Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
"අපි හිතන ‍පතන දේවල් නෙ‍‍වෙයි ජීවි‍තේ ‍වෙන්නේ, ඇලීම් කියන්නේ කොහොමත් වේදනාවක්.." - නිල්මිණි තෙන්නකෝන්

- "අපි හිතන ‍පතන දේවල් නෙ‍‍වෙයි ජීවි‍තේ ‍වෙන්නේ, ඇලීම් කියන්නේ කොහොමත් වේදනාවක්.." - නිල්මිණි තෙන්නකෝන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,428 Views
ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන්න කාලාන්තරයක් පුරා මා බලාපොරොත්තුවෙන් හිටපු කාර්යයක්. නමුත් කා‍ලෙන් කා‍ලෙට සිදුවන දේවල් නිසා ඒ බලා‍පො‍රොත්තුව ඉටු කරගන්න තවම හැකියාවක් ලැබු‍ණේ නැහැ. ඒ නිසා ඒ බලාපොරොත්තුව ඒ විදිහටම තියා‍ගෙන ළඟදීම ටෙලි චිත්‍රපටයක් කරන්න සූදානමින් සිටිනවා. එහි මූලික කටයුතු මේ දිනවල සිදු ‍වෙනවා.

කො‍රෝනා කාලේ නැවැතුණු වැඩ යළි ඇරැඹුණාද?
කොරෝනා නිවාඩුව පටන් ගන්න කලින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ' කදිර දිව්‍ය රාජ' චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණා. එය මම ඉතාම ආසාවෙන් නිරූපණය කළ චරිතයක්. ඒ කා‍ලෙදිම සහ ඉන් පසුව ආරම්භ කළ වැඩ කටයුතු රැසක් අතරමග නතර වුණා. ඒ වැඩ කටයුතු කිහිපයකට නැවත සම්බන්ධ වීමේ සූදානමක් ති‍බෙනවා.. කලාවට අමතරව මම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් පසුගිය දා ම‍ගේ අලුතෙන් සැලොන් එකක් ආරම්භ කළා. ඒ වැඩ කටයුතු එක්ක තමයි තරමක් කාර්යබහුල වු‍ණේ. නමුත් කලාව සහ ව්‍යාපාරය දෙකම සමබරව කරගෙන යනවා.

ඔබේ ආදරණීය දියණිය ශ්වේතා විදෙස් ගත වෙන්න සූදානමින් ‍නේද?
ඔව්. ඇය විද්‍යා විෂය ධාරා‍වෙන් උසස් පෙළ හදාරන්න විදෙස් ගතවීමේ සූදානමක ඉන්නවා. නමුත් ලෝකය පුරා උද්ගත වූ තත්ත්වය එක්ක ඒ සැලසුම තරමක් ප්‍රමාද වුණා. නුදු‍රේදීම ඇය වි‍දෙස් ගත ‍වේවි.

ඔබත් ඇයත් සමඟම විදෙස් ගත ‍වේවිද?
මමත් ඇය සමඟ විදෙස් ගත ‍‍වේවි. නමුත් ඇය සමඟ දිගින් දිගටම එහි රැ‍‍‍‍‍ඳෙන්න මට බැරි ‍වේවි. රංගනය කියන්නේ මගේ ජීවිතය හා බද්ධ වූ තවත් දෙයක්. ඒ නිසා රංගනයෙන් ඈත්ව ඉන්න මට හැකි ‍වෙන එකක් නැහැ. අ‍‍නෙක මගේ ව්‍යාපාර කටයුතු අතරමඟ නවත්වන්න බැහැ. මම මේ වෘත්තීන් දෙකෙහිම නිරත වෙන්නෙත් ම‍ගේ දුවට ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒ කටයුතු ‍වෙනු‍වෙන් මට ලංකා‍වේ රැඳී ඉන්න සිදු වුණත් පුළුවන් හැම‍ වෙ‍ලේම දුව ළඟට ගිහින් ඇයව බලලා එන්නයි ම‍ගේ බලාපොරොත්තුව.

ශ්වේතා අනාග‍තේදී වි‍දෙස් රටකම පදිංචි ‍වේවිද ?
අපි හිතන ‍පතන දේවල්ම ‍නෙ‍‍වෙයි ජීවි‍තේ ‍වෙන්නේ. ඉතින් ‍හෙට දවස ගැන ‍කො‍හොම කියන්නද... ඇ‍ය තමයි ඇගේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්නේ. ඉතින් ඉදිරි‍යේදි ඇය ගත යුතු තීරණය ඇය ‍තෝර ගනීවි.

දරුවකුට ලැබිය යුතු නිදහස ඔබ ඇයට ‍ලෝබ නැතිව දීලා ති‍යෙනවා ව‍ගේ?
මම ඇයට මඟ පෙන්වනවා මි‍සෙක කිසිම බලපෑමක් කරන්නේ නැහැ. දරු‍වකුට ‍මව්පියන් ගැන ති‍යෙන්න ඕ‍නේ ‍ගෞරවයක් මිසක් බයක් ‍නෙ‍වෙයි. ඉතින් අපි ‍දෙන්නා අත‍රේ ‍දෙන්නාටම ඒ ‍ගරුත්වය ති‍යෙනවා. ඇය ‍හොඳ දැක්මක්, බුද්ධියක් ති‍යෙන ‍ගොඩාක් ‍පොත පත කියවන කෙනෙක්. තීරණ ගැනී‍මේ දී මට වැඩිය ‍ගොඩාක් ‍හොඳට කල්පනා කරලා බුද්ධිමත්ව ජීවත් ‍‍‍වෙන්න පුළුවන් දරු‍වෙක්. ඇය මට නිතරම කියන්නෙත් “ අම්මි ‍මේ සමා‍ජේ හරි ‍වෙනස් ඒක ‍තේරුම් අරන් මිනිස්සුන්ට ‍නොරැවටි ඉන්න “ කියලයි.

ශ්වේතාගේ දුරස් වීම ඔබට කොහොම දැනේවිද ?
අදටත් ‍ගෙදරින් එළියට යන‍කොට දුව‍ගෙන් හාදුවක් නැති වු‍ණොත් එය මට ලොකු අඩුවක් ව‍ගේ දැ‍නෙන්නේ. ඇය මාව සිප ගත්තම ඒ සුවඳ මුළු දවස පුරා මා ළඟ තියෙනවා. ඉතින් ‍මේ දවස්වලත් එළියට බහින්න ලෑස්ති ‍වෙලා දුව‍ගෙන් ඒ සුපුරුදු හාදුව ඉල්ලූවාහම ඇය ම මගෙන් අහනවා “අම්මි මම ගියාම මොකද වෙන්නේ “කියලා. ඒ ‍වෙලාවට මට මහ කම්පනයක් දැ‍නෙනවා. ඒ තරමටම ඇය මගේ ජීවිතයට බද්ධයි. අපේ ධර්මයට අනුව කියන්නෙත් ඇලීම් සහ ගැටීම් වේදනාවක් කියල‍නේ. ගැටීම් කොහොමත් වේදනාවක්. මමත් දුවත් සිටින්නේ ඇලීමකින්. දුරස් වීමකදී ඇලීම ගැටීමකට වඩා වේදනාවක් බව දැනෙනවා.

කලාවට ඇ‍ගේ කැමැත්තක් නැතිද?
පුංචි කා‍ලේ ඉඳලම ‍මේ වතතුරුත් ප්‍රවීණ චිත්‍රපට, ‍ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු ඇයට නිර්මාණ රැසකට ආරාධනා කළා. නමුත් මං හිතන්නේ ශ්වේතා තවම ඒ පැත්තට සූදානම් නැහැ. දැන් නම් ඇය ‍වෙ‍ළෙඳ දැන්විම්වල ‍පෙනී ඉන්න කැමැතියි. ශ්වේතට ‍හොඳට සින්දු කියන්න පුළුවන්. ඇය සංගීතයට හරිම දක්ෂයි. සමහර විට ඉදිරි‍යේදී ඇය කලාවට සම්බන්ධ ‍වේවි.

ශ්වේතා ගැන ඔබට හීන ඇති?
මට ඇය ගැන ලොකු හීන නැහැ. උසස් පෙළට ඇය විද්‍යා විෂය තෝරා ගන්නේ වෛද්‍යවරියක් ‍වෙන්න ඇයට ති‍බෙන හීනය නිසා. ඒ සිහිනය ඇය හැබෑ කර ගනීවි කියලා මම හිතනවා. මම හැම මොහොතකම දුවට කියන්නේ මානසිකව තෘප්තිමත් විය හැකි හීන දකින්න කියලයි. මනසේ සැහැල්ලුව නැතිනම් වෙන මුකුත් තිබුණාට වැඩක් නැහැ.

සිළුමිණ - රසදුන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top