Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
"රුසියන් ව්‍යාපාරිකයකුට අයත් ඇමෝනියම් නයිට්‍රේට් වසර 6 ක් තිස්සේ බීරූට් වරායේ ගුදමේ තැන්පත් කර තිබුණා.." - බීරූට් පිපිරීම ප්‍රහාරයක් - ඇමරිකානු ජනපති ට්‍රම්ප් කියයි

- "රුසියන් ව්‍යාපාරිකයකුට අයත් ඇමෝනියම් නයිට්‍රේට් වසර 6 ක් තිස්සේ බීරූට් වරායේ ගුදමේ තැන්පත් කර තිබුණා.." - බීරූට් පිපිරීම ප්‍රහාරයක් - ඇමරිකානු ජනපති ට්‍රම්ප් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,479 Views
බීරූට් පිපිරීමෙන් නෙදර්ලන්ත තානාපති බිරියට බරපතළ තුවාලයි

ලෙබනනයේ බීරුට් නුවර සිදුවූ විනාශයට හේතු වූයේ රුසියානු ව්‍යාපාරිකයකු වූ ඉගෝර් ග්‍රෙචුස්කන්ට අයත් තහනමට ලක්වූ රසායනික ද්‍රව්‍ය බව විමර්ශනවලදී හෙළි වී ඇත. ඇමෝනියම් නයිට්‍රේට් නමැති මෙම රසායනික ද්‍රව්‍ය ගතවූ වසර හයක් තිස්සේ ගුදමක තැන්පත් කර තිබූ අතර ඉන් විනාශයක් සිදුවනු ඇතැයි රේගු නිලධාරීන් කළ අනතුරු ඇඟවීම ගැන දේශපාලකයන් තැකීමක් කර නැත. බීරූට් වරායේ අංක 12 ගුදමේ මෙම ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750 ක

තොගය අසුරා තිබුණේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන මලූවල බව හෙළි වී තිබේ.

තහනමට ලක්වූ එම ඇමෝනියම් නයිට්‍රේට් තොගය මුදා ගැනීමට රුසියානු ව්‍යාපාරිකයා ක්‍රියා කර නැත. පසුගිය අඟහරුවාදා සවස අංක 9 ගුදමේ ඇතිවූ ගින්න මෙම රසායනික ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ගුදම වෙත පැතිරීමෙන් එය පිපිරී ඇත.

මෙම පිපිරීමෙන් 135 ක් මියගොස් 5000 ක් තුවාල ලබා ඇත. සිදුවූ විනාශය ගැන රජය වරාය නිලධාරීන් නිවාස අඩස්සියේ තබා තිබේ.

බීරූට් නුවර සිදුවූ මෙම පිපිරීම නිසා ඩොලර් බිලියන 15 කට අධික විනාශයක් සිදුවී ඇතැයි රජය කියා සිටියේය. එහෙත් රටේ දේශපාලකයන් ඊට වගකිවයුතු බව ජනතාව සඳහන් කර ඇත.

බීරූට් ආණ්ඩුකාර මර්මස් අබ්දුල් පැවසුවේ සිදුවූ ඛේදවාචකය නිසා 300,000 කට අධික ජන සමූහයකට උන්හිටිතැන් අහිමි වූ බවයි.

මේ අතර මියගිය සංඛ්‍යාව රජය හෙළි කර ඇති සංඛ්‍යාවට වඩා වැඩි බව නිල නොවන වාර්තාවල සඳහන් වේ. පිපිරීමෙන් පැය 24 කට පසු සුන්බුන් අතර සිරවී සිටි තරුණියක බේරා ගෙන ඇත.

මෙම පිපිරීමේ සිද්ධිය ගැන නිසි තොරතුරු විමර්ශනය කිරීමකින් තොරව ඇමරිකානු ජනපති ට්‍රම්ප් පැවසුවේ එය ප්‍රහාරයක් බවයි. ඊට සමාන ප්‍රකාශයක් කළ හිටපු ලෙබනන් අගමැති සාද් හරිරි සිද්ධිය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බව පවසා ඇත.

එසේම ලෙබනන් ජනපති මිචෙල් අවුන් පැවසුවේ ඇමෝනියම් නයිට්‍රේට් ආරක්‍ෂා රහිතව අසුරා තැබීමෙන් එම පිපිරීම සිදුවූ බවයි.

ලෙබනන් රේගු ප්‍රධානි බද්රි ඩාගර් එරට මාධ්‍ය අමතමින් ඇමෝනියම් නයිට්‍රේට් තොගය වහාම ඉවත් කරන ලෙස බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවත් කිසිවකු ඒ සඳහා පියවර නොගත් බව පළ කළේය.

මේ අතර විනාශයට පත් වු බීරූට් වරාය තහනම් කලාපයක් බවට ප්‍රකාශ කර ඇත.

සුන්බුන් අතර කොටුවී සිටින පිරිස ගලවා ගැනීම සඳහා ජීවිතාරක්‍ෂක භටයන් 55 ක් රැගත් ප්‍රංශ ගුවන් යානා තුනක්ද බීරූට් ගුවන් තොටුපළට පැමිණ තිබේ.

මෙයට අමතරව යුරෝපා සංගමය ගිනි නිවන භටයන් 100 කගෙන් යුත් කණ්ඩායමක්ද එවා ඇත.

මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොගය තහනමට ලක් වූ අවස්ථාවේ එය වරාය ගුදමක තැන්පත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබූ බව බීරූට් වරායේ සාමාන්‍යාධිකාරි ගයන් කොර්යාටම් හෙළි කර තිබේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top