Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
"මමත් මිය ගියා කියලා හිතලා පැත්තකින් තියලා. ඒත් හමුදාවේ හෙදියක් මගේ ඇඟේ පණ තියනව කියලා දැකලා මූලික වෛද්‍ය ප්‍රතිකාර කරලා .." - යුද බිමේ මහ සෙනෙවි කොබ්බෑකඩුව ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි

- "මමත් මිය ගියා කියලා හිතලා පැත්තකින් තියලා. ඒත් හමුදාවේ හෙදියක් මගේ ඇඟේ පණ තියනව කියලා දැකලා මූලික වෛද්‍ය ප්‍රතිකාර කරලා .." - යුද බිමේ මහ සෙනෙවි කොබ්බෑකඩුව ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,524 Views
"කොබ්බෑකඩුව සර් හා ජයමහ සර් ඒ හෙලිකොප්ටරයේ දාගෙන අරගෙන ගියා..."

"පසුව දැනගන්නට ලැබුණා ඒ සර්ලා දෙන්නාත් මියගියා කියා..."

මින් වසර 28කට පෙර එනම් 1992 අගෝස්තු 8 වැනිදා යාපනය කයිට්ස් දූපත දෙදරුම් කවමින් අරාලිතුඩුව හංදියේ දී බිම් බෝම්බයක් පුපුරා ගියේ රණවිරු සෙන්පතියන් දෙදෙනකු ඇතුළු අභීත රණවිරුවන් 10 දෙනකුට ජීවිතය අහිමි කරමිනි.

එම බෝම්බයේ ප්‍රබලත්වය කොතරම්ද කියනවා නම් බෝම්බයෙන් නැගුණු දුහුවිලි වලාව අහසට ගොස් බිමට පහත්වීමට විනාඩි හතරක පමණ කාලයක් ගතවිය.
 
අධිබලැති බිම් බෝම්බයට ගොදුරු වූ දස දෙනා අතර රටට ආදරය කළ වීර සෙන්පතියන් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බ්‍රිගේඩියර් විජය විමලරත්න යන මහත්වරුද සිටියහ. මෙම පුවත ඇසූ සමස්ත දේශයේම ජනතාවගේ හද ගැස්ම මොහොතකට කම්පනය වී නතර විය.

ඔවුන්ට අමතරව, නාවික හමුදාවේ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, යුද හමුදාවේ කර්නල් එම්.ආර්. ස්ටීවන්, කර්නල් එච්. ආරියරත්න, කර්නල් වයි.එන්. පලිපාන, මේජර් නලින් අල්විස්, ලුතිනන් චන්දිම විජයපුර, ලුතිනන් අසංක ලංකාතිලක සහ සෙබළ ඩබ්ලිව්.ජී. වික්‍රමරත්න යන විරුවෝද දිවිපිදූවන් අතර වූහ.

යාන්තම් ජීවිතය බේරාගෙන තිබුණේ බ්‍රිගේඩියර් විජය විමලරත්න මහතාගේ අවි සහායකයා (බඩී) ලෙස සේවය කළ හමුදා කෝප්‍රල් උපාලි විජේකෝන් මහතා පමණයි.

ජීවිතය බේරුණත් ඔහුට දෙපා අහිමිව ගියේය.

අරාලිතුඩුවේ බෝම්බ පිපිරවීම සියැසින් දුටු නාවික නිලධාරියෙක් අපට නොබෝදා ජාඇළ ඒකල ග්‍රාමයේදී හමුවිය. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 12ක පමණ කාලයක් සේවය කර මේ වනවිට විශ්‍රාම ලබා සිටින ඔහු නායක නැවි දවටගේ පූජිත මනෝහර ඇන්තනී පෙරේරා මහතාය. ඒ ඛේදවාචකය පූජිත මනෝහර රණවිරුවා අපට විස්තර කළේ මෙසේය.

“ඔය කාලේ මම නාවික හමුදා බළ නැවියෙකු ලෙස රාජකාරිය කළා. මේ බිහිසුණු සිද්ධිය මගේ ජීවිතය තිබෙන තුරාවට අමතක වෙන්නේත් නැහැ.

යුද හමුදාවේ ජීප් රථ දෙකක් හා නාවික හමුදාවේ ජීප් රථයක් අරාලිතුඩුවට ගියා. එක් ජීප් රථයක ලුතිනන් ජනරාල් කොබ්බෑකඩුව සර් ඇතුළු කණ්ඩායමක් සිටියා. බංකර් පෙනෙන නොපෙනෙන මානයේ අපේ වාහන නතර කළා. ඊට පස්සේ නාවික හමුදාවේ කොටදෙණිය ජයමහ සර් ද නංවාගෙන කොබ්බෑකඩුව සර් ගිය රථය අරාලිතුඩුව දෙසට ගමන් කළා.

ජීප් රථවලින් ආ මේජර් රූපසිංහ හා මේජර් ඉඳුරුව යන සර්ලා ඇරෙන්න අනෙක් සියලු දෙනා කොබ්බෑකඩුව සර් ගමන් කළ ලෑන්ඩ්රෝවර් ජීප් රථයට ගොඩවුණා. ඒ ජීප් රථයේ දහයක් හෝ එකොළහක් පමණ දෙනා ගොඩවුණා මට මතකයි. ඔවුන් නැවත එනතෙක් අපි බලාගෙන සිටියා. මම අපේ රථයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර තිබූ නිසා එහි ඉදිරිපස අසුණේ වාඩිවෙලා සිටියා. මේජර් රූපසිංහ හා මේපර් ඉඳුරුව සර්ලා තාර පාර අසල කතාබහ කරමින් සිටියා. අපේ වාහනවලට එන්න එපා කිව්ව නිසයි සර්ලා එක්ක ඒ ගමන අපි ගියේ නැත්තේ.

ඔහොම ඉන්න අතරවාරයේ පෙරවරු දහයට විතර හෙලිකොප්ටරයක ශබ්දයක් ඇසුණා. ඒ හෙලිකොප්ටරය අරාලිතුඩුව දෙස සිට මුහුද පැත්තට එනවා තමා මා දැක්කේ. ඒ හෙලිකොප්ටරය යනවාත් එක්කම අරාලිතුඩුව පැත්තට ගිය කොබ්බෑකඩුව සර්ලා ගිය ලෑන්ඩ්රෝවර් ජීප් රථය අපි ඉන්න පැත්තට එනව දැක්කා. ලෑන්ඩ්රෝවර් ජීප් රථය ආවේ ගිය පාරෙන් නෙමේ. පාරට මඳක් ඈතින් වැලි පාරකින් තමා එනවා මා දුටුවේ. වැලි පාර ඔස්සේ ආ ලෑන්ඩ්රෝවර් ජීප් රථය තාර පාරට දමනවාත් සමගම මම මගේ ජීප් රථය ස්ටාර්ට් කළා. එහෙම කළේ කොබ්බෑකඩුව සර්ලා ආපු ගමන්ම ආපසු යන බව දන්නා නිසයි.

කොබ්බෑකඩුව සර්ලා එන ජීප් රථය දෙස බලාගෙන සිටියා. ඒ ජීප් රථය වැලි පාරෙන් තාර පාරට දමනවාත් සමගම මහ හඬක් නංවමින් ඒ ජීප් රථය පුපුරා ගියා. පිපිරීම් හඬ මහා භයංකාර හඬක්. මොකද වුණේ කියා මට හිතාගන්නවත් බැරිව ගියා. මේ පිපිරීමෙන් අඩි 30ක් පමණ උසට දූවිලි නැගුණා. ඒ දූවිලි බිමට පාත්වෙන්න විනාඩි තුනක් හෝ හතරක් විතර ගියා. මේ පිපිරීමත් එක්කම මේජර් රූපසිංහ හෝ මේජර් ඉඳුරුව සර් පිපිරුවා නේද කියා කෑගසනවා මට ඇසුණා.

ඉහළට නැගී තිබුණු දූවිලි වලාව පහව යාමත් සමගම මා මොහාන් ජයමහ සර් බිම වැටී සිටිනවා දුටුවා. සර්ව දැක්ක ගමන් මා පණගන්වා තිබූ ජීප් රථය පදවාගෙන එතැනට ගියා. කොබ්බෑකඩුව සර් ද එහි බිම වැටී සිටියා. කෝප්‍රල් උපාලිගේ කකුල් දෙක කැඩී සිරුරෙන් වෙන්වුණ ආකාරයට තිබුණා. ඔහු කකුල් දෙක සොලවමින් වේදනාවෙන් කෙඳිරි ගෑවා. මම ජයමහ සර්ව ජීප් එකේ දාගෙන මඳ දුරක් ඉදිරියට ආවා. බෝම්බය පුපුරා යාමෙන් ජීප් රථයේ සිටි අනෙක් නිලධාරීන්ගේ සිරුරු කොටස්වලට කැඩී තැන් තැන්වලට විසිරී තිබුණා. විමලරත්න සර්ගේ සිරුර දෙකට කැඩී ගොස් තිබුණ බව මා දුටුවා. පිපිරීමෙන් ජීප් එක උඩුබැලි අතට පෙරළී තිබුණා. එය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණා.

බෝම්බය පුපුරාගොස් පැය කාලකට විතර පස්සේ හෙලිකොප්ටරයක් ආවා. කොබ්බෑකඩුව සර් හා ජයමහ සර් ඒ හෙලිකොප්ටරයේ දාගෙන අරගෙන ගියා. පසුව දැනගන්නට ලැබුණා ඒ සර්ලා දෙන්නාත් මියගියා කියා. හමුදාවේ ගිලන් රථයකින් ආ වෛද්‍ය බළකායේ කණ්ඩායමක් කෝප්‍රල් උපාලිට ප්‍රතිකාර කළා. දෙවනුව ආ හෙලිකොප්ටරයකින් ඔහු හා තවත් අයෙක් අරගෙන ගියා. හමුදාවේ ඉහළ නිලධාරියෙක් ලබාදුන් නියෝගයක් අනුව මියගිය අයගේ සිරුරුවල කොටස් අප එකතුකර කාපට් එකක් මත තැබුවා. තුන්වැනි වතාවට ආ හෙලිකොප්ටරයට ඒ සියලුම සිරුර කොටස් පටවා යැව්වා.”

බෝම්බය පුපුරායාමෙන් අඩි 2 1/2 ක පමණ ගැඹුරු වළක් හෑරී තිබුණ බවද මනෝහර මහතා කතාබහ නිම කිරීමට මත්තෙන් කියා සිටියේය.

අරාලිතුඩුව හංදියේ සිදුවූ බිම් බෝම්බය පුපුරා යාමෙන් දෙපා අහිමි වූ විශ්‍රාමික බලලත් නිලධාරී උපාලි විජේකෝන් මහතා ගෙන්ද මේ ගැන තොරතුරු විමසා සිටියෙමි.

1985 වසරේ යුද හමුදාවට බැඳී ඇති උපාලි විජේකෝන් මහතා 2002 වසරේ හමුදා සේවයෙන් විශ්‍රාම ලබද්දී සිටියේ බලලත් නිලධාරි නිලයේය.

උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවය කළේ ඔහුගේ දෙපාද අහිමිව තිබියදීය.

දෙපා අහිමිවූවෙක් මන්ත්‍රීකමක් දරා ඇත්තේ මෑත ඉතිහාසයේ පළමු වරටය.

“කොටින්ගේ පාලනයට නතුව තිබූ යාපනය අර්ධද්වීපය ගලවා ගැනීමට කොබ්බෑකඩුව සර්, ෆයිනල් කවුන්ට්ඩවුන් කියා මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කළා. විජය විමලරත්න සර් වගේම අනෙක් හමුදා නිලධාරීන්ගේද සහාය ඒ සඳහා ලබාගත්තා. කළපු ප්‍රදේශය පරීක්ෂා කර බලා ඊට පස්සේ කයිට්ස් දූපතට ගියා. කයිට්ස් දූපතට සර්ලා කට්ටිය ගියා. මම විමලරත්න සර්ගේ අධි ආරක්ෂකයා ලෙස කටයුතු කළා. කෝප්‍රල් කමලසිරි ද අපිත් එක්ක මේ ගමනට එක්වී සිටියා.

කයිට්ස් දූපතේ සාම සාකච්ඡාවක නිරතවෙලා ආයෙත් අරාලිතුඩුවේ හංදියට යන්න තීරණය කළා. අපි අරාලිතුඩුව හංදියට යන්න ජීප් එකට ගොඩවුණා. මම ජීප් එකේ පස්සෙන් එල්ලුනා. කෝප්‍රල් කමලසිරිත් දුවගෙන ඇවිත් ජීප් එකේ එල්ලුනා. කොබ්බෑකඩුව සර් කිව්වා කෝප්‍රල් කමලසිරිට ජීප් එකෙන් බහින්න කියා. කට්ටිය වැඩි නිසා සර් එහෙම කිව්වේ. කෝප්‍රල් කමලසිරි ජීප් එකෙන් බිමට බැස්සා.

අරාලිතුඩුව හංදියට ගිහින් ආපසු එන ගමන් තමා අපේ ජීප් එක බිම් බෝම්බයකට අසුවුණේ. මාවත් මිය ගිහිං කියා හිතාගෙන පැත්තකින් තියලා. ඒත් හමුදාවේ හෙදියක් මගේ ඇඟේ පණ තියනව කියා දැක රෝහල්ගත කිරීමට පෙර මූලික වෛද්‍ය ප්‍රතිකාර දී තිබෙනවා. කෝප්‍රල් කමලසිරි මගේ ළඟට දුවගෙන ආවා. කොබ්බෑකඩුව සර්ටයි විමලරත්න සර්ටයි මොකද වුණේ කියා ඔහුගෙන් ඇසුවා මතකයි. ඊට පස්සේ මට සිහිය නැතුව ගියා. ඒ වෙනකොටත් මගේ කකුල් දෙක සිරුරෙන් වෙන්වෙලා තිබුණා. හෙලිකොප්ටරයකින් මාව පලාලි කඳවුරට අරගෙන ඇවිත් තිබුණා. ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෝයි සර් මගේ කකුල් දෙකෙන් වහනය වන ලේ ගමන නතර කර ලේ පයින්ට් 21ක් ලබාදුන් බව පසුව දැනගත්තා.”

තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමාකර රටට නිදහස හා සාමය උදාකර දුන් එවකට ජනාධිපතිවරයාව සිටි වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ හා එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන බව කතාබහ නිමා කිරීමට මත්තෙන් රණවිරු උපාලි මහතා පැවසුවේය.

කොබ්බෑකඩුව මහතාගේ නියමයකින් එදා ජීප් රථයෙන් බැස්ස නිසා ජීවිතය බේරාගත් කෝප්‍රල් ටී. කමලසිරි මහතා හලාවත මාදම්පේ මහබද්දේගම පෙරේරා මාවතේ පදිංචිව සිටින අතර මේ වනවිට ඔහු සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

කොබ්බෑකඩුව සෙන්පතියා සෑම දමිළ ජාතිකයෙක්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් ලෙස සැලකුවේ නැත. ජාතිවාදයෙන් තොර වූ ඔහු දේශප්‍රේමියක් විය.

ඒ නිසා සිංහල ජනතාවට පමණක් නොව දෙමළ හා මුස්ලිම් ජනතාවට ද බොහෝ ළෙන්ගතුව කටයුතු කළ සැබෑ මානව හිතවාදියෙක් විය.

කොබ්බෑකඩුව සෙන්පතියා මානුෂීය ගුණාංගවලින් පිරිපුන් සංවේදී මිනිසෙකු බව කියාපෑමට මේ කතාව කදිම සාධකයක් බව දක්වමින් මෙම සටහන අවසන් කරන්නේ මේ කතාවෙනි.

දින වකවානු හෝ මිය ගිය බාලවයස්කාර දරුවාගේ හෝ එම දරුවාගේ මව්පියන්ගේ නම් දැන් මතකයේ නැතත් සිද්ධිය මතකය.

කොළඹ ජාතික රෝහලේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි බාලවයස්කාර දරුවෙකු සුව කරගැනීම සඳහා යන සියලු වියහියදම් දරා ඇත්තේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතියාය.

කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේ දරුවා මියගිය අතර ඒ බව දැනගත් කොබ්බෑකඩුව සෙන්පතියා යුද බිමේ සිට රෝහලට පැමිණියේ එම දරුවාට අවසන් ගෞරව පුදකර යාමටය.

දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියේය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පොලිස් මෘත ශරීරාගාරයට ගොස් දරුවාගේ දේහයට අවසන් ගෞරව දක්වා නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියටද පැමිණ එහි රැඳී සිටි මව්පියන් මුණගැසී කනගාටුව ප්‍රකාශ කළේය.

දැරියගේ අවසන් කටයුතු සඳහා යන සියලු වියහියදම් දැරුවේ කොබ්බෑකඩුව සෙන්පතියාය.

මේ කළ උදව්ව ගැන මුකුත් ලියන්න එපා. ඔහු මගෙන් කාරුණිකව එදා ඉල්ලා සිටියේය. ඒ දැරියගේ අසරණ මව්පියන් ඔහුගේ දෙපාමුල වැඳ වැටුණු අන්දමත් වඳින්න එපා කියා ඔවුන් දෙපොළගේ උරහිස් අල්ලා එසවූ ආකාරයත් මට තවමත් මතකය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලංකාදීප





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top