ඉන් අයෙක් විවාහකයි, අනෙක් කෙනා අවිවාහකයෙක්...
දැරියව සපුගස්කන්දටයි, ඇලකන්දටයි රැගෙන ගිහින්..
14 හැවිරිදි දැරියකට අතවරයක් කිරීම සම්බන්ධව දෙදෙනෙකු පසුගියදා (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව බියගම පොලිසිය සඳහන් කළා.
මොවුන් විසින් මෙම දැරිය සපුගස්කන්ද හා ඇලකන්ද යන ප්රදේශවලට රැගෙන ගොස් අතවර කර ඇතැයි ද තොරතුරු වාර්තා වනවා.
ඉන් එක් පුද්ගලයෙකු 36 හැවිරිදි විවාහ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා 26 හැවිරිදි අවිවාහකයකු වනවා. මොවුන් බියගම හා කැළණිය යන ප්රදේශ-වල පදිංචිකරුවන්.
දැරිය වෛද්ය පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරගෙන යන අතර සැකකරුවන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
(ලංකාදීප පුවත්පතෙන් උපුටා ගැනුමකි.)