Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
පළමු ප්‍රතිඵලය මාතරින් වෙන්න පුළුවන් - මැතිවරණ කොමිසමේ සභාපති පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන දුන්න ඉඟිය - Video

- පළමු ප්‍රතිඵලය මාතරින් වෙන්න පුළුවන් - මැතිවරණ කොමිසමේ සභාපති පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන දුන්න ඉඟිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,635 Views
මෙරට 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහමැතිවරණය හෙට පෙරවරු 7 ට ආරම්භ වනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැටදෙලක්ෂ 63,885 ක්.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසීමට පසු දින එනම්, අගෝස්තු 6 වනදා උදෑසන 7 ට සහ 8 ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77 කදීයි.
 

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර මහමැතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වන අතර, ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු ඊයේ සහ අද සිදුකෙරුණා.

මේ අතර, මාතර මැතිවරණ කාර්යාලයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ මහමැතිවරණයේ පළමු නිළ ඡන්ද ප්‍රතිඵලය ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

මේ අතර, හෙට පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5000 බැගින් මිලදී ගැනීමේ සිද්ධියක්සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඩ් රූමි ද ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ 4 වන සැකකරුයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 376 ක් මේ වනවිට පොලීසිය වෙත වාර්තා වී තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹි නිහඬ කාලය තුළ අපරාධ පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති අතර, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පැමිණිලි 19 ක් පොලීසියට වාර්තා වී තිබෙනවා.

මේ අතර, මහමැතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සමස්ත පොලිස් නිලධාරින් 82,091 දෙනෙකු යොදවා ඇති අතර, පොලිස් ජංගම මුර සංචාර අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top