Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
07
"අප්පච්චි ලේ පෙරාගෙන සීට් එක පැත්තට කඩාගෙන වැටෙද්දි තමයි මම දන්නේ එයාට වෙඩි තිබ්බා කියලා..." - දක්ෂ වෙඩික්කරුවෙකු විසින් ඉලක්කගත කොට අන්තිම නින්දට යැවූ, SF ලොක්කා-ගේ මරණය සිදු වූ හැටි ගැන, ඔහුගේ සුඛෝපබෝගී රථයේ ගමන් කරමින් සිටි විවාහක කාන්තාව හෙළි කළ අමුතුම කතාව - Video

- "අප්පච්චි ලේ පෙරාගෙන සීට් එක පැත්තට කඩාගෙන වැටෙද්දි තමයි මම දන්නේ එයාට වෙඩි තිබ්බා කියලා..." - දක්ෂ වෙඩික්කරුවෙකු විසින් ඉලක්කගත කොට අන්තිම නින්දට යැවූ, SF ලොක්කා-ගේ මරණය සිදු වූ හැටි ගැන, ඔහුගේ සුඛෝපබෝගී රථයේ ගමන් කරමින් සිටි විවාහක කාන්තාව හෙළි කළ අමුතුම කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
"වෙඩි තියන විධියක් මම දැක්කේ නෑ. මම කෑගහගෙන එළියට පැනලා උදව් ඉල්ලුවා..."
 
වෙඩි වදිද්දී කාන්තාව හිටියේ කොහෙද? ඇයට යන්තම්වත් හානි නොවී බේරුනේ කොහොමද ?
 
සීසීටීවී හඹා ගිය පොලිස් නිලධාරින්ට අවසානයේ ලැබෙන හෝඩුවාව ....... ?
 
දරුණු වෙඩි ප්රහාරයකට ලක් වීමෙන් ඝාතනයට ලක් වූ ආර්. එම්. ඉරෝන් රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කාගේ පපුව දෙසට වෙඩි ප්රහාර පහර පහකට ආසන්න ප්රමාණයක් වැදී ඇති බවට, අනුරාධපුර ශීක්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය ඩී. එල්. වෛද්යරත්න මහතා අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට යොමු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා.
 
පෙරේදා පස්වනදා දහවල් එකොළහයි පනස් පහට පමණ පාතාල කල්ලි ක්රියාකාරිකයෙකු වශයෙන් හා ලෝක වාර්තාලාභී වසන්ත සොයිසාව අමානුෂීක ලෙස ඝාතනය කිරීමේ ප්රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොක්කා දක්ෂ වෙඩික්කරුවෙකු ප්රහාරකයෙකුගේ ප්රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ඔහු ගමන් කළ මෝටර් රථයේ රියදුරු අසුන තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

බරපතළ තුවාල ලැබූ ඉරෝන්ව මහත් ආයාසයකින් මෝටර් රථයෙන් ඉවතට ගෙන ත්රීරෝද රියකින් ප්රතිකාර සඳහා රැගෙන ගියත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත් ව තිබුණා.
 
අදාළ ස්ථානයේ සිදු කළ මහේස්ත්රාත් පරීක්ෂණයෙන් රථයේ දකුණු පස ඇති කණ්ණාඩිය අතරින් දොරෙහි වීදුරුව (ෂටරය) පසාරූ කරමින් යන ලෙස පළමු වෙඩිල්ල නිකුත් කර තිබුණා.
 
එම වෙඩිල්ල ඔහුගේ පපුව දෙසට වැදී ඇති අතර පසුව වෙඩි ප්රහාර හතරක පහක ප්රමාණයක් එල්ල වී ඇති බවත් නිරීක්ෂණය වුනා. මරණකරුට වෙඩි ප්රහාරකයා වෙඩි ප්රහාර හතරක් හෝ පහක් පපුව දෙසට එල්ල කර ඇති බවත්, ඒවා සිරුර අභ්යන්තරයට කිඳා බැසීම නිසා සිරුරෙන් අධික ලෙස රුධිර වහනය වී ඇති බවත් මරණ පරීක්ෂණයේදී හෙළි වුනා.
 
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරීමේදී ඔහු ගේ සිරුරේ තිබී සැලකිය යුතු අන්දමින් පතරෝම් මුනිස්සම් කොටස් හසුවී නැති අතර මුනිස්සම් කොටස් කිහිපයක් ශරීරයේ තිබී වෛද්ය පරීක්ෂණයේදී හමුවී තිබෙනවා.
 
ඔහු ගමන් ගත් රථයට ටී-56 ගිනි අවියකින් වෙඩි ප්රහාර අටක් එල්ල කර තිබුණු අතර හිස් පතරොම් කොපු අටක් නිලධාරින් විසින් නඩු භාණ්ඩ ලෙස සොයා ගෙන තිබුණා.
 
"දහයියාගම රේල් ගේට්ටුව ළඟදී රතිඤ්ඤා පත්තු වෙන ශබ්දියක් වගේ හඬක් ඇහුණා. මම දැක්කේ නෑ අප්පච්චිට (එස්. එෆ්. ලොක්කා) වෙඩි තිබ්බේ කවුද කියලා. අප්පච්චි අසුන පැත්තට කඩාගෙන වැටෙද්දි තමයි මම දන්නේ එයාට කවුරු හරි වෙඩි තිබ්බා කියලා.." යනුවෙන් එස්. එෆ්. ලොක්කා ඝාතනය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සිදුකරන පරීක්ෂණවලදී ඝාතනය වූ එස්. එෆ් ලොක්කා ගමන් කළ සුඛෝපබෝගී රථයේ ගමන් කළ විවාහක කාන්තාව පැවසුවා.
 
පාතාල ක්රියාකාරකයෙකු ලෙස නම් දරා සිටි අනුරාධපුර, පවිත්රපුර කාර්මික පෙදෙස ලිපිනයේ පදිංචිව සිටි ආර්. එම්. ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොකු මල්ලි නැමැත්තා පෙරේදා (05) අනුරාධපුර, දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය අසළදී නාඳුනන වෙඩිකරුවෙකු රථයේ යම් ස්ථානයකට ඉලක්ක ගතව එල්ල කළ ප්රහාරයකින් රථය ගිනිගෙන දැවුණු අතර මරණකරු රථය තුළම පිළිස්සීමට එම ප්රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සඳහන් කරනවා.
 
මැතිවරණය පැවති පස්වැනිදා දිනයේ දහවල් වෙඩි ප්රහාරය සිද්ධ වුනා. එස්. එෆ්. ලොක්කා විසින් ලෝක පූජිත කරාතේ වාර්තාලාභී වසන්ත සොයිසා මහතාගේ සමාජශාලාවට 2015 වසරේ ජූලි මාසයේදී අත්බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම, එම වසරේදීම ඔක්තෝම්බර් මස 24 වැනිදා වසන්ත සොයිසා මහතා ඝාතනය කර අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි ඒ මහතාගේ සමාජ ශාලාවට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සිදු කර තිබුණා.
 
ඊට අමතරව වාරික මුදල් නොගෙවීම නිසා අත්පත්කරගත් ලෑන්ඩර් රථයක් පැහැර ගැනීම, ජීව අත්බෝම්බයක් රැගෙන යමින් සිටියදී දහයියාගම දුම්රිය මාර්ගය අසළදී අත්අඩංගුවට පත්වීම යන චෝදනාවන්ට ඔහුට එහෙිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
 
අනුරාධපුර මහාධිකරණය මඟින් නියම කළ දැඩි ඇප කොන්දේසි මත සිටියදී අනුරාධපුර පැරණී පූජා නගරයේ නිදන් සෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී අධිකරණයෙන් දඬුවම් ලබා සිටි ඔහු බන්ධනාගාරයේ සිටියදී කොළඹ පාතාල ක්රියාකාරින් සමඟ හෙරොයින් ජාවාරම සිදු කිරීම හා ඇප ලැබීමෙන් පසුව අනුරාධපුර නගරයේ ව්යාපාරිකයන්ගේ හා බස්රථවලින් කප්පම් ගැනීමේ චෝදනාවලට ලක්ව සිටියා.
 
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මතා අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් විමර්ශනය කෙරෙන අතර කිසිදු සීසීටීවී කැමරාවක සැකකරුවන් පිළිබඳ හෝඩුවාවක් සටහන් ව නෑ.
 
දක්ෂ වෙඩික්කරු තවත් පුද්ගලයෙකු සමඟ ටී - 56 ගිනිඅවිය උදරයේ සඟවා ගෙන පැමිණ එස්. එෆ්. ලොක්කා ගමන් කළ රථයේ වේගය රේල් ගේට්ටුව අසළදී අඩුවනාවත් සමඟම යතුරුපැදිය මත සිටගත් වෙඩික්කරු එස්. එෆ්. ලොක්කාට වෙඩි තැබූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
 
ඊට අමතරව යතුරුපැදි තුනක් පැමිණ රථයේ වේගය අඩාල කර වෙඩි තැබීම සිදු කළ බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
 
ඝාතකයින් අංක තහඩු නොමැති කාන්තා යතුරුපැදියකින් පැමිණි බවත් එම යතුරුපැදිය කිසියම් ස්ථානයක දමා පලා ගියේද හා එය සොරාගත් යතුරුපැදියක් ද යන්න අනාවරණය කරගැනීමට පොලිසියට නොහැකි වී තිබෙනවා.
 
ඔහුට වෙඩි තබන අවස්ථාවේ මෝටර් රථයේ සිටි බව කියන විවාහක කාන්තාව අනුරාධපුර ශීක්ෂණ රෝහලේදී පොලිසියට මෙසේ පවසා තිබුණා.
 
"දහයියාගම හන්දියේ ජිම් එකට ගිහිල්ලා ආපහු නිවස පැත්තට එද්දි රේල් පාර ආසන්නයේදී රතිඤ්ඤා පත්තුවෙන ශබ්දයක් වගේ හඬක් ඇහුණා. මම දැක්කේ නෑ අප්පච්චිට වෙඩි තිබ්බේ කවුද කියලා අප්පච්චි ලේ පෙරාගෙන අනිත් අසුන පැත්තට කඩාගෙන වැටෙද්දි තමයි මම දන්නේ එයාට වෙඩි තිබ්බා කියලා. වෙඩි තියන විධියක් මම දැක්කේ නෑ. මම කෑගහගෙන එළියට පැනලා උදව් ඉල්ලුවා..." යනුවෙන් ඇය පොලිසියට පවසා තිබුණා.
 
ඇය පිටුපස අසුනේ ගමන් කිරීම, ඇයට වෙඩික්කරු මූනිස්සමක්වත් නොවැදෙන අන්දමින් වෙඩි තැබීම ගැනත් පොලිසියට සැක මතුව තිබෙන අතර ඝාතනයට ලක් වූ එස්. එෆ්. ලොක්කාට අයථා ලෙස ඉපැයූ විශාල මුදලක් ඇති හෙයින් එම මුදල් ලබා ගැනීමේ කුමන්ත්රණයක් ලෙස ඝාතනය සිදු වූයේද යන්න ගැන පොලිසියට සැක මතුව තිබෙනවා.
 
මෝටර් රථයේ සිටි කාන්තාව වෙනත් පුද්ගලයෙකුගේ විවාහක බිරියක් වන බවත් ඇයට එක් දරුවකු සිටිනා බවත් පොලිසිය සඳහන් කළා.
 
මහේෂ් විජේසූරිය විසින්, "මව්බිම" පුවත්පතට ලියූ ලිපියකි....


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top