Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
ලෙබනනයේ පිපුරුම මිසයිලයකින් දැයි සැකයක්

- ලෙබනනයේ පිපුරුම මිසයිලයකින් දැයි සැකයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,775 Views
ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සැලසීම සදහා සිය කාර්යාලය දිනපතා විවෘතව පවතින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මෙම පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් තිදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි එරට තානාපති කාර්යාලය සදහන් කළේ.

මේ වනවිටත් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් තානාපති කාර්යාලය වෙත යොමුව නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කරන බව ද සදහන්.

බලපෑමට ලක්වූ පිරිස්වලට වියළි සලාක ලබාදීමේ වැඩපිළිවෙලක් ද අඛන්ඩව සිදුකෙරෙන බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ.

මේ අතර, පිපිරීමෙන් බලපෑමට ලක්වූවන්ගේ තොරතුරු විමසීම් සිදුකිරිම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ලබාදී තිබෙනවා. 096 157 69 585 යන දුරකථන අංකය ඔස්සේ අදාළ විමසීම් සිදුකළ හැකි බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

බීරූට් වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබූ ටොන් 2,750 ක ඇමෝනියම් නයිට්‍රේට් තොගය මගින් පසුගිය 3 වනදා ඇති කළ පිපිරුම ජපානයේ හිරෝෂිමා නුවරට ඇමරිකාව හෙලූ පරමාණු බෝම්බයේ පිපිරුම් බලයෙන් දහයෙන් එකක් පමණ වන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

එමඟින් බීරූට් නගරයට ඉමහත් විනාශයක් සිදුවූ අතර, මියගිය සංඛ්‍යාවද මේ වනවිට 157 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව ද 5,000 කට අධිකයි. නිවාස අහිමිව අවතැන්වූ සංඛ්‍යාව තුන්ලක්ෂය ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරුම නොසැලකිල්ල නිසා සිදුවූයේ ද, හදිසි අනතුරක් ද නැතිනම් බාහිර බලපෑමක් නිසා සිදුවී ද යන්න පිළිබද පරීක්ෂණයක් පවත්වන බව ලෙබනන ජනාධිපති මයිකල් අවුන් ප්‍රකාශ කළා.

පිපුරුමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් හදුනාගෙන නැහැ. එහෙත් එය මිසයිල ප්‍රහාරයක් හෝ බෝම්බ ප්‍රහාරයක් හෝ වෙනත් ආකාරයේ ප්‍රහාරයක් විය හැකි බව ද ඔහු කියා සිටියා.
කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉල්ලා සිටින පරිදි පිපුරුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ලෙබනන ජනාධිපතිවරයා අවධාරණය කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top