කොහොම වුනත්, මේ සම්බන්ධයෙන් හැරී කුමරු නඩු ගොනුවකුත් සකස් කරලා. තමන්ගේ පුද්ගලික ජීවිතයට විවිධ පාර්ශවයන්ගෙන් අනවශ්ය බලපෑම් එල්ල වන බව තමයි ඔහු කියලා තියෙන්නේ.
ඔය දේවල් ඔහොම වෙනකොට, ප්රසිද්ධ සඟරාවකින් රජ පවුලේ ආරවුල් ගැනත්, කේට් හා මේගන් අතර ආරවුල් ගැනත්, හැරී කුමරු හා රැජින අතර සිදුවූවා කියන කතාබහක් ගැනත් අතිශය රහසිගත විස්තර පළ වෙනවා.
වැඩිපුරම මේ කතන්දර-වලින් කියවුනේ, "මේගන්ව දික්කසාද කරන්න, ඒකි නිළියක්. රජ පවුලට ගැළපෙන එකියක් නෙවේ" කියලා රැජින හැරීට තදින් අවවාද කළ බවයි.
මෙන්න මේ කියන විරසක වීම් දැන් කාටත් රහසක් නොවෙයි.
කොහොම වුනත්, පසුගියදා යෙදී තිබුණු සුරූපී මේගන්ගේ 39 වන උපන්දිනයට රැජින අපූරු සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ රජ පවුලේ ඉන්ස්ටර්ගෑම් පිටුවෙන්.
"සසෙක්ස් ආදිපාදවරියට සුබ උපන්දිනයක් වේවා" ලෙසින් සඳහන් කර තිබූ එම ඡායාරූපයට රැජින යොදාගෙන තිබුනේ 2018 දී චෙෂයර් හිදී මේගන් සමඟ පෙනී සිටි ඡායාරූපයක්.
රැජින පමණක් නොව චාල්ස් හා කැමිලා යුවළත් මේ විදිහට සුබ පැතුම් එක් කරලා තිබුනා.
මේ අතර මේගන් කුමරිය තම උපන්දිනය පුණ්ය කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙන් කිරීමට සුදානමින් සිටින බව ඩේලිමේල් වාර්තා සඳහන් කරනවා.
විරසක සහ කළකිරීම් මධ්යයේ රැජිනගෙන් ලැබුණු මේ අපූරූ "සුබ පැතුම" මේගන්ට "අපූරු ත්යාගයක්" බවයි බොහෝ අයවුන්ගේ අදහස...