එක්සත් ජාතික පක්ෂය, ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යූහගත කර නව ජවයකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පක්ෂය ලද පසුබෑම පිළිබඳව කරුණු දක්වන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
එහි සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් බොහෝ දේ ඉටු කළ ද, ජනතාව තම පක්ෂය වෙත දැවැන්ත පරාජයක් අත්කර දී ඇති බවයි.
පක්ෂයක් ලෙස අභ්‍යන්තර මෙන්ම, බාහිරින් පැමිණි අභියෝගවලට ද මුහුණදුන් බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම් වල වගකීම ද භාර ගන්නා බවයි.