Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
"ඔව්, මම පෙම්වතියක්, ඔහු තමා මාව නිතරම ධෛර්යයමත් කරන්නේ..." - ඩිශ්නි රාජපක්ෂ සිය පෙම්වතා ගැන කියු දේ - Photos

- "ඔව්, මම පෙම්වතියක්, ඔහු තමා මාව නිතරම ධෛර්යයමත් කරන්නේ..." - ඩිශ්නි රාජපක්ෂ සිය පෙම්වතා ගැන කියු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,106 Views
විවාහය නම් ළඟදී සිදු වෙන එකක් නැහැ...
 
මම මෙගා නාට්‍යවලට කැමති නැහැ...
 
මම හරි පරිස්සම් වුණා ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙන්න. ප්‍රසිද්ධ වෙනවාට වඩා ගොඩක් වෙලාවට උත්සාහ කළේ හොඳ නිර්මාණවලට දායක වෙන්න. අනෙක් කාරණාව මම කරන වැඬේට හරියට කැපවෙනවා.
 
ඒ කැපවීම ඉවසීම වගේම තෝරා බේරා ගැනීම නිසා මට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා නිතරම හිතනවා. මෙහෙම කියන්නේ මේ දිනවල තරුණයින්ගේ සිත් වසඟයට පත් කරගෙන සිටින ඩිශ්නි උමාරියෝ රාජපක්ෂ... 

* ඩිශ්නි මේ දවස්වල විකාශය වන ටෙලි නිර්මාණයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරයක්ද? 
 
දැනට නම් ක්ෂේත්‍රයේ  අයගෙන් තමයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ප්‍රේක්ෂකයින් අතරට තවම මගේ චරිතය ගිහින් නැහැ. යමින් පවතිනවා. ක්ෂේත්‍රයේ  අය නිතරම කියන්නේ මගෙන් බලාපොරොත්තු විය නොහැකි රංගනක් ගැන තමයි කතා කරන්නේ.
 
* නවකයෙක් විදිහට ඔබට ලැබුණු මේ චරිතය ගැන මොකද හිතන්නේ?
 
මම හරි පරිස්සම් වුණා ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙන්න. ප්‍රසිද්ධ වෙනවාට වඩා ගොඩක් වෙලාවට උත්සාහ කළේ හොඳ නිර්මාණවලට දායක වෙන්න. අනෙක් කාරණාව මම කරන වැඬේට හරියට කැපවෙනවා. ඒ කැපවීම ඉවසීම වගේම තෝරා බේරා ගැනීම නිසා මට ලැබුණු හොඳ අවස්ථාවක් කියලයි හැ‍‍ෙඟන්නේ.
 
* නවකයෝ නිතරම බලන්නේ ජනප්‍රිය චරිත රඟපාන්න. ඔබ ටිකක් ගැඹුරු චරිතයක් භාර ගන්නවා. ඇයි ඒ?
 
මට මුලදී අවස්ථාව ලැබුණේ හරිම බොළඳ පෙම්වතියකගේ චරිතවලට. ඒවා නාට්‍යවල ප්‍රධාන චරිත තමයි. හැබැයි ගොඩක් වෙලාවට ඒ චරිත බොළඳ පෙම්වතියගේ චරිත. දිගටම ඒ වගේ චරිත ලැබෙන කොට මම පරිස්සම් වුණා ඒවාට නොයා ඉන්න. ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නපුරු චරිත රඟපෑවොත් දිගටම ලැබෙන්නේ නපුරු චරිත” ආදරණීය චරිත ලැබුණොත් දිගටම ලැබෙන්නේ ආදරණීය චරිත. මම කැමැති විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට යන්න.
 
* දැන් ඩිශ්නි මෙගා වැඩ භාර ගන්නේ නැද්ද?
 
දැනට නම් නැහැ. නමුත් සමහර විට මට ආස හිතෙන චරිතයක් ලැබුණොත් භාර ගනීවි. දැනට නම් මාව සංතෘප්ත වෙන විදිහේ චරිතයක් ලැබුණේ නැහැ. ඇත්තටම මම දැනට තියෙන්නේ අකැමැත්තක් තමයි.
 
* රඟපෑමට ආපු නිසා ගුරුවෘත්තියට සමු දෙන්න අදහසක් තියෙනවාද?
 
මම කරන්නේ මගේ පාසල පවත්වාගෙන යන එක. ඒකේ ගුරුවරියක් ඉන්නවා උගන්වන්න. නමුත් මම ඒකේ උගන්වන්නේ මගේ ආසාවට. මම කවදාවත් ගුරුවෘත්තියට සමුදෙන එකක් නැහැ. මම එච්චරටම ආසයි ළමයි එක්ක වැඩ කරන්න. ඒ වගේම මම ගුරුවරියන් පුහුණු කිරීමේ කථිකාචාර්යවරියක් විදිහටත් සේවය කරනවා.
 
* ඩිශ්නි වැඩ බදාගෙන කරන්න සූදානම් චරිතයක් නොවෙයිද?
 
නැහැ. මම එහෙම චරිතයක් නෙවෙයි.
 
* එතකොට ලැබෙන ආරාධනාවලට මොකද කරන්නේ?
 
ඇත්තට ම මට විවේක කාලයක ඒ ආරාධනාව ලැබෙනවා නම් මම ඒ වැඬේට කැමැති වෙනවා. නාට්‍ය දෙක තුන බදාගෙන කරන්න කැමැති නැහැ. නාට්‍ය විඳිමින් රඟපාන්න තමයි කැමැති. ඒක වධයක් කියලත් හිතන්න කැමැති නැහැ. අනික මම ඒ චරිතය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙනවා.
 
* පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ?
 
පෞද්ගලික ජීවිතය ගැන මතක් කළහම හුදෙකලාව ජීවත් වන චරිතයක්. මම හැමෝටම හරිම හිතවත්. නමුත් මට යාළුවෝ කියලා ගොඩක් නැහැ. ගොඩක් වෙලාවට තනියම තමයි ජීවත් වෙන්න කැමැකි.
 
* ඩිශ්නි පෙම්වතියක් නේද?
 
ඔව්. මම පෙම්වතියක්.
 
* පෙම්වතා ක්ෂේත්‍රයේ  කෙනෙක්ද?
 
නැහැ. ඔහු ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.
 
* ඩිශ්නි කරන කියන දේවලට පෙම්වතාගෙන් විරුද්ධත්වයක් නැතිද?
 
නැහැ. එයා තමයි මාව ධෛර්යමත් කරන්නේ. එයා මට කියනවා ඔය විදියට වැඩ තෝරන්න එපා කියලා. ලොකු සහයෝගයක් ලැබෙනවා.
 
* දැන්ම විවාහය ගැන හිතන්නේ නැත්ද?
 
විවාහය නම් ළඟදී සිදු වෙන එකක් නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතු තාම අවසන් නැහැ.
 
* ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි එහෙම තියෙනවද?
 
කැපිලි කෙටිලි ඇති. මම ඒ ගැන දන්නේ නැහැ. මම හරිම සුන්දරව සැහැල්ලූවෙන් ජීවත් වෙන චරිතයක්. මම ඒවා ගැන හොයන්න ගියොත් තමයි ඒ ගැන දැනගන්න ලැබෙන්නේ. මට දුක හිතෙන්නේ. ඇත්තට ම මම මේ ක්ෂේත්‍රයේ අය එක්ක නිතර ගැටෙන්න යන්නේ නැහැ. මම පාටිවලට යන්නේ නැහැ. මට යාළුවෝ ඉතා අඩුයි. ඉතාම සීමිත පිරිසක් ආශ්‍රය කරන්නේ.
 
දිනේෂ් විතාන
දිවයින, මීවිත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top