තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා විසින් අද(04) මරණ දඬුවම නියම කළා.
මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ නුවරඑළිය- රාගල- හල්ගන්ඔය ප්‍රදෙශයේ පදිංචි සෝමසුන්දරම් සුරේෂ් නැමති 41 හැවිරිදි දෙදරු පියාටයි.
2014.10.24 දින රාත්‍රි තම නිවසේදි වයස අවු 3 ½ හැවිරිදි සුරේෂ් ඉන්දියා නැමති දියණිය ගෙල සිර කර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ චුදිතට මරණ දඬුවම නියම කරනු ලැබුවා.
චුදිතගේ බිරිද කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා 2014 වසරේදි විදෙස්ගත වි ඇති අතර එහිදි ඇය ශ්‍රි ලංකික තරුණයෙකු සමග අනියම් සබදතාවයක් පවත්වා ගනිමින් චුදිත සහ චුදිතගේ දරුවන්ට නොසලකා හරිමින් සිටිම නිසා උරන වු චුදිත තම අවු 3 ½ හැවිරිදි දියණිය ගෙල සිර කර ඝාතනය කර තිබුනා.