Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
"සෞඛ්‍ය අංශ සහ අයි.සී.සී.ය අපට උපදෙස් මාලාවක් දීලා තියෙනවා, ඒ අනුවයි අපි වැඩ කරන්නේ.." - මෙරට ක්‍රිකට් ලෝලීන් බලා සිටින LPL තරගාවලිය පවත්වන හැටි මෙන්න

- "සෞඛ්‍ය අංශ සහ අයි.සී.සී.ය අපට උපදෙස් මාලාවක් දීලා තියෙනවා, ඒ අනුවයි අපි වැඩ කරන්නේ.." - මෙරට ක්‍රිකට් ලෝලීන් බලා සිටින LPL තරගාවලිය පවත්වන හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,113 Views
ප්‍රේක්ෂකයින් තරග බලන්න එන්න බෑ...
 
ගුවන්තොටුපළ සාමාන්‍ය ලෙස විවෘත වෙලා නැහැ..
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන් සියලූ දෙනාම දින 14 ක නිරෝධායනයකට යටත් කිරීමෙන් පසුව කණ්ඩායම්වලට එක්කර ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව දෙන ලද උපදෙස් අනුව විදෙස් ක්‍රීඩකයන් නිරෝධායනයකට ලක්කර තිබේ. මේ අතර ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් තොරව තරගාවලිය පැවැත්වීමටද සැලසුම් කර ඇති අතර සියලූම නිරෝධායනයට ලක්වන ක්‍රීඩකයන් එකම හෝටලයක නවාතැන් ගැන්වීමටද සැලසුම් කර තිබේ.
 
‘‘සෞඛ්‍ය අංශ අපිට උපදෙස් මාලාවක් දීලා තියෙනවා. ඒ වගේම අයි.සී.සී.ය ත් එයාලගේ උපදෙස් දීලා තියෙනවා. මේ සියලූ සෞඛ්‍ය උපදෙස් මත තමයි, අපි එල්.පී.එල්. තරගාවලිය පවත්වන්න සූදානම් වෙන්නෙ. ක්‍රීඩකයන්ට නිරෝධායනය තුළ පුහුණුවීම් කරන්න පුළුවන් ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතනදි ක්‍රීඩාංගණයත් හෝටලයත් අතර විශේෂ ක්‍රමයකට එම පුහුණුවීම් සිදුකරනවා. අපේ රටේ කොරෝනා පාලනය ඉතාමත් හොඳින් සිදුවෙන නිසා අපි සෞඛ්‍ය අංශයේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් තමයි තරගාවලියට සහභාගී වන්නේ. විදෙස් ක්‍රීඩකයන්ට අපි ඒ බව දැනුවත් කරලා තමයි තරගාවලියට සම්බන්ධ කර ගන්නේ.’’ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු කළ විමසීමකදී පැවසීය.
 
තරගාවලියේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම මගින් ඉදිරියට යෑම සම්බන්ධව සොයා බැලීමට අටදෙනකුගෙන් යුත් කමිටුවක්ද පත්කර තිබේ. ඒ අනුව සියලූම කණ්ඩායම්වලට සෞඛ්‍ය නීති රීති ඇතුළත් මාර්ගෝපදේශයක් ලබාදෙමින් තරගාවලියේ පුහුණුවීම්, ඉන් පිටතදී සිටිය යුතු ආකාරය මෙන්ම තරගවලට සහභාගි විය යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කරනු ලබයි.
 
කොරෝනා වසංගතය හමුවේ ක්‍රිකට් තරග නැවතී තිබෙන මොහොතක එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහේම ක්‍රීඩකයන්ව කෝවිඩ් 19 පරීක්ෂණයකටද ලක්කර යුතුවේ. මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීමට විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සිය ඒජන්තවරුන් මාර්ගයෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එහිදී ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඔවුන්ට ලබාදෙන මුදල් සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසිනි.
 
 කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් හය දෙනා බැගින් ඇතුළත් කළ හැකි වුවද ක්‍රීඩා කළ හැක්කේ ක්‍රීඩකයන් සිව්දෙනකුට පමණි. තරගාවලියේ සියලූම කණ්ඩායම් නම් කිරීම සහ පුහුණුකරුවන් නම් කිරීම ඉදිරි සතියේදී අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.
 
මේ අතර එල්.පී.එල්. තරගාවලියේ විකාශන අයිතිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විකාශන සමාගමක් වන ඉනෝවේටිව් ප්‍රඩක්ෂණ ගෘප් අත්කරගෙන ඇතැයි වාර්තා වේ. අදාළ විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එම සමාගම අතර වසර පහක ගිවිසුමක් අත්සන් කර ඇතැයි වාර්තා වේ. එම විකාශන අයිතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක පමණ ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 ලොව පුරා පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි රැසකම විකාශන අයිතිය හොබවන අයි.පී.ජී. ආයතනය දකුණු අප්‍රිකාව, පාකිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ක්‍රියාත්මක ප්‍රිමියර් ලීග් තරගාවලි කිහිපයකම විකාශන අයිතිකරු වේ.
 
විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියෝග රැසකට මුහුණ දී සිටින අතර එහිදී ගුවන් ගමන් නවතා ඇති රටවල සිට ශ්‍රී ලංකාවට ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමත් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ සාමාන්‍ය පරිදි විවෘත නොවීමත් ප්‍රධාන ගැටලූ වේ. කෙසේ වෙතත් තරග 23 කින් සමන්විත එල්.පී.එල්. තරගාවලිය තරග 23 කින් සමන්විත අතර එහිදී එක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායම සමග තරග දෙකකට සහභාගි වේ.
 
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top