දෙමළ ජනතාවට සමානාත්මතාවය ප්‍රමුඛ කොටගෙන නීතිය හා ගෞරවය ලබාදීමට කටයුතු කරන්නේ නම් නව රජය සමග එක්ව ඉදිරියට යාමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.
ත්‍රිකුණාමලයේ පැවති ආගමික උත්සවයකින් අනතුරව ඔහු මේ බව සඳහන් කළා. දුන් තීන්දු ක්‍රියාත්මකවෙලා නැහැ කියලා ජනතාව අතර කලකිරීමක් තියෙනවා. ඒවගේම සංවර්ධනය ගැන ජනතාව අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඊළඟ රජය පත්වන්නේ පොදුජන පෙරමුණෙන්. අපේ ස්ථාවරය රටේ දීර්ඝකාලීන සාමකාමී තත්ත්වයක් පවත්වන්න. දෙමළ ජනතාවට සමානාත්මතාවය ප්‍රමුඛකොටගෙන නීතිය හා ගෞරවය ලබාදුනහොත් නව රජය සමග එක්ව ඉදිරියට යන්න ලෑස්තියි. ඒ මතයේ කිසි වෙනසක් නැහැ.
පවතින රජය මේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන ආකාරය අනුව තමයි එය රඳා පවතින්නේ. රජය අනෙක් පාර්ශ්ව සමග එකඟතාවයට පැමිණ අපේ සහයෝගයත් අරගෙන දේශපාලන තීන්දු ගැන ක්‍රියා කළොත් ඒකට අපි පූර්ණ සහයෝගය ලබාදෙනවා.