60 හැවිරිදි ඇමරිකානු නිලියක් වන Valerie Bertinelli ගැන මේ දිනවල බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි. කොරෝනා කාලේ ඇයගේ මහත ශරීරය කෙට්ටු කරගත් නිසා. ඇයගේ බර 2007 වර්ෂයේදී පවුම් 172ක් තිබුණු නිසා ඇය දැඩිලෙස කම්පනයට පත් වෙලා. මේ වෙද්දී නිතිපතා ව්‍යායාම කිරීමෙන් හා ආහාර පාලනය මගින් ඇය බර අඩු කර ගෙන තිබෙනවා කියලා තමයි මාධ්‍යට කියලා තියෙන්නේ.
ඇය වගේම කවුරුත් ආදරේ කරන ඕස්ට්‍රේලියානු 40 හැවිරිදි Rebel Wilson කියන නිළියත් සෑහෙනට තමන්ගේ ශරීරයේ බර අඩු කරගෙන. 39 හැවිරිදි ඇමරිකානු නිලි Chrissy Metz ඇයගේ බර පවුම් 100කින් අඩුකර ගනිද්දී ඊට නොදෙවෙනි වෙන්න ඇමරිකානු නිලි Sherri Shepherd බර පවුම් 157කින් අඩුකරගෙන කියලා තමයි සදහන් වන්නේ.
මිට අමතරව Sherri Shepherd, වගේම 44 හැවිරිදි Ethan Suplee කියන ඇමරිකානු නළුවාත් ඔහුගේ බර අඩු කරගෙන. මුළු ලෝකයම ආදරේ කරන පොප් ගායිකා Britney Spears ඇයගේ බර පවුම් 120 කින් අඩු කරගද්දී Natalie Portman, Claire Richards, Oprah Winfrey, Jennifer Coolidge, Ricki Lake,Mo’Nique, Mama June වගේ තවත් බොහෝ චරිත තමන්ගේ ශරීරයේ බර ගැන හිතලා බර අඩුකරගෙන තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය සදහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ හැමෝම තමන්ගේ ශරීරයේ බර අඩුකරගෙන තියෙන්නේ ස්භාවිකව කියලත් කියනවා.