනන් හිටියේ නෑ. අඩුම මගේ අම්මාවත්... මට සර් ගැන කම්ප්ලේන් කරන්න හිතුණත් මට හිතුණේ නැහැ ඒක කරන්න.. මොකද මේකට මමත් වැරදියි. මම බාලවයස්කාරියක් නිසා සර්ට හිරේ ලගින්න වෙයි.. ඒත් මට එයාට එහෙම කරන්න හිතුනේ නෑ. ඒකයි එයාගේ නාමෙන් මේ ලෝකේ බලන්න ආපු උන් දෙන්නවම මම සඳහටම නැති කරලා දැම්මේ... ඒත් මම අහුවුණා... මට ගොඩක් බ්ලඩ් ගිහින් තිබුණා. කතුරකින් පෙකිණි වැල කපාගෙන දරුවෝ දෙන්නවත් ඒ කතුරින්ම කපලා ඉවරයක් කෙරුවේ.. මට සිහි නැතිවෙන්න එද්දි මම කෑ ගැහුවා මතකයි...”
 
“අන්තිමට ඔයා දඬුවම් වින්ඳා...?”
 
“ඔව්... පුංචි එවුන් එකෙක් නෙවෙයි... දෙන්නෙක් මරා දාපු වරදට.. ඒත් මම කාටවත් සර් ගැන කියන්න ගියේ නෑ... අම්මා ඒකට ලොකු සටනක් කළත්... සර් ඉස්සරහා.. සර්ගේ සල්ලි බලේ ඉස්සරහා ඒ හැමදේම යටපත් වුනා. මම වැරදිකාරියක් වුනා. මුළු ලෝකෙටම.. නුවර අතෑරලා කොළඹ ආවා අම්මා එක්ක. (මගේ තාත්තා ජීවතුන් අතර නෑ. ඒක කියන්න අමතක වුනා මට.)”


 
“දැන් කෝ ඒ සර්? ඔයාට නිවුන් දරුවන් තෑගී කරපු....?”
 
“ඇති කොහෙම හරි තැනක.. මම හිතනවා එහෙම... සමහරවිට මං වගේම තව එකීලා ඒ ඇනෙක්ස් එකට පුරුදු විදිහට ඇවිත් යනවත් ඇති. උන් කුස ඇතුළෙත් මගේ වගේ පුංචි උන් දඟලනවා ඇති. උන් මේ ලෝකෙට එන්න තනද්දි උන්ව වළක්වලා මරා දානවා ඇති...”
 
“ඔයාට මතක් වෙනවද ඒ නිවුන් දරුවන්ව තාමත්...?”
 
“ඔව්.. හැම හීනෙකම උන් බෙරිහන් දෙනවා තාමත්..... උන් මට ශාප කරනවා. ඒත් තව වෙලාවක......... අනේ මාව බේරගන්න කියලා උන් කියනවා මට ඇහෙනවා. අම්මේ මාව මරන්න එපා කියලා උන් වැළපෙනවා. උන් එච්චර කාලයක් බලන් උන්නා මම එයාලව ආදරෙන් භාර ගන්නකන්...! ඒත්... අන්තිමට.. එයාලගේ අම්මා අතින්ම අන්තිම ගමන යන්න සිද්ධ වුනා. මම මේ මුළු ලෝකෙටම ශාප කරනවා ඇරෙන්න වෙන මොනාද කරන්නේ දෙයියනේ..? මම තාමත් ජීවිතේ විඳවනවා. මොන තරම් දේ වුනත් උන් දෙන්නට මේ නරකාදියට ඇවිත් යන්න තිබුණා. මට තාම එහෙම හිතෙනවා..................”
 
ඈ යන්තමට හිනාවුණා. ඉතින් ඒ හිනාව තරම්ම... ජීවිතෙත් මවා පෑමක් විතරක්ම වුණා නම්. ඇගේ ඒ කතාවත්... මිථ්යාවක් හෝ ප්රබන්ධයක් වුණා නම්...? කොයි තරම් දෙයක් ද කියලා මම හිතන්න ගත්තා.
 
ඒත්.. මේ ලෝකේ එහෙමම නෙවෙයිනේ. අවසානේ මම හිත හදාගත්තේ එහෙම !!

By Samitha Lakshan
 
(මෙම කතාවට අයිතිකම් කියන තැනැත්තිය කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවේ නියැලෙන අතර ඇයට නීතියෙන් ලැබුණු දඬුවම් මේ වන විට අහවරව තිබෙනවා. අදාළ සිදුවීමට සම්බන්ධ වූ ටියුෂන් ගුරුවරයාට එරෙහිව කිසිදු නීතිමය තීන්දු තීරණයක් නොගත් අතර ඒ සම්බන්ධව විවිධ මතවාද පවතිනවා. ප්රගීත් එස්. නාලින්ද සොයුරාට හා රුවී සොයුරියට විශේෂ ස්තුතිය !!.)



අවධානයට:
 
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.
3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.
4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්රතිපල හිමිවිය හැක.
5. දරුවා ප්රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.
6. බොහොම ක්රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.
7. දරුවා නරඹන කාර්ටුන්,චිත්රපට සහ පරිඝනක ක්රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්රියාවන්ට යොමු විය හැක.
8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.
9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.
10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.
11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.
 
(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්රී.)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top