Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
"මම ගෙවල් ගාණේ ගිහින් පැදුරු එකතු කරලා බරබාගෙක දාගෙන ඉදුරුව හන්දියට යනවා.." - 103 හැවිරිදි ගෝනගල-ගල්තුඩුවේ විලියම් සිංඤෝ අතීතය ගැන කියන කතාව

- "මම ගෙවල් ගාණේ ගිහින් පැදුරු එකතු කරලා බරබාගෙක දාගෙන ඉදුරුව හන්දියට යනවා.." - 103 හැවිරිදි ගෝනගල-ගල්තුඩුවේ විලියම් සිංඤෝ අතීතය ගැන කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,291 Views
"මඟුල් ගෙදරකට මඟුල් කෑමකට ගියොත් දෙන්නේ සත පනහයි. නැත්නම් රුපියලයි.."

"දැන් ඒ වගේ වෙලාවක සල්ලිත් අරගෙන පාරකට බැහැලා ගියොත් නම් බෙල්ලත් කපලා සල්ලි අරගනියි.."

“මට මේ අවුරුද්දේ මාර්තු මාසේ 16 වැනිදා අවුරුදු 103ට ලැබුවා. මේ මුළු ජීවිතේටම අසනීපෙකට කියලා එක දවසක් ඉස්පිරිතාලෙක නැවතිලා හිටියේ නැහැ. අපි ඒ දවස්වල කොස්, දෙල්, අල, බතල, මයියොක්කා, තමයි වැඩිපුර කෑවේ. හොඳට කෑවා. ඔය දැන් තියෙන ලෙඩ රෝග ඒ කාලේ අහන්නවත් තිබුණේ නැහැ. ඒ වගේම හොඳට වැඩ කෙරුවා. ගමන් බිමන් ගියේ පයින් නැතිනම් බයිසිකලයකින් තමයි. තිරික්කලවලිනුත් මිනිස්සු ගමන් බිමන් ගියා. අහළ පහළ හැම දෙනාම හරි සහයෝගයෙන් වැඩ කෙරුවා. ගෙදරක වැඩක් කරන කොට ගමේ හැමෝම ඇවිත් උදවු කරනවා. සල්ලි බලාගෙන නොවෙයි. මනුස්සකම ඒ තරමටම ඒ කාලේ ගම්වල තිබුණා.

සහෝදර සහෝදරියන් සිවු දෙනකු සමඟ අත්වැල් බැඳගෙන ඉඳුරුවේ, ගල්බඩදී ඒ පවුලේ සිවුවැනි දරුවා ලෙසින් ඔහු දිවි ගමන ඇරැඹුවේ 1918 මාර්තු මස 16 වැනිදාය. එහෙත් අද ඔහුගේ සෙනෙහෙබර මවුපියන්, දයාබර සොහොයුරන්, මෙන්ම ආදරණීය බිරියද ඔහු අතැර ගොසිනි. විවාහයෙන් පසු දැනට ජීවත්වන ගල්තුඩුව බිරියගේ නිවෙසට පැමිණි ඔහු දැන් එහි සිටින තිලකසිරි ජයලාල් පුතාගේත් (ව්‍යාපාරික) ලේලිය වන නිමල්කා මනෝරි සිංහබාහු (ප්‍රජා සම්බන්ධතා නිලධාරිනි පොලිස් දෙපාර්තමේන්තුව) හා දියණියක වන විශ්‍රාමික පෙරපාසල් ආචාරිනි රම්‍යා ගල්බඩආරච්චිගේත් ආදරය, සෙනෙහස හා රැකවරණය ලබමින් තමාගේ යෞවන කාලය ආවර්ජනය කරමින් සිටී.
 
තමන්ගේ සෙවණැල්ල මෙන් සිටි ආදරණීය බිරිය මීට වසර පහකට පමණ පෙර වියෝ වූ පුවත ඔහු පැවැසුවේ ඉතා හැඟුම්බරවය. විශ්‍රාමික රජයේ විගණන නිලධාරි ජී. ඒ. සමරරත්න (පුතා), මහවැලි අධිකාරියේ සැලසුම් ශිල්පිනි (විශ්‍රාමික) නන්දනී කුසුමලතා (දුව) හා යුද හමුදාවේ විශ්‍රාමික සුනිල් ප්‍රේමරත්න (පුතා) යන දරුවන් දැනට ගමෙන් පිට සිටියත් ලේලිලා, බෑනලා හා මුනුපුරු මිනිපිරියන් සමඟ නිතරම ඔහුගේ සුවදුක් බැලීමට පැමිණීම විලියම් මහතා සිහිපත් කළේ මහත් සතුටිනි. විලියම් මහතාගේ දරුවන් පස්දෙනාගෙන් හතරදෙනෙක් විවාහ වී මුපුබුරු මිනිපිරියන් හත්දෙනෙක් සිටින අතර, එයින්ද දෙදෙනෙක් විවාහ වී ඔවුන්ටත් දරුවන් දෙදෙනෙක් සිටින්නේ තුන්වැනි පරම්පරාව ලෙසිනි.

“මම ඉගෙන ගන්න ගියේ ගල්බඩ අතුරුවැල්ල ඉස්කෝලෙට. ඒත් මට ඉගෙනීමට ඒ තරම් ආසාවක් තිබ්බේ නැහැ. මගේ හිතේ තිබුණෙම වෙළෙඳාමක් කරන්නමයි. ඒ නිසා මම වැඩිකල් පාසල් ගියේ නැහැ. පාසල් ගමන නතර කරලා ගමේ වෙළෙඳසල් කිහිපයකම වැඩට ගියා. ඒත් මට ඕනෑ වුණේ මගේම කියලා පුංචි බිස්නස් එකක් කරන්නයි. ඉඳුරුව තමයි ඒ කාලේ පැදුරුවලට ප්‍රසිද්ධම ගමක් වුණේ. මම ගෙවල් ගාණේ ගිහින් පැදුරු එකතු කරලා බරබාගෙක දාගෙන ඉදුරුව හන්දියට ගිහින් එතැන ඉඳලා ලොරියක හරි බස් එකක හරි දාගෙන කරවනැල්ලට අරන් යනවා. එහේ මං දන්න කෙනකුගේ කාමරයක් මට ලැබුණා. ඒ කාමරේ පැදුරු දාගෙන සතියක් දෙකක් ඉඳලා හැටන්, බගවන්තලාව, වගේ අෑත පළාත්වලට ගිහින් පැදුරු විකුණුවා. . මගේ අතමිටත් සරු වුණා. ඒ කාලේ බොරුපන් පැදුරක මිල සත තිහයිගල්ලැහැ පැදුරක් සත අසූවයි. මම සල්ලිත් අරගෙන සමහර දවස්වලට එනකොට හවස හයත් පහු වෙලා. දැන් ඒ වගේ වෙලාවක සල්ලිත් අරගෙන පාරකට බැහැලා ගියොත් නම් බෙල්ලත් කපලා සල්ලි අරගනියි.....”

“දේශපාලනය කරන්න ගියත් ඒ කාලේ දැන් වගේ යුද්ධ කරගත්තේ නැහැ. ඩී. ඇස්. සේනානායක, බණ්ඩාරනායක, කොතලාවල, නුගවෙල, කුලරත්න, විලියම් සිල්වා වගේ මහත්තුරු දේශපාලනයේ හිටියා මට හොඳට මතකයි. ඒ කාලේ දේශපාලනයට ආවේ හොඳ වැදගත්, උගත්, මහත්තුරු පමණයි. ඒ අය ඡන්ද කාලෙට රැස්වීම් තියලා හරිම සාමකාමී විධියට හැසිරුණා. එක එක්කෙනාට අපහාස වෙන විධියට කතා කළේ නැහැ. බැන ගත්තේ නැහැ. ඒ අය රැස්වීම්වල කිව්වේ තමන් ජනතාව වෙනුවෙන් කරන වැඩ ගැන තමයි. නැතුව එක එක්කෙනාට මඩ ගැහුවේ නැහැ. ගම්වලටත්, මිනිස්සුන්ටත්, සේවයක් කරන්නමයි ඒ කාලේ දේශපාලනයට ආවේ. එහෙම නැතුව දේශපාලනය කරලා හම්බ කරගන්න නම් ඒ මහත්තුරු හිතුවේ නැහැ. ඒ කාලේ බළපිටිය - අම්බලන්ගොඩ කියලා බහු ආසනයක තමයි අපි හිටියේ. පහුකාලෙක බළපිටිය ආසනය කියලා වෙන් කළා. ඊටත් පස්සේ තමයි බෙන්තර - ඇල්පිටිය ආසනය වෙන් කළේ. ඩී. ඇස්. සේනානායක මහත්තයගේ කාලේ මට හොඳට මතකයි. අපේ රටට 1948දී නිදහස ලැබෙනවත් මට මතකයි...”

“ඒ කාලේ කුලී වැඩ කරන කෙනකුට දුන්නේ සත පනහයි. මඟුල් ගෙදරකට මඟුල් කෑමකට ගියොත් දෙන්නේ සත පනහයි. නැත්නම් රුපියලයි. සත පනහක් කියන්නේ ඒ කාලේ ලොකු ගාණක්. මනාල ජෝඩුව ගියේ ලස්සනට සරසපු තිරික්කලවලින්. හාල් සේරුවක් සත අටට ගන්න තිබුණා. හැමෝම වගේ ගොවිතැන් කරන නිසා කඩෙන් හාල් ගන්න ඕනෙ වුණේ නැහැ. මඟුල් ගෙයක් වුණාම හරි, අවුරුද්දට හරි ගමේ හැමෝම වගේ එකතු වෙලා තමයි වී කෙටුවේ, පිටි කෙටුවේ, කැවිලි ජාති හැදුවේ.

හැම දේටම ගම්වල පුදුම සමඟියක් සහයෝගයක් තිබුණා. අර ගෙදරට හොරෙන් මේ ගෙදර වැඩ කෙරුවේ නැහැ. ගැහැනු ළමයකුට වුණත් ඕනෙම වෙලාවක බයක් හැකක් නැතුව තනියම පාරේ බැහැලා යන්න පුළුවන්කමක් තිබුණා. ඒ වුණත් ගැහැනු ළමයි එහෙම ගියේ නැහැ. මවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, හරිම කීකරුව තමයි හිටියේ. ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි, ගම්මුලාදෑනි මහත්තයටයි, ස්කෝලෙ මහත්තයටයි, වෙද මහත්තයටයි, හැම දෙනෙක්ම හරි ගරු සරුවෙන් තමයි හිටියේ. කවුරුවත් ඊට ඉහළින් වැඩ කරන්න ගියේ නැහැ. ඒ ගෙවී ගිය කාලේ ගැන මතක් වෙන කොටත් හිතට දැනෙන්නේ හරිම සතුටක්.”

මබ්විම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top