Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
09
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ, ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - Video

- නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ, ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views
නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා.

එම අවස්ථාවට  මහා සංඝ රත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටිනවා.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ඉන් අනතුරුවයි ජනාධීපතිවරයා ඉදිරියේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබුවේ.

දිවුරුම්දීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැළණිය පුද බිම වෙත පැමිණියා.

මෙවර මහ මැතිවරණය අගමැති මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ජය ගත්තේ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින්.

එම ඡන්ද සංඛ්‍යාව 527,364ක්.

සිව්වන වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහෝදරයින් හය දෙනෙකු සහ සහෝදරියන් තුන් දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් 18 වැනිදායී.

ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්ද සහ තර්ස්ටන් විද්‍යාලවලින්.

පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දෙන ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1970 වසරේ මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන්.

24 හැවිරිදි වියේ පසුවුණු මහින්ද රාජපක්ෂ එම පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා වුණා.

සිය දේශපාලන ගමන් මග තුළ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රැසක් මෙහෙය වූ ඔහු මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරෙකු වුණා.

1982 ජනමත විචාරණයේදී බෙලිඅත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග රජයේ කම්කරු ඇමති පදවිය මහින්ද රාජපක්ෂට හිමිවන අතර, පසුව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධූරයද ඔහු විසින් හොබවනු ලැබුවා.

විවිධ අමාත්‍ය ධූර තුළින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ මානුෂිකත්වයෙන් සටහන් වනවා.

2004 වසරේ පළමු වරට අගමැති ධූරයට පත්වන ඔහු 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

මහින්ද රාජපක්ෂ ජනපති ධූරයට පත්වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උතුර නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම තැනින් තැන තම මිලේච්ඡත්වය වපුරමින් සිටියා.

සාම සාකච්ඡා අසාර්ථක වූ තත්ත්වයක මාවිල්ආරු සොරොව්වද වසා දමා එල්.ටී.ටී.ඊ.ය ජනතාව පීඩාවට පත්කරද්දී ජනපති මහින්ද, ආරක්ෂක හමුදාවන්ගේ ශක්තියෙන් දහස් ගණනක් ජනතාවගේ පිපාසය සංසිඳුවන මානුෂීය මෙහෙයුම ඇරඹුවා.

එය අවසන් වූයේ සේනාධිනායකයා ලෙස ඔහු තිස් වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි 18 වැනිදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සැබෑ සාමය උදා කිරීමෙන් අනතුරුවයි.

2018 ඔක්තෝම්බරයේදීද යළි අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයට පත්වීමෙන් පසු නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top