47 හැවිරිදි ඔහු මිය ගොස් ඇත්තේ විදෙස් රටකදී ලූ...
පළමු බිරියට දරුවන් දෙන්නයි, දෙවැනි බිරියට දරුවෝ එක්කෙනයි..
විදේශයකදී මියගිය අයෙකුගේ මෘත දේහයට බිරියන් දෙදෙනෙකු අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම නිසා සමව පැය අට බැගින් නිවාස දෙකේ දේහය තබාගෙන වත් පිළිවෙත් ඉටු කිරීමෙන් පසු අවසන් කටයුතු සාමයෙන් සිදුකරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසේන මහතා ඉකුත් 3 වැනිදා නියම කළා.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් පදිංචි සෙල්වරාජා අබ්දුල්ව රාජා (47) නම් තිදරු පියෙක්.
මියගිය අය සෞදි අරාබියේ වසර පහක සිට රැකියාව කරමින් සිටියදී මියගොස් තිබෙනවා.
එම දේහය ඉකුත් 2 වැනිදා මෙරටට එවා තිබුණා. මියගිය අයගේ දේහය වෙනුවෙන් අයිතිවාසිකම් කීමට බිරින්ඳැවරු දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ඉදිරිපත් කර සිටියා.
ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ජගත් මහතා සිද්ධිය අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඉහත නියෝගය ලැබුණා.
මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව අනුව මෙම මරණය "ස්කිමින්" හෘද රෝගය නිසා සිදුව ඇති මරණයක්.
පළමු බිරියට මියගිය අයට දාව දරුවන් දෙදෙනෙකුත්, දෙවැනි බිරියට එක් දරුවෙකුට සිටින බව පරීක්ෂණ-වලදී අනාවරණය වුනා.
කිලිනොච්චියේදී මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
(උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පත.)