Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
“තොගේ මිනිහත් මැරුවා, ළමයත් කැපුවා. තෝත් ඉතුරු කරන් නෑ, තෝත් මැරුවම නඩුත් නෑ සාක්කිත් නෑ,..” - මතුගම ගමක් භීතියට පත් කරමින්, සැමියා රංජිවත්, අවුරුදු පහ හමාරක දියණිය නිශානිවත් අමානුෂික ලෙස ඝාතනය කරනවා ඇසින් දුටු මවකගේ කඳුළු කතාව

- “තොගේ මිනිහත් මැරුවා, ළමයත් කැපුවා. තෝත් ඉතුරු කරන් නෑ, තෝත් මැරුවම නඩුත් නෑ සාක්කිත් නෑ,..” - මතුගම ගමක් භීතියට පත් කරමින්, සැමියා රංජිවත්, අවුරුදු පහ හමාරක දියණිය නිශානිවත් අමානුෂික ලෙස ඝාතනය කරනවා ඇසින් දුටු මවකගේ කඳුළු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,983 Views
“මගේ දරුවා පිංකඳක් අනේ. ඒ වෙලාවේ දරුවා හිටියේ ගෙයි ඉස්සරහා සිංදු කිය කියා...”
 
“ඇසිඩ් ගහපු එක දුව දැක්කා. ඒකේ සාක්කි දුන්නේ දුව. ඒ තරහට තමයි දුවව මැරුවේ...”
 
“මගේ දුවට ඉස්කෝලේ යන්න තිබුණේ මාස දෙකයි. දුව ඉද්දගොඩ ඉස්කෝලෙට ගියේ..”
 
උරුමය වෙනුවෙන් ඇති වන කෑදරකම හේතුවෙන් සහෝදර සහෝදරයින් හෝ ඥාතීන් අතර මෙන්ම මව්පිය දූ දරුවන් අතර ද කෝන්තර ඇති වීම සුලබ කරුණක්.
 
මේ දිග හැරෙන්නේ දේපළ බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක අවසන සටහන් වූ ආකාරයයි.
 
කළුතර මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව විනිසුරු වසන්ත ජිනදාස මහතා විසින් පසුගිය දා ප්රකාශයට පත් කළේ සියල්ලන් නිහඬව බලා සිටියදීයි.

තීන්දුව නිකුත් කැරුණේ මේ ඝාතනයෙන් වසර 22කට පසුවයි.
 
එලෙස ප්රකාශයට පත් වූයේ 1998 මාර්තු 11 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මතුගම ඉද්දගොඩදී පියෙකු හා දියණියක කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුවයි.
 
මෙම නඩුවේ චූදිතයින් හතර දෙනාගෙන් දෙවන හා සිව්වන චූදිතයින්ට මරණ දඬුවම නියම වූ අතර පළමු චූදිතයා මේ වන විට මිය ගොසිනි. තෙවැන්නා ආගිය අතක් නැත.
 
මේ අයට මරණ දඬුවම හිමි වූයේ තුඩුගලගේ දොන් චන්ද්රසේන නොහොත් රංජි හා ඔහුගේ එවකට වයස අවුරුදු පහ හමාරක දියණිය වූ තුඩුගලගේ දොන් නිශානි ශෂිකලා ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි.
 
චන්ද්රසේනට රංජි යනුවෙන් ඇමතීමට කවුරුත් පුරුදු වී සිටියා. ඉතාම කුරිරු අන්දමින් ඔවුන් ඝාතනය කර තිබුණේ රංජිගේ සහෝදරයින් දෙනෙකු ගේ දරුවන් විසිනුයි.
 
රංජි විවාහ වී සිටියේ එවකට අවුරුදු තිස් පහක් පමණ වයස වූ හේමලතා සමඟයි. ඊට වසර දහයකට පෙර අනුරාධපුර, මහවිලච්චිය, ඔයාමඩුව ප්රදේශයේ සිටි හේමලතා රංජිගේ ගම වන මතුගම, ඉද්දගොඩ, මාරමුල්ල, ජයමාවතට කැඳවාගෙන පැමිණියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනයි.
 
ඒ වන විට ස්ථිර නිවසක් නොතිබූ රංජි ඔහුගේ වැඩිමල් සහෝදරයෙකු වන අමරසේනගේ නිවසේ නවාතැන් ගත් අතර වැඩි කල් නොගොස්ම කටුමැටි ගසා කුඩා පැල්පතක් ඉදි කරගැනීමට ඔහු සමත් වුනා. පුංචි පැල්පතට සිරිදේවිය වඩින්නට වැඩි කල් ගියේ නෑ.
 
නිශානි සශිකලා දියණිය ඔවුන් අතරට ආවේ වාසනාව ද කැන්දාගෙනයි. ඉන්පසු ඒ පැල්පතේ සතුට දෝරේ ගලා ගියේ කොතරම් අඩුපාඩු තිබුණත් සියල්ල යටපත් කරමිනුයි.
 
රංජි වෘත්තියෙන් වඩුවෙක්. හේමලතා ලැවරියා තම්බා කඩවලට දැමීමෙන් තවත් කීයක් හෝ අතට ගත්තා. පුංචි දියණිය උස්මහත් වෙද්දි ඔවුන් දෙපළ අළුතින් නිවසක් ඉදිකර ගැනීමටද කටයුතු කළා.
 
සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ රංජියි. අමරසේන හා පියසේන අයියලා දෙදෙනා ඔවුන්ගේ දරු පවුල් සමඟ රංජිගේ නිවස දෙපස පදිංචිව සිටියා.
 
පැල ඉණි වැටකින් වෙන්ව තිබූ මේ නිවසේ රංජිත් හේමලතාත් දියණිය සමඟ පාඩුවේ ජීවත් වූයේ දින දින දියුණු වෙමින්. රංජිගේ පියා ඉඩමේ අයිතිය රංජිට ලියා දීමට කටයුතු කළේ මේ අතරයි.
 
මේ නිසා සහෝදරයින් අතර නොහොඳ නෝක්කාඩු ඇති වන්නට ද පටන් ගත්තා.
 
රංජිගේ සහෝදරයින් මත් වතුරට පුරුදුවී සිටි අතර නීති විරෝධී ලෙස මත්පැන් පෙරීම සම්බන්ධයෙන් පොලිසියද නිතර නිතර මාරමුල්ල ගම්මානයේ වැටලීම් සිදු කළා.
 
මත්ලෝලීන් සැක කළේ පොලිසියට ඔත්තු දෙන්නේ රංජි කියායි. මේ නිසා මේ යුවළ සමඟ තිබූ කෝන්තරය එන්න එන්නම දළුලා වැඩෙන්නට ගත්තා.
 
අවසානයේ එය වෛරයක් බවට පෙරළුණා. මේ අතර දිනක් අමරසේන අයියා රංජි මල්ලිට ඇසිඩ් ගසන්නේ මෙම කෝන්තරවල වාඩුව ගැනීමට විය යුතියි.
 
නාගොඩ රෝහලේ ප්රතිකාර ලැබූ රංජි සතියකට පමණ පසු නිවසට පැමිණියා. ඇසිඩ් ප්රහාරයකට ඔහුගේ දෑසට හානි වී තිබූ බැවින් නාගොඩ සිට ඔහු නිවසට පැමිණියේ කොළඹ ඇස් රෝහලෙන් ප්රතිකාර ලබා ගැනීමටයි.
 
සිද්ධිය වූ දින හවස හතට පමණ රංජිගේ දියණිය නිවසේ ඉදිරි දොර අසළ සිංදු කියමින් සිටියා. ඇඳේ හාන්සි වී සිටි රංජි දියණියගේ සුරතල් හඬට සවන් දෙමින් හේමලතා කුස්සියේ රාත්රී ආහාර පිළියෙල කරන තුරු බලා සිටියා. එවිට නිවස පිටුපසින් "පුංචි අම්මේ.. පුංචි අම්මේ.." කියන හඬක් ඇසුණා..
 
ඒ අමරසේන අයියගේ පුතකු වන අජිත් ය. ඔහු කුස්සියේ මේසය උඩ තිබූ වීදුරුවක් ගෙන එළියට ගියේ හොඳ හැටි සප්පායම් වීම සඳහායි. එහෙත් අජිත් පැමිණ සිටියේ තනිවම නොව සහෝදරයෙකු වන ලසන්තත්, මාමා වන මිල්ලනේ මාමාවත් පියසේන අයියාගේ පුතෙකු වන ලක්ෂ්මනුත් සමඟයි.
 
භූමිතෙල් කුප්පියේ එළියෙන් බත් උයමින් සිටි හේමලතා දුටුවේ ඔවුන් නිවස පිටුපස තිබූ ගල්තලාව උඩ ඉඳගෙන හොඳ හැටි මත්පැන් සාදය පවත්වන අයුරුයි.
 
සැමියාගේ අසනීප තත්ත්වය නිසා ඔවුන්ට ඉවත්ව යන ලෙස හේමලතා පැවසුවත් ඔවුන්ගේ පිළිතුර වූයේ අද පොලිසිය පැමිණෙන නිසා පොලිසියට පහර දීමට තමන් එකතු වී සිටින බව කියමිනුයි.
 
ඉන්පසු මේසය මත බෙදා තිබූ බත් පිඟන්ද රැගෙන ඔහුන් නිවස පිටුපස ඇති ගල මත ඉඳගෙන තළු මැරුවේ ඊළඟ සැලසුම ක්රියාත්මක කිරීමට සුදුසු වේලාව පැමිණෙන තුරුයි. රංජි ඇමතු ලසන්ත ඔහු එළියට කැඳවූවා.
 
හේමලතා ද සැමියා පසුපස එළියට ගියේ එහුගේ දෑස් පෙනීම දුර්වලව තිබූ නිසායි. එවිට ඇය දුටුවේ ලසන්තගේ සරමට යටින් පිට දිගේ කඩුවක් තිබෙන අයුරුයි. එකවර කඩුව ඇදගත් ලසන්ත ක්රියාත්මක වන විට රංජි මරහඬ දීගෙන බිම වැටුණේ සියල්ල උඩුයටිකුරු කරමින්. බියට පත් හේමලතා නිවස ඇතුළට පැන ගත්තා.
 
ඉදිරිපස දොරෙන් නිවසට ඇතුළු වූ අළුගෝසුවන් සිව් දෙනාගෙන් මිල්ලතේ මාමා හේමලතාගේ හැට්ටයෙන් අල්ලා ගත් නමුත් පදමට වෙරි වී සිටි ඔහුගේ අත ගසා පැන යාමට ඇය ට හැකිවුනා.
 
සිද්ධිය පිළිබඳ සාක්ෂි ලබා දෙමින් හේමලතා පවසා තිබුනේ මෙවැන්නක්..
 
"මම විවාහ වී පුරුෂයා සමඟ අමරසේනගේ නිවසට පැමිණ මෙම කුඩා පැල හදාගෙන සිටියා. එහිදී අපේ දියණිය ලැබුණා. එසේ සිටියදී නිතර ඉඩම් ආරවුල් ඇති වුනා. පුරුෂයාගේ අයියා අමරසේන බීගෙන ඇවිත් නිතරම බනිනවා. අපි දොර වහගෙන නිදාගන්නවා.."
 
"මේ මාසේ 21 රාත්රීයේ අමරසේනගේ පුතා දුවට කම්මුල් පාරවල් දෙකක් ගැහුවා. ඇයි ගැහුවේ කියා පුතාගෙන් අහන්න ගියාම අමරසේන සැමියාට ඇසිඩ් ගැහුවා. මාර්තු 7 වෙනිදා සැමියා රෝහලෙන් ගෙදර ආවා. ඔහුගේ ඇස් පෙණුනේ ඉතා අඩුවෙන්..."
 
"98-03-01 රාත්රීයේ හතට විතර මගේ කුස්සිය දෙසින් අජිත් ප්රියන්ත, ලසන්ත නිරෝෂණ, ලක්ෂ්මන් ප්රියංකර, මිල්ලතේ මාමා (සෝමසිරි) යන අය පැමිණ අජිත් ප්රියන්ත කුස්සියෙන් ඇතුළු වී පුංචි අම්මේ වීදුරුවක් ගන්නවා කියා මේසේ උඩ තිබ්බ වීදුරුව අරන් කුස්සියේ එළියේ වාඩිවෙලා ගෙනාපු කසිප්පු බිව්වා.."
 
"බොනකොට මම කිව්වා මගේ පුරුෂයා ඉන්න තත්ත්වය දන්නවනේ.. ඒක අරගෙන යන්න කියලා.. ඔවුන් කීවා බය වෙන්න එපා අද පොලිස්කාරයෝ එනවා. උන්ට ගහන්න තමයි අපි සෙට් වෙන්නේ කියලා. එසේ සිටින ගමන් බත් ටිකක් ඉල්ලලා මේසේ උඩ බෙදා තිබුන බත් දෙකෙක් එකක් අජිත් එළියට අරගෙන ගියා.."
 
"බත් කන අතරේ ලසන්ත මගේ පුරුෂයාට කතා කරලා එළියට ගත්තා. මමත් එතැනට ගියා. එවිට එක්වරම ලසන්ත මගේ පුරුෂයාට කඩුවෙන් පහරක් ගැහුවා. පුරුෂයා බිම වැටුණා. එවිට මම ගේ ඇතුළට පැන්නා. එවිට ඉදිරි දොරෙන් හතර දෙනාම ඇතුළු වුනා. සෝමේ මම ඇඳලා හිටිය හැට්ටෙන් අල්ලගත්තා. ඒත් ඔහුගේ බීමත්කම නිසා මා ඔහු තල්ලු කර පැන දිව්වා. ඔහු කඩුවත් සමඟ බිම වැටුනා. කුස්සියේ දොරෙන් එළියට පැන මම කුඹුර දිගේ ගොස් ඉස්කෝලේ මහත්තයාගේ ගෙදරට ගියා. අනේ වස්තුවේ අපේ ගෙදරට එන්න එපා අපිවත් මරයි කියා ඔහු කිව්වා..."
 
"මම ගිය ඉස්කෝලේ මහත්තයා ගේ වහලා පැනලා ගියා. මම කැලේ ඉඳලා බලාගෙන හිටියා දුව අඬයිද කියලා. එවිට ඔවුන් කඩුව අරන් ඇවිත් කැලේ හැමතැනම මාව හෙව්වා.."
 
"අජිත් හයියෙන් කෑ ගහලා කිව්වා, එළියට වරෙන් තෝත් මරනවා, මේ ගෙයි කවදාහරි මම තමයි ඉන්න ඕනෑ, තොගේ මිනිහත් මැරුවා, ළමයත් කැපුවා. තෝත් ඉතුරු කරන් නෑ, තෝත් මැරුවම නඩුත් නෑ සාක්කිත් නෑ, කියලා.."
 
"අනිත් අයත් මගේ නිවස ළඟට ඇවිත් කෑ ගැහුවා.."
 
"වරෙන් වරෙන් උඹේ ළමයාගේ මිනිය ගන්න, තොගේ කෑලි කන්න වරෙන්.. වරෙන් කිව්වා. ඔවුන් ගෙදරට පහර දෙනවා මට ඇහුණා. ඒත් මම කැලේට වෙලාම හිටියා. පසුව පොලිස් ජීප් රථය එන සද්දේ මට ඇහුණා. මම ඔළුව උස්සලා බලා සිටින ජීප් රථයෙන් ආ රාළහාමිලා ක්තා කරනවා ඇහුණා. ඔවුන් ගෙවල්වලට ගොස් පොලිසියෙන් කතා කරනවා ඇහුණා.."
 
"ඒ රාළහාමිලාට මම කෑ ගහලා කිව්වා මාව අරගන්න කියලා. ඔවුන් සමඟ මම ගෙදරට ගියා. නිවස ඉදිරිපිට මගේ දුව නිශානිව කපා මරා දමා තිබුණා.."
 
"නිවස පිටුපස කපාදමා සිටියේ මගේ පුරුෂයා රංජී.. මගේ පුරුෂයා කපා මැරුවේ ලසන්ත නිරෝෂන් බව මම හොඳටම දැක්කා..."
 
එවකට මතුගම පොලිස් මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ප්රියලාල් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්ෂි විමසීම සිදු කෙරුණා.
 
කළ කම් පළ දෙන බව සනාථ කරමින් මේ නඩුවේ පළමු වින්දිත ලසන්ත නිරෝෂන් විදුලි සැර වැදී මිය යාමත් තෙවැන්නා අජිත් සුනාමිය අවස්ථාවේ අතුරුදහන් වීමත් නිසා මරණ දඬුවම හිමිවූයේ ඉතිරි දෙදෙනාටයි.
 
දැනට පනස් අට වන වියේ පසුවන පියසීලි හේමලතා පැවසූයේ මෙවැන්නක්..
 
"මමයි රංජියි දුවයි හරිම ආදරෙන් හිටියේ. තේ කොළ ගන්න කඩේට ගියත් අපි තුන්දෙනාම එකට යන්නේ. එහෙම බැඳිලා හිටපු පවුලක් තමයි මේ විදිහට විනාශ කළේ. මගේ දුවට ඉස්කෝලේ යන්න තිබුණේ මාස දෙකයි. දුව ඉද්දගොඩ ඉස්කෝලෙට ගියේ..'
 
"මගේ දරුවා පිංකඳක් අනේ. ඒ වෙලාවේ දරුවා හිටියේ ගෙයි ඉස්සරහා පැත්තේ සිංදු කිය කියා. රංජිට ඇසිඩ් ගහපු එක දුව දැක්කා. ඒකේ සාක්කි දුන්නේ දුව. ඒ තරහට තමයි දුවව මැරුවේ. අනේ එදා මං නාගෙන ඇවිත් රෑට උයනවා. උයපු බත් ටිකත් කෑවේ උන් ගල උඩට වෙලා. ඇසිඩ් ගහපු එකට අමරසේන හිටියේ හිරේ.."
 
"රංජි බාප්පේ ඇස් පේනවද කියලා ඇහුවාම ඇස් වාට්ටු යන්න ඕනෑ කියලා එයා කිව්වා. එහෙනම් පොඩ්ඩක් එළියට එන්න කියලා ලසන්ත එයාව එළියට ගත්තා. කහපාට තුවායක් ඔළුවේ ඔතන් එයා හිටියේ. ලසන්ත පිටේ ගහගෙන හිටිය කඩුව ඇදලා එයාට ගැහුවා.."
 
"අනේ ඒක බලන්නේ කොහොමද මම උන්ගෙන් බේරිලා මම කැළේ හැංඟිලා ඉන්නකොට කඩුව ගලේ උලන සද්දේ මට ඇහුණා. කෙසෙල් ගස්, හඹූරු ගස් වහලෙට පෙරළලා තිබුණා.."
 
"මගේ ගෙයි බඩු මුට්ටුයි ගේ හදන්න ගෙනාව ලී ටිකයි සේරම උන් ගත්තා. මේ විපත වෙන කොට තාත්තා රංජිට ඉඩම ලියලා දීලා මාස දෙකයි. සින්නක්කර පර්චස් අසූවක් ලියලා තියෙනවා. අද ඒ සේරම අයිති කරගෙන ඉන්නේ ඒ පවුල්වල අය.. මට ඉතුරු වුනේ ඔප්පුව විතරයි.."
 
"මට ඉඩම විකුණ ගන්න ඕනෑ... ලොකු අසාධාරණයක් මට සිද්ධ වුනේ.. අද මම දියවැඩියා රෝගියෙක්. නංගි ළඟයි ඉන්නේ.. එයාට බරක් වෙන්න මම කැමති නෑ.."
 
"වීනිතා මනෙල් ගමගේ" විසින් "මාංචු" පුවත්පට ලියූ ලිපියක් ඇසුරිනි....
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top