Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
"අනේ මාව බේරගන්න..!! පුතා මට සවලක් අරන් ගහන්න පන්නනවා," - පොල්පිතිගම ගමක්ම හඬවමින්, තම කුසින් වැදූ පුතණුවන් අතින් අවසන් ගමන් යන්නට සිදුවූ මවක් ගැන, කඳුළු කතාවක්

- "අනේ මාව බේරගන්න..!! පුතා මට සවලක් අරන් ගහන්න පන්නනවා," - පොල්පිතිගම ගමක්ම හඬවමින්, තම කුසින් වැදූ පුතණුවන් අතින් අවසන් ගමන් යන්නට සිදුවූ මවක් ගැන, කඳුළු කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,186 Views
"අපි කීප දෙනෙක් ඉක්මනින් ඒ ගෙවල් පැත්තට දුවගෙන ගියා.."
 
"පුතා සාමාන්ය පෙළ සමත්, උසස් පෙළ කළේ ගණිත අංශයෙන්.."

"එයා දවස් හතරක් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබලා මිය ගියා.."
 
තම කුසින් බිහි කළ දරුවා අතින්ම මරු වැළඳගන්නට සිදුවූ මවක් ගැන, මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ පොල්පිතිගම ප්රදේශයෙනුයි.
 
ඇය පොල්පිතිගම පොලිස් ප්රදේශයේ මොරගොල්ලාගම, තිබ්බටුවැව, ගලහිටියාව පදිංචි අබේතොට ලියන්ගේ කල්යානී මහත්මියයි.
 
42 හැවිරිදි ඇය පුතුන් දෙදෙනෙකුගේ හා එක් දියණියකගේ මවක් වුවා.
 
පසුගිය දිනෙක රාත්රී කාලයේ 26 හැවිරිදි වැඩිමල් පුතු සවලකින් පහරදී ඇය ඝාතනය කර තිබුණා.

මෙම තරුණයා යුද හමුදාවේ සේවය කරන නමුත් යම් කාලයකදී මත්ද්රව්යවලට ඇබ්බැහි වීම හේතුවෙන් දැඩි ලෙස මානසික ආබාධයට ලක්ව සිටි අයෙකු බව ඥාතීන් පවසනවා.
 
මෙතැන් සට අපි ඔහු රුවන් නමින් හඳුන්වමු.
 
එම අනුවේදනීය සිද්ධිය කල්යාණී මහත්මියගේ පවුලේ සමීප ඥාතියෙකු අප සමඟ විස්තර කළේ මෙසේ යි.
 
"එදා රූ අටට විතර සේනාරත්න අයියා ඒ කියන්නේ රුවන්ගේ තාත්තා අපේ ගෙදරට දුවගෙන ආවා. ඇවිත් කිව්වා පුතා එයාට සවලක් අරන් ගහන්න පැන්නුවා කියලා. අපි කීප දෙනෙක් ඉක්මනින් ඒ ගෙවල් පැත්තට දුවගෙන ගියා. අපි හිතුවේ නෑ මෙයා අක්කට ගහන්න ඇති කියලා.."
 
"අපි යනකොට මෙයා ගේ ඉස්සරහා තියෙන උළු ගොඩක් උඩ සවලක් අතේ තියාගෙන වාඩි වෙලා ඉන්නවා. අපි කීප දෙනෙක් ඔහු අල්ලා ගත්තා. ගෙට ගිහින් බලනකොට අක්කා ඇඳ ළඟ වැටිලා හිටියා. අපි ඉක්මනින්ම අක්කව නිකවැව රෝහලට අරන් ගියා. අක්කව එතැනින් කුරුණෑගල රෝහලට අරන් ගියා. නමුත් එයා දවස් හතරක් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබලා මිය ගියා.."
 
යුද හමුදාවේ සේවය කරන සැකකරුගේ බාල සොහොයුරාද එදින නිවසේ සිට නැති අතර තවමත් පාසල් යන බාල නැගණිය ද එදින ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණා.
 
මෙම සිදුවීමෙන් බෙහෙවින් කම්පනයට පත් කල්යාණී මහත්මියගේ ඥාතීන් ඇගේ මෘත දේහය ඇය සාහසික ලෙස ඝාතනය වූ ස්ථානයට නැවත ඒමට නොමැතිව ඇගේ ගම වන ගනේවත්ත, සිරන්ගොඩ ප්රදේශයේදී අවසන් කටයුතු සිදු කිරීම පිණිස කටයුතු කරනු ලැබුවා.
 
පුතෙකු විසින් තම මව සාහසික ලෙස මරා දැමීම ගැන මේ ශෝකාන්තයේ තවත් අවාසනාවන්ත පැතිකඩක්ද තිබේ. එනම් ඉතා සාමකාමී තරුණයෙකු වූ රුවන් තම මව ඝාතනය කළ ආනන්තරිය පාපතරයෙකු වීම පිටුපස මත්ද්රව්ය පිළිබඳ කතාවක්ද තිබීමයි.
 
රුවන් කුරුණෑගල හෝ කොළඹ නගරයේ දී මත් ද්රව්ය ගොදුරු වී ඇති බව ඥාතීහු කියනවා.
 
ඔහු සාමාන්ය පෙළ ඉතා ඉහළින් සමත්ව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබෙනවා.
 
කොළඹ ප්රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඔහු දැඩි ලෙස මත්කුඩු වලට ඇබ්බැහි වන්නට ඇති බව ඥාතීන්ගේ විශ්වාසයයි.
 
කෙසේ වෙතත් කලක් මනෝ වෛද්ය ප්රතිකාර ලබා දීමෙන් පසු සාමාන්ය තත්ත්වයට පත්ව සිටි ඔහු පසුව හමුදා සේවයට එක් වුනා. එසේ වුවත් ඔහු නැවත එම රෝගී තත්ත්වයට ගොදුරු වී තිබෙනවා.
 
මෙම සිද්ධියෙන් පසු ගම්වාසින් විසින් අල්ලා ගස් බැඳ රුවන්ව පොලිසියට භාර දී තිබෙනවා.
 
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
කේ. එස්. ප්රේමදාස විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top