Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට රටවල් රැසකින් සුබපතයි - ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙනුත් ට්විටර් පණිවිඩයක් - Video

- පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට රටවල් රැසකින් සුබපතයි - ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙනුත් ට්විටර් පණිවිඩයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,899 Views
මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලැබු විශිෂ්ට ජයග්‍රහණයට ඇමරිකාව, ඉන්දියාව,මාලදිවයින ඇතුළු රටවල් සුභාශිංසන එක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වෙත ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ දෙරට අතර, සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශවීය සබඳතා ඉහළ නැංවීමට එක්ව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, කොවිඩ් වසංගතය හමුවේ එල්ල අභියෝග තිබියදි සමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණයක් පැවැත්වීමට ගැන ශ්‍රි ලංකාවට සුබ පැතුම් එක්කරන බවයි කොළඹ ඇමරිකානු තනාපති කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශාහිඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක්කර තිබෙනවා.

එරට ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයට සුභාශිංශන එක්කළා.

නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මාද දුරකථන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර තිබෙනවා.

මෙරට 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගත්තා.

ඒ අනුව සියයට 59.09ක් එනම් ඡුන්ද 68 ලක්ෂ 53,690ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 145ක්.

සියයට 23.9ක් එනම් ඡන්ද 27 ලක්ෂ 71,980ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 54 ක් ලබා ගත්තා.

සියයට 3.84 ඡන්ද ප්‍රතිශතයක් එනම්, ඡන්ද හාරලක්ෂ 45,958 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3 ක්.

පසුගිය මහ මැතිවරණයේදී ඔවුන්ට මන්ත්‍රී ආසන 6 ක් හිමි වුණා.

සියයට 2 යි දශම 8 යි 2 ක ඡන්ද ප්‍රතිශතයක් එනම් ඡන්ද තුන්ලක්ෂ 27,168ක් ලබා ගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට මෙවර හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 10ක්. 

2015 මහ මැතිවරණයේදී මොවුන්ට මන්ත්‍රී ධූර 16 ක් හිමිව තිබුණා.

එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සියයට 2 යි දශම 1 යි 5ක එනම්, ඡන්ද දෙලක්ෂ 49,435ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ආසනයකට පමණක් හිමිකම් කියනවා.

ඊ.පී.ඩි.පී. සංවිධානයට සහ අහිල ඉලංකෙයි ටැමිල් කොංග්‍රසයට මන්ත්‍රී ධූර දෙක බැගින් හිමි වූ අතර, අපේ ජන බල පක්ෂයට, තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, මුස්ලිම් ජාතික සන්ධානයට, තමිල් මක්කල් තේසීය කූට්ටනි, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට, ජාතික කොංග්‍රසයට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබෙනවා.

මේ අතර, ඉතිහාසයේ වැඩිම මනාප හිමිකරගැනීමේ වාර්තාවක් තබමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත්තා.

ඒ, පන්ලක්ෂ 27,364 ක්.

සමගි ජනබලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන 4 ක් හිමිවූ අතර, එහි වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ඇත්තේ නලින් බණ්ඩාරයි. ඒ, මනාප 75,631 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 12 ක් හිමි වූ අතර, සමගි ජනබලවේගයට හිමිව ඇති ආසන සංඛ්‍යව 6 ක්.

ජාතික ජන බලවේගය එක් ආසනයක් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකරගත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සරත් වීරසේකරයි.

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව තුන්ලක්ෂ 28,092 ක්.

ඡන්ද ප්‍රතිඵලවලට අනුව සමගි ජනබලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර හයක් හිමිකරගත්තා.

එහි නායක සජිත් ප්‍රේමදාස පළමු ස්ථානයට පැමිණි අතර, ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව තුන්ලක්ෂ 5,744 ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට එක් මන්ත්‍රි ධුරයක් හිමිව ඇති අතර, එය හිමිකරගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයි. 

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 49,814 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 13 ක්.

නාලක ගොඩහේවා මනාප තුන්ලක්ෂ 25,479 ක් ලබාගනිමින් මුල්තැනට පැමිණියා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට මන්ත්‍රී ධුර 4 ක් හිමිව තිබෙනවා.

ඒ අනුව එහි පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

ජාතික ජනබලවේගයටද එක් මන්ත්‍රි ධුරයක් හිමිවූ අතර, එය ලබාගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකට හිමිව තිබෙනවා. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව එක්ලක්ෂ 47,958 ක්.

සමගි ජනබලවේගයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ රාජිත සේනාරත්නයි. ඔහු මනාප 77,476 ක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව එහි පළමු ස්ථානය හිමිකර ගත්තේ මනාප එක්ලක්ෂ 66,660 ලබාගත් නාමල් රාජපක්ෂයි.

සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූරය දිනාගෙන ඇත්තේ මනාප 23,376 ක් ලබාගත් දිලිප් වෙදආරච්චියි.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6ක් හිමි වනවා.

එහි පළමු තැන මනාප එක්ලක්ෂ 31,010ක් ලබා ගත් නවකයෙකු වූ නිපුන රණවක හිමිකර ගත්තා.

සමගි ජන බලවේගයට හිමිව ඇති එක් මන්ත්‍රී ධුරය සඳහා මනාප 44,839ක් ලබා ගත් බුද්ධික පතිරණ තේරී පත්ව තිබෙනවා.

මනාප දෙලක්ෂ 5814 ක් ලබා ගනිමින් වෛද්‍ය රමේෂ් පතිරණ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් හිමි වූ අතර එය මනාප 50,097ක් ලබා ගත් ගයන්ත කරුණාතිලක සහ මනාප 47,399ක් ලබා ගත් මනූෂ නානායක්කාරට හිමිව තිබෙනවා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනයි. ඒ, මනාප එක්ලක්ෂ 39,368ක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලෙස එක්ලක්ෂ 11,137ක් හිමිකර ගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්කයේ ප්‍රථමස්ථානය හිමි කරගෙන තිබෙනවා.

මේ අතර, සමගි ජන බලවේගයට ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක් ආසනයක් ලබාගෙන ඇති අතර එය හිමි කරගෙන ඇත්තේ කිංස් නෙල්සන් විසින්. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 22,392ක්.

පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ජයග්‍රාහී පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සනත් නිශාන්ත පෙරේරායි.

ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 80,002 ක්. ප්‍රියංකර ජයරත්න මනාප 74,425 ක්.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් හෙක්ටර් අප්පුහාමි මනාප 34,127 ක් හිමිකරගෙන ඇති අතර, නිරෝෂන් පෙරේරා ලබාගෙන ඇති මනාප 31,636ක්.

මේ අතර, මනාප එක්ලක්ෂ 28,592ක් ලබා ගත් කනක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ කබීර් හෂීම් මනාප 58,716 ක් ලබාගත්තා.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමට හිමිව තිබෙනවා.

ඒ, මනාප එක්ලක්ෂ 71,758ක් හිමිකරගනිමින්. එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 4ක් හිමි කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් වැඩිම මනාප ලබාගෙන තිබෙනවා.

ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව එක්ලක්ෂ 9155ක්. පලනි දිගම්බරන් මනාප 83,392ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එමෙන්ම, මොණරාගල දිස්ත්‍රික්කයේහි ප්‍රථම ස්ථානය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් හිමිකරගෙන තිබෙනවා.

ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව එක්ලක්ෂ 4729ක්. මේ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ එක් ආසනයක් පමණයි.

එය ධර්මසේන විජේසිංහ විසින් හිමිකරගෙන ඇත්තේ මනාප 20,662ක් ලබා ගනිමින්.

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මනාප එක්ලක්ෂ 41,901ක් ලබා ගනිමින් මුල් තැනට තේරී පත්වී තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් හිමි වන අතර, මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය ඡන්ද 43,759ක් ලබා ගත් එම්.එස්. තව්ෆික්ට හිමිවුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ද එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇති අතර, එය මනාප ඡන්ද 21,422ක් ලබා ගත් ආර්. සම්බන්ධන්ට හිමි වුණා.

ඒ අනුව, අවුරුදු 86 ක් වයසැති ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවට තේරී පත්වන වයස්ගතම පුද්ගලයා වනවා.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව තමිල් අරසු පක්ෂයේ රාහුල් රාජපුත්තිරන් මනාප 33,332ක් සහ කෝවින්තන් කරුණාකරම් මනාප 26,382ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 

යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයට හිමි වූ මන්ත්‍රී ධූර තුනෙන් මනාප 35,884 ක් හිමිකරගත් එස්.ශ්‍රීධරන් එහි පළමු ස්ථානයට පත්වුණා.

එම්.ඒ. සුමන්දිරන් මනාප 27,834 ක් ලබා ගනිමින්. නිදහස් පක්ෂය යටතේ තරඟ කළ අංගජන් රාමනාදන් මනාප 36,365 ක්ද, ඊ.පී.ඩි.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මනාප 32,146 ක්ද ලබාගත් අතර, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූරය දිනාගත්තේ මනාප 21,554 ක් හිමිකරගත් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්.

වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික්කය ජයගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චාර්ල්ස් නිර්මලනාදන් මනාප 25,688 ක් හිමිකරගෙන ඇති අතර, ඒ.අඩෙක්කලනාදන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 18,563 ක්.

සමගි ජන බලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන්ද මනාප 28,203 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පවිත්‍රාදේවි වන්නිආරච්චිචි. ඇය මනාප දෙලක්ෂ 977ක් ලබාගෙන ඇති අතර පසුගිය දා මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මනාප එක්ලක්ෂ 42037ත් ලබා ගනිමින් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පෙරමුණ ගත්තේ මනාප 60,426ක් ලබා ගත් හේෂා විතාරණයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ ප්‍රථමස්ථානයට ජනක බණ්ඩාර තෙන්නකෝන් පත්ව තිබෙනවා.

ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 73,296ක්. මාතලේ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව ඇති අතර, එය ඡන්ද 27,587ක් ලබා ගත් රෝහිනී කවිරත්න හිමි කරගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top