“මම එච්චර ලස්සන දෙයක් ජීවිතේට දැකලා නෑ. ඇත්තටම මම මාර පුදුම වුනා...,”
“සාමාන්‍යයෙන් කෙනෙක් එයාලව දැකලා ඇති අඩුම මිනිත්තු දෙක තුනක්වත්..”
“මම වාසනාවන්තයි, මට පුළුවන් වුනා මිනිත්තු 40 ක් ඒක දැක බලා ගන්න...”
ඉංජීනේරු සිසුවෙකු විසින් ඉන්දියාවේ සිදු කළ පළමු සෆාරි චාරිකාවේදී දුර්ලභ කළු දිවියෙකුගේ ඡායාරූප කිහිපයක් ගැනීමට සමත්ව තිබෙනවා.
බටහිර මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේහි පසුගිය මාසයේදී මෙම සිසුවා විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබුණු අතර මිනිත්තු 40 ක පමණ කාලයක් කළු දිවියා එම ස්ථානයේ සැරිසරා තිබෙනවා.
"මම එච්චර ලස්සන දෙයක් ජීවිතේට දැකලා නෑ. ඇත්තටම මම මාර පුදුම වුනා. සාමාන්‍යයෙන් කෙනෙක් එයාලව දැකලා ඇති අඩුම මිනිත්තු දෙක තුනක්වත්.. හැබැයි මම වාසනාවන්තයි, මට පුළුවන් වුනා මිනිත්තු 40 ක් ඒක දැක බලා ගන්න..."
23 හැවිරිදි ඉංජිනේරු සිසුවා සඳහන් කරනවා.
මෙම කළු දිවියා පොකුණකින් ජලය පානය කරන අයුරුත්, භූමිය සළකුණු කරන අයුරුත්, වඳුරන් පසුපස ලුහුබඳින අයුරුත් ඔහු දැක තිබුණා.
අතිශය දුර්ලභ සත්ත්වයෙක් වන කළු දිවියා මෙවන් පැහැයක් පිහිටන්නේ ජානමය විකෘති වීමක් නිසාවෙනුයි.