Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
06
නිවුන් දරුවන් තුන් හතර දෙනෙකුට මවක් වෙන්නද යන්නේ ? - අන්තර්ජාලය කැළඹූ ඡායාරූප පෙළ පිටුපස ඇති සංවේදී ඇත්තම කතාව - Video & Photos

- නිවුන් දරුවන් තුන් හතර දෙනෙකුට මවක් වෙන්නද යන්නේ ? - අන්තර්ජාලය කැළඹූ ඡායාරූප පෙළ පිටුපස ඇති සංවේදී ඇත්තම කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,033 Views
"මම ඉන්නේ කනස්සල්ලෙන්, ඔවුන් එහෙම කියන එක දරාගන්න බෑ.."
 
"දැන් ඒක පාලනය කළ නොහැකි තත්ත්වයකට ඇවිත්.."
 
"කවුද මට ඉතින් යුවාන් 30,000 ක මුදලක් හොයලා දෙන්නේ?"
 
උදරය අසාමාන්ය ලෙස ඉදිරියට නෙරා ආ චීන කාන්තාවක් ගැන අසාමාන්ය පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා.
 
පසුගිය වසර දෙකක කාලය තුළ කිසියම් හෝ අද්භූත හේතුවක් මත මෙම කාන්තාවගේ උදරය වර්ධනය වී ඇති අතර එය මේ වන විට "පාලනය කළ නොහැකි" තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දෙදරු මවක් වන හුවාං ගුක්සියන් පවසන්නේ ඇගේ උදරයේ බර රාත්තල් 44ක් පමණ වන බවත්, එය තව තවත් වර්ධනය වෙමින් පවතින බවයි.
 
36 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව අන්ෂුන් නගරයෙන් පිටත ඩැෂි නම් ගම්මානයේ ජීවත් වන අතර ඇගේ තොරතුරු ප්රාදේශීය පුවත්පතක් වන 'ගුයිෂෝ අර්බන් ඩේලි' විසින් පසුගිය දිනයෙක වාර්තා කර තිබුණා.
 
මීට වසර කිහිපයකට පෙර ඇගේ කුස පැතලි වීම හේතුවෙන් ඇය ප්රතිකාර සඳහා යොමු වන්නට තීරණය කර තිබෙනවා.
 
මුලදී වේදනාකාරී වූ මෙම තත්ත්වයට ඇය වෛද්ය උපදෙස් ලබා ගත් බවයි ඇය කියන්නේ.
 
ඖෂධ ලබා ගැනීමෙන් පසු වේදනාව පහ වූ නමුත් ඇගේ කුස වර්ධනය වන්නට පටන් ගෙන තිබුනා.
 
ප්රතිකාර ලබා ගැනීමේ අවශ්යතා මත විවිධ රෝහල් සඳහා ගිය නමුත්, ඇයට නිසි ප්රතිකාර ලබාගත නොහැකි වූ බවයි ඇය කියන්නේ.
 
අක්මා සිරෝසිස්, ඩිම්බකෝෂ පිළිකා මෙන්ම උදරයේ සහ පපුවේ අසාමාන්ය ලෙස තරල සෑදීම ඇතුළු රෝගාබාධ රැසකින් ඇය පීඩා විඳි බව වෛද්යවරු සොයා ගෙන තිබෙනවා.
 
කෙසේ වෙතත්, දැවැන්ත වර්ධනයට හේතුව හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.
 
බොහෝ විශේෂඥයින් අනුමාන කරන්නේ ඇයට පිළිකාවක් ඇති විය හැකි බවයි.
 
එක් වෛද්යවරයෙක් ඇගේ අතිරික්ක උදර තරලය ඉවත් කිරීමට උත්සහා කළ නමුත් සැත්කම අවසන් වූ පසු ඇගේ කුස යළි වර්ධනය වීමට පටන් ගෙන තිබෙනවා.
 
බොහෝ පිරිසක් හුවාං මහත්මිය නිවුන් දරුවන් හෝ දරුවන් තිදෙනෙකු ලැබීමට සිටින කාන්තාවක් ලෙස ඇයව වරදවා වටහා ගෙන ඇති අතර මේ හේතුව නිසාම ඇය කණගාටුවෙන් පසුවන බවයි ඩේලිමේල් පවසන්නේ.
 
දිගු කලක් ඇයට නිදා ගැනීමට හෝ නොහැකි වී ඇති අතර ඇය නිදාගන්නේ එක්කෝ ඇඳ මත හෝ වාඩි වී හෝ කුෂන්වලට හේත්තු වෙමිනුයි.
 
ඇගේ ස්වාමියා ඈත රැකියාවක නියැලෙන අතර පවුලට මූල්යමය උපකාර සිදු කරන බව සඳහන්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් ද වනවා.
 
ප්රාදේශීය රෝහලක් මෑතකදී ඇයට දන්වා සිටියේ එහි විශේෂඥයින් ඇයට ප්රතිකාර කිරීමට කැමති නමුත් එම සැත්කම සඳහා යුවාන් 30,000 ක් (ඩොලර් 3,290) ක් වැය වන බවයි.
 
හුවාං දැන් බලාපොරොත්තු දල්වා හිඳින්නේ මුදල් එකතු කරගෙන එම සැත්කම සිදු කර ගැනීමට යි.
 
Dailymail ඇසුරිනි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top