බොලිවුඩ් නළුවකු, චිත්‍රපට නිෂ්පාදකයකු හා මෝස්තර නිර්මාණ ශිල්පියකු වන අෆ්ටාබ් ශිව්දාසනි (Aftab Shiv Dasani) හා ඔහුගේ ආදරණීය බිරිය වන නින් දුසාන්ජ් (Nin Dusanj) කුලුඳුල් දරු උපතක සුරතල් බලන මාපිය යුවළක් බවට පත්ව සිටිති.
මේ වන විට 42 හැවිරිදි වියේ පසුවන අෆ්ටාබ් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ සිය දියණියගේ උපත ගැන සටහනක් තබමින් එම සතුටුදායක පුවත ලොවට දැනුම් දුන්නේය.
"දිව්‍ය ලෝකයෙන් ඩිංගක් පොළොවට එවලා. දෙවියන්ගේ ආශීර්වාදය සමඟ" යනුවෙන් අෆ්ටාබ් ලියූ එම සටහන සමාජ ජාලයට එක්කොට තිබුණේ බිලිඳියගේ දෙපා වටා තමා හා බිරියගේ අත් හදවත් හැඩයට තැබූ රූප රාමුවක්ද සමඟිනි. තමා හා බිරිය නින් දුසාන්ජ් සතුටින් කුල්මත්ව සිය දියණියගේ උපත ගැන දන්වා සිටින බවද ඔහු සටහන් කළේය.
"අපි සාඩම්බර මාපියන් බවට පත් වුණා. අපේ පවුල තිදෙනකුගේ පවුලක් වුණා" යැයිද ඔහු සඳහන් කළේය.
2014 ජුනි මාසයේදී සරල චාරිත්‍රානුකූල උත්සවයකදී විවාහ වූ මේ යුවළ 2017 දී ශ්‍රී ලංකාවේ දී දෙවැනි වරටත් චාරිත්‍රානුකූලව විවාහ මංගල උත්සවයක් පවත්වමින් තම විවාහය නැවත අලුත් කළහ.
1978 දී උපත ලද අෆ්ටාබ් ශිව්දාසනී මාස 14දී Farex ළදරු ආහාර සමාගම විසින් Farex Baby ලෙස තෝරාගන්නා ලදී. එතැන් සිට විවිධ රූපවාහිනි දැන්වීම්වල පෙනී සිටි ඔහු ළමා රංගන ශිල්පියකු ලෙස රංගන වෘත්තියට පිවිසෙමින් Mr. Indiaහි 1987 දී ද Shahenshahහි 1988දීද, Awwal Numberහි 1990දීද, C.I.D.හි 1990දීද ධ්දඵචදඪරචබහි (1994) දී ද රඟපෑවේය.
1999 දී තිරගත වූ Ram Gopal Varmaගේ Mast චිත්‍රපටයේ රඟපාමින් හොඳම ආධුනික නළුවාට හිමි සම්මානය දිනාගත් අෆ්ටාබ් 2001දී Kasoor චිත්‍රපටයේ රඟපාමින්ද සම්මානයට පාත්‍ර වූයේය. 2004 දී තිරගත වූ Masti චිත්‍රපටයේදී හොඳම විකට නළුවාට හිමි බොලිවුඩ් සම්මානය දිනාගැනීමට ඔහුට හැකි විය.
අෆ්ටාබ්ගේ අතගත් නින් දුසාන්ජ් බි්රතාන්යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ඉන්දීය කාන්තාවකි. ඇය ජාත්‍යන්තර තලයේ නම රැන්දූ ඉන්දීය නළුවකු වන කබිර් බෙඩි (Kabir Bedi)ගේ බිරිය වන ප්‍රවීන් දුසාන්ජ් ගේ එක්කුස උපන් සහෝදරියයි.