Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
06
“ඒ කාන්තාව කිව්වා අංගොඩ ලොක්කා මිය ගියාට පස්සේ ගබ්සා පෙති බිව්වා කියලා.” - ඉන්දියාවේදී මිය ගියා යැයි කියූ පාතාලයේ කෙරුමෙකු වූ අංගොඩ ලොක්කා හමුවන්න ආ 27 හැවිරිදි අමානි තාන්ජි කවුද ? ඉන්දියාවත් කැළඹූ අලුත්ම හෙළිදරව්ව

- “ඒ කාන්තාව කිව්වා අංගොඩ ලොක්කා මිය ගියාට පස්සේ ගබ්සා පෙති බිව්වා කියලා.” - ඉන්දියාවේදී මිය ගියා යැයි කියූ පාතාලයේ කෙරුමෙකු වූ අංගොඩ ලොක්කා හමුවන්න ආ 27 හැවිරිදි අමානි තාන්ජි කවුද ? ඉන්දියාවත් කැළඹූ අලුත්ම හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,949 Views
“ඔහු සතුව මුදල් තිබුණා. ඔහුගේ නිවෙසෙන් කිසිදු අවියක් හමුවූයේ නැහැ”
 
අංගොඩ ලොක්කා ඉන්දියාවේදී LTTE සමඟ සම්බන්ධකම් පවත්වලා...
 
කොයිම්බතූර්හි නියොජ්ය පොලිස් කොමසාරිස් ජී. ස්ටාලින් සිදු කළ හෙළිදරව්ව..
 
ශ්රී ලංකාවේ පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා කොයිම්බර්තූර්හිදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඉන්දීය අපරාධ කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
 
අගෝස්තු 04 වැනිදා ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කර ඇත්තේ, අංගොඩ ලොක්කා නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීම, ව්යාජ ලියකියවිලි සකස් කිරීම සහ වංචා සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බවය. ඊට අමතරව ඔහුට ඉන්දියාවට පැමිණ රැඳී සිටීමට සහාය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරේ.
 
කොයිම්බතූර් නාගරික පොලිසියේ සහ “Q ” ශාඛාවේ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට ඉන්දීය පොලිස් අධ්යක්ෂ ජනරාල් ජේ.කේ. ත්රිපති මහතා පියවර ගෙන තිබේ.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධානි කේ. ශංකර් පැවැසුවේ, විමර්ශන ආරම්භ කිරීම සඳහා පැමිණිල්ලක් ලේඛනගත කළ බවය.
 
අංගොඩ ලොක්කාට වසර දෙකක පමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිටීමට හිටපු එල්ටීටීඊ හිතවාදීන් පිරිසකගේ සහාය හිමිවී ඇතැයි කොයිම්බතූර් පොලිසිය සහ “Q ” ශාඛාව සැක පළ කරයි.
 
මෙම විමර්ශනය සිදු කරන පොලිස් කණ්ඩායමේ ජේයෂ්ඨ සාමාජිකයකු පවසා ඇත්තේ, අංගොඩ ලොක්කාට සහාය දුන් බවට සැකපිට පසුගිය ඉරිදා (අගෝස්තු 02) අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා එල්ටීටීඊ හිතවාදියකු බවය.
 
අංගොඩ ලොක්කා ප්රදීප් සිං නමැති ව්යාජ නමින් බටහිර බෙංගාලය සහ මදුරෙයි යන ප්රදේශවල ලිපිනයන් දෙකකට ආධාර කාඩ් ලබාගෙන ඇති බව ඉන්දීය පොලිසිය සොයාගෙන තිබේ. (ආධාර් කාඩ් යනු ඉන්දියාවේ සියලු පුරවැසියන් සතුව තිබිය යුතු හැදුනුම්පතකි.)
 
මේ අතර 27 හැවිරිදි අමානි තාන්ජි නමැති වැන්දඹු කාන්තාවක අවම වශයෙන් තුන් වරක් කොයිම්බතූර් වෙත පැමිණ අංගොඩ ලොක්කා හමුවී ඇති බවත් කොවිඩ්-19 සීමා පැනවීම් නිසා ඇයට යළිත් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකි වී ඇත.
 
‘ද හින්දු‘ පුවත්පත වාර්තා කළේ, අමානි තාන්ජි ඉරිදා දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොයිම්බතූර් වෛද්ය විද්යාල රෝහලට ඇතුළත් කළ බවය.
 
ඒ ගබ්සා කිරීමකට පසු ඇති වන සංකූලතා හේතුවෙනි. ඇය දෙමස් ගැබිනි මවක වූ බවද පොලිසිය පවසයි. “ඒ කාන්තාව කිව්වා අංගොඩ ලොක්කා මිය ගියාට පස්සේ ගබ්සා පෙති බිව්වා කියලා.” විමර්ශනය සිදු කරන ඉන්දීය පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 
අංගොඩ ලොක්කාට නිවාස සොයා දීමටත්, තවත් පහසුකම් සැලසීමටත් සහාය දුන් බවට 32 හැවිරිදි එස්. දියනේශ්වරන් නමැත්තෙක්ද ඉරිදා අත්අඩංගුවට ගැනිණි.
 
අංගොඩ ලොක්කා චෙරන් මා නගර් ප්රදේශයේ පදිංචියට යෑමට පෙර කොයිම්බතූර්හි සරවනම්පට්ටිහි මහල් නිවාසයක පදිංචි වී සිට ඇත.
 
අංගොඩ ලොක්කාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා සිවකාමසුන්දරි නමැත්තකු ජූලි 4 වැනිදා පීලාමේදු පොලිස් ස්ථානයට ආධාර් කාඩ් පිටපතක් ඉදිරිපත් කළ අවස්ථාවේදී අංගොඩ ලොක්කා නීති විරෝධී ලෙස එහි රැඳී සිටි බව තහවුරු වී තිබේ.
 
පළමු දත්ත වාර්තාව අනුව අමානි තාන්ජි ජූලි 03 වැනිදා රාත්රි 9.30ට පමණ අංගොඩ ලොක්කා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහු මියගොස් ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදීය. සිවකාමසුන්දරි නමැත්තා කොයිම්බතූර් වෙත පැමිණ ව්යාජ ලේඛන ඉදිරිපත් කර අංගොඩ ලොක්කාගේ මෘත දේහය අවසන් කටයුතු සඳහා මදුරෙයි වෙත රැගෙන ගොස් ඇතැයි පොලිස් වාර්තාවේ දැක්වේ.
 
කොයිම්බතූර්හි නීතිය හා සාමය පිළිබඳ නියොජ්ය පොලිස් කොමසාරිස් ජී. ස්ටාලින් පැවැසුවේ, අංගොඩ ලොක්කා කොයිම්බතූර්හි කිසිදු රැකියාවක නිරත වී නොමැති බවය.
 
“ඔහු සතුව මුදල් තිබුණා. ඔහුගේ නිවෙසෙන් කිසිදු අවියක් හමුවූයේ නැහැ” ඔහු පවසා තිබේ
 
කුමුදු ජයවර්ධන
උපුටා ගැනීම "මව්බිම" පුවත්පත..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top