Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
06
"එක පාරටම දරුවා වතුර බේසමේ සිටියදීම ඇඟ ගල් ගැහුණා වගේ වුණා" - මව්කිරි වලින්ම මාස 03 ක බිලිඳෙකු මරණය කරා ගෙන ගිය මැදවච්චියේ අනුවේදනීය කතාව - Photos

- "එක පාරටම දරුවා වතුර බේසමේ සිටියදීම ඇඟ ගල් ගැහුණා වගේ වුණා" - මව්කිරි වලින්ම මාස 03 ක බිලිඳෙකු මරණය කරා ගෙන ගිය මැදවච්චියේ අනුවේදනීය කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

138 Views
දෙවියන්ට යටි හිතින් නිතරම කොදුරමින් තමයි මම උදේ සවස නින්දට ගියේ
කිරි පිටඋගුරේ ගොස් පෙනහැල්ල පිරුණු නිසා දරුවා මැරුණා කියලයි දැනගන්න ලැබුනේ

මෙලොව එලිය දකින මල් කැකුළු අකාලයේ පරව ගිය පුවතක් අපට මැදවච්චිය කනදරාව ගම්මානයෙන් අසන්නට ලැබුණි.

කෙනුජ කල්හාර ප්‍රේමචන්ද්‍ර නැමැති මාස 03 ක බිලිඳෙකු තම අවසන් හුස්ම තමා පෝෂණය වන මව්කිරි වලින්ම මරණය කරා ගෙන ගිය එම සෝචනීය සිදු වීම මැදවච්චිය ජනතාව කම්පනයට පත් කරන්නක් වුවාය.

තම මාස 03 ක කිරි කැටියා දෑතට ගෙන හිස හැරුණු අතේ දුවමින් කෙනුජ පුතුගේ පියා දරුවාගේ අවසන් හුස්ම පොද රැක ගැනීමට එදා පටාචාරා මෙන් කනරාව ගම්මානයේ මාර්ගයේ දිව ගියේ විකල් වු සිහියෙන්ය.

කෙනුජ පුතු තම පියාගේ සුරතේ අවසන් හුස්ම හෙලුවේ පියාගේ ඇග සිගිත්තාගේ දකුණු අතින් තද කර ගනිමිනි.

කෙනුජ කල්හාර ප්‍රේමචන්ද්‍ර නැමැති මාස 03 ක බිලිදා මෙලොව එලිය දුටුවේ ජයන්ත නැමැති පියාගෙන් සහ ආර්.සුමිත්‍රා රත්නායක මවගෙන්ය.

කෙනුජ මෙම පුංචි පවුලේ දෙවැනි දරුවාය. පියා සහ මවගේ ශක්තියෙන් ගොඩනැගුණු වරිච්චි බිත්ති සහිත ඉටි රෙදි සෙවිලි කල පුංචි පැල් පතේ ආලෝකය කෙනුජ පුතණුවන් වී තුන් මසක් ගත වන විට ඒ මතකයන් බිත්ති සතරකට සීමා කරමින් සමස්ථ මිනිස් ප්‍රජාවටම ජීවිතයේ අනියත භාවයේ පාඩම කියා දෙමින් කනදරාව පොදු සුසාන භූමියේදී දහස් සංඛ්‍යාත ජනයාගේ හිත් සසල කරමින් අවසන් ගමන් ගියේය.

කෙනුජ කල්හාර පුංචි පුතණුවන්ගේ මව හැඩූ කදුලින් තම පුතුගේ අවසන් හෝරාව අපට මෙසේ දිග හැරියේය.

"මගේ පුතා මීට දින 03 කට පෙර සිට විටින් විට අඩන්න ගත්තා. මම හිතුවේ පුතාට අපි භාර හාර වෙලා තියෙන නිසා ඒවා වෙලාවට ඔප්පු කරන්න බැරි වුණ නිසා දරුවා හඬනවා ඇති කියලයි. ඒ වෙලාවේ අතේ මුදල් නොතිබුණු නිසා මුදල් ලැබුණු විගස එම භාර හාර ඔප්පු කරනවා යැයි දෙවියන්ට යටි හිතින් නිතරම කොදුරමින් තමයි මම උදේ සවස නින්දට ගියේ. පුතා අඬද්දි මගේ මහත්තයා පුතාගේ තාත්තා එක වචනයක් කතා කරද්දි දරුවා ඇඩිල්ල නතර කරලා එයත් එක්ක හොදින් හිනා වෙනවා. ඉතින් මම පෙරේදා (01) උදේ 10.00 ට විතර බබාව නාවන්න වතුර බේසමට දාපු වෙලේ ඉදන් දරුවා ඇඩුවා. මහත්තයා එලියේ කෑම කකා හිටියේ. මහත්තයට මම කතා කලා දරුවා අඩන නිසා නලවා ගන්න. එක පාරටම දරුවා වතුරේ බේසමේ සිටියදීම ඇග ගල් ගැහුණා වගේ වුණා. මම හයියෙන් කෑ ගහලා මහත්තයට අඩ ගැහුවා. මහත්තයා දුවලා ඇවිත් දරුවව වඩා ගත්තා. මහත්තයා එතනම ඇද උඩින් දරුවා තියලා දරුවට තට්ටු කරලා නහයට කටින් පිම්බා. නමුත් දරුවාගේ හිටපු විදිය වෙනස් වුණේ නෑ. මහත්තයා එවෙලෙම දරුවා වඩා ගෙන කෑ ගහ ගහ පාරේ දුවගෙන මැදවච්චිය ඉස්පිරිතාලේ වෙත එන්න පිටත් වුණා. මගේ මහත්තයා දරුවව තුරුළු කරන් පාරේ දුවගෙන යද්දි ආපු මෝටර් රථයක් නතර කරලා දරුවයි මහත්තයයි දාගෙන මැදවච්චිය ඉස්පිරිතාලෙට ආවා. එහිදි මුලික ප්‍රතිකාර කරමින් වෛද්‍යවරුන් පවසා සිටියේ දරුවා ඒ වෙන කොටත් මිය ගොස් සිටි බවයි. ඉන් අනතුරුව දරුවාව මරණ පරීක්ෂණය සිදු කිරීමට අනුරාධපුර ඉසිපිරිතාලෙට අරන් ගියා. අපට මරණ වාර්තාව අනුව දැන ගන්නට ලැබුණේ කිරි පිටඋගුරේ ගොස් පෙනහැල්ල පිරුණු නිසා දරුවා මැරුණා කියලයි"

කියමින් දරුවාගේ මව වන ආර්.සුමිත්‍රා රත්නායක යන අය කෑ ගසා හඩා වැටෙමින් අප සමඟ දරුවාට මෙවන් අකල් මරණයක් යලි කිසි දිනක සිදු නොවේවා.. මගේ දරුවා උපදින හැම භවයකම මගේම වෙලා ඉපදෙන්න කියා හඩා වැටුණේය.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top