Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
05
"වසර විස්සකට අධික කාලයක් පුරා ලින්කන් සතුටින් හිටපු එක දවසක්වත් මම දැකලා නැහැ.." - ගැහැනියක නිසා විඳවපු ලෝකෙට ලොක්කා වූ ඒබ්‍රහම් ලින්කන්

- "වසර විස්සකට අධික කාලයක් පුරා ලින්කන් සතුටින් හිටපු එක දවසක්වත් මම දැකලා නැහැ.." - ගැහැනියක නිසා විඳවපු ලෝකෙට ලොක්කා වූ ඒබ්‍රහම් ලින්කන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
ගැහැනිය සුමුදුය, මෘදුය, නම්‍යශීලීය, ලයාන්විතය, මල් පෙත්තක් මෙන් පිවිතුරුය. බහුතරයක් දෙනා කාන්තාව ගැන සිතන විදිහ එලෙස විය හැකිය. ගැහැනියක නැති ගෙදරක් අපායකි. කිසිදු සතුටක්, සුන්දරත්වයක් නැත. ගැහැනියක නොලැබූ පිරිමියකුට සාර්ථකත්වයක් සතුටින් පිරුණු ජීවිතයක් සිහිනයකි. තවත් කෙනකු එහෙමත් සිතනවා ඇත. ඒ වගේම සෑම සාර්ථක සැමියකු පසුපසම හොඳ බිරියක් සිටින බවද කියයි. මේ සියල්ල බොරු කියා හෝ අසත්‍ය යැයි කියා අමතක කර දමන්නටද බැරිය.

මන්ද එවන් ගැහැනුන් සේම ගැහැනියක නිසා එලෙස සාර්ථක මිනිසකු වූ පිරිමින්ද අනන්තවත් සමාජය තුළ දැකිය හැකිය. එහෙත් එසේ නොවී බිරිය නිසා ජීවිතය අපායක් වූ සැමියන්ද නැතුවාම නොවේ. මේ කියන්නට යන්නේ එහෙම කෙනකුගේ කතාවකි. එහෙත් මේ කතාව බිරිය නිසා ජීවිතය අපායක් වුණු නිකන්ම නිකන් සැමියකුගේ කතාවක් නොවන අතර මෙය ලෝකෙට ලොක්කා යැයි කියන ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුගේ කතාවකි. ඔහු නමින් ඒබ්‍රහම් ලින්කන්ය.

තම රටත්, තමාත් කොතරම් දුරට ලෝකෙට ලොක්කකු වුවද ඒබ්‍රහම් ලින්කන්ට සිය නිවෙසට ලොක්කා වෙන්නට බැරි වුණේය. ඔහුට විවාහයෙන් පසු ගෙවන්නට වූයේ අසීමිතව කනගාටුව, පසුතැවීම මිශ්‍ර වූ කටුක ගෘහ ජීවිතයකි. ඒ කාලය වසරවලින් නම් වසර 33කි.

ඒබ්‍රහම් ලින්කන් විවාහ වූයේ 1841 වසරේ ජනවාරි මාසයේ 01 වැනිදාය. ඒ මාරි ඈන්ඞ් ටොඞ් නමැති කාන්තාව සමඟිනි. එහෙත් විවාහයට පෙර දෙදෙනා අතර බොහෝ දේ සිදුව තිබිණි. ඒ කටයුතු කාරණා තුළින් ලින්කන්ට මාරි මහත්මිය තුළ තිබූ නොගැළපීම් මනාව හඳුනා ගන්නට හැකිවූ අතර, ඔහු වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම මාරි මහත්මිය හමුවේ කියා සිටියේ තමාට මෙම විවාහය කර ගැනීමට අනවශ්‍ය බවයි. එහෙත් මාරි මහත්මිය කිසි විටෙක ලින්කන්ව මඟහැර ගැනීමට කැමැති වූයේම නැත. ඇය නිතරම උත්සාහ ගත්තේ ඉක්මනින් ලින්කන් සමඟ විවාහය සිදුකර ගන්නටය.

දිනක් දෙදෙනා හමුවූ අවස්ථාවක ලින්කන් මහතා සිය අදහස යළිත් මාරි මහත්මිය සමඟ පවසමින් තමාට මෙම විවාහය සිදුකර ගැනීමට කිසිදු පැහැදීමක් නැතැයි කීවේය. එදින මාරි ටොඞ් හඬාවැටෙන්නට පටන් ගත්තේ ඉකිබිඳිමිනි. ලින්කන් මහතා දැඩි අනුකම්පාසහගත අයකු බවත් ගැහැනුන් අඬනවාට ඔහු අකමැති බවත් හොඳින්ම දැන සිටි මාරි ටොඞ් කඳුළු සලමින් හඬාවැටුණේ ගැහැනු මායම්වලින් උපරිම ප්‍රයෝජනය ගනිමිනි. අවසානයට ලින්කන් මාරි ටොඞ්ව වැළඳගෙන ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දුවක් දී පෙර සඳහන් කළ අයුරින් ඇයව 1841 ජනවාරි 01දා විවාහ කරගත්තේය.

විවාහ වී දිනක් දෙකක් ගතවන්නටත් පෙරම දෙදෙනා සිතන පතන ආකාරය එකිනෙකට වෙනස් බව ලින්කන්ට හොඳින්ම තේරුම් ගියේය. එය කොතරම් ප්‍රාථමික තත්ත්වයට වැටුණේද යත් ආහාර පාන තෝරා ගැනීමේදී වුවද දෙදෙනා අතර කිසිදු එකඟතාවක් ඇති නොවීය. සැමියා ලෙස ලින්කන් ගැන සිතා ඔහුගේ කිසිදු වචනයකට ගරු කිරීමට මාරි ටොඞ් නම්‍යශීලී නොවීය. එලෙස කිරීම තමාට මදිපුංචිකමක් යැයි සිතීමට මාරි ටොඞ් නිතරම උත්සාහ ගත්තාය. කොහේ කොතැන මොන දේකට ගියද දෙදෙනා අතර කිසිදු ගැළපීමක් නොවීය. මාරි ටොඞ්ගේ එකම රාජකාරිය වූයේ ලින්කන් පහත් කොට සලකා තම පරම්පරාව ගැන පම්පෝරි ගැසීමය. එහෙත් කිසිම දිනක පම්පෝරි ගසන්නට ප්‍රිය නොකළ ලින්කන් යථාර්ථයට මුහුණදීමට සිතුවේය.

දිනක් සාදයකදී කෑම මේසයෙදී කිසිවකුට සිතා ගැනීමට නොහැකි වන අයුරින් මාරි ටොඞ් ලින්කන්ගේ මුහුණට කෝපි කෝප්පයකින් දමා ගැසුවේ ලින්කන් පැවැසූ කතාවකට ප්‍රතිචාර වශයෙනි.

ඒ අවස්ථාවේ ලින්කන් ඇයට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නැත. ඔහු නිහඬව ඉවසාගෙන සිටියේ ඉවසීමේ මහත්මා ගුණය පෙන්වමිනි. කෙසේ වෙතත් ලින්කන්ගේ සාර්ථකත්වයේ රහසද අසීමිත ඉවසීම බව තතු දන්නෝ හොඳින්ම දනිති. එසේම ලින්කන්ගේ 33 වසරක විවාහ ජීවිතයේ මෙවැනි සිදුවීම් අඩු නොවීය. එහෙත් ඔහු ඉවසා සිටියේය. මේ තත්ත්වයෙන් ජීවත් වෙනවාට වඩා මා මිය යන්නේ නම් හොඳ යැයි වරකදී ඔහු සිය නීති සම්පාදක සමඟ පවසා තිබුණේ මනසට දැනුණු අසීමිත පීඩනය නිසාමය.

කොතරම් පීඩනයක් යටතේ වුවද ලින්කන් ඉවසූ තරම සෑම කෙනකුටම ආදර්ශයක් බව ඔහුගේ සමීපතමයන් නිතරම සිතුවේය. ඔවුහු ලින්කන්ගේ ඉවසීමේ ගුණය අගය කළහ. එනිසා ලින්කන්ට තව තවත් ඉවසන්නට ශක්තියක් ලැබුණා වන්නට පුළුවන. එහෙත් ලෝකෙට ලොක්කා වූ රටේ ජනාධිපතිවරයා වූ තමාට ගෙදරදි අත්වන ඉරණම ගැන ඔහුගේ සිතේ කොතරම් වේදනාකාරී හැඟීම් ගොන්නක් තිබුණාදැයි දන්නේ ඔහුම පමණකි.

එසේම විවාහයෙන් දින ගණනකට පසුව ලින්කන් සැමුවෙල් මාර්ෂල් නමැත්තෙකුට ලියූ ලිපියක අතපසුවීමකින්ද විවාහය ගැන කෙටි වාක්‍යයක් ලියැවී තිබිණි. එහි ‘මගේ විවාහය මටම පුදුමයකි’ යන්න ලියා තිබීමත් සමඟ ලින්කන් මහතාගේ විවාහය ගැන ඇති අර්බුදය පිළිබඳව ඉඟි පළකෙරිණි. මේ කතාව කාට කාටත් කුතුහලයක්ව තිබුණද එය ටක්කෙටම සමාජගත වූයේ ලින්කන් මහතාගේ නීති සහයකයා ලෙස කටයුතු කළ විලියම් එච්. හර්න්ඩන් නමැත්තාගේ කතාවකිනි. ඔහු කියා තිබුණේ ‘වසර විස්සකට අධික කාලයක් පුරා ලින්කන් සතුටින් සිටි එක දවසක්වත් මා දැක නැත. ඒ ගැන සිතීමත් පුදුමයකි. මේ සියල්ලට හේතුව ලින්කන්ගේ පවුල් ජීවිතයයි’ යනුවෙනි.

තත්ත්වය එසේ වුවද ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ ජනාධිපතිවරයාව කටයුතු කළ කාලය පුරාම මාරි ටොඞ් ඔහුගේ ආර්යාව ලෙසින් පෙනී සිටියාය. ඒ ලින්කන්ගේ ඉවසීමේ ගුණයට පින් සිදුවෙන්නටය. ඉවසීමෙන් සාර්ථක වූ පුද්ගලයකු ගැන ආදර්ශයට ගන්නවා නම් එයට ලින්කන් හැර වෙනකකු ලෝක ඉතිහාසයේ හමු නොවනු ඇත.

කුමාර රත්නායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top