Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
ගලේවෙල ගමක් කම්පා කරවමින්, 8 හැවිරිදි පුංචි සනුජගේ ගෙල රෙදි කැබැල්ලකින් සිර කර, හිත්පිත් නැතිව ඝාතනය කරපු පාපතරයාගේ කෙරුවාව එළියට - Video

- ගලේවෙල ගමක් කම්පා කරවමින්, 8 හැවිරිදි පුංචි සනුජගේ ගෙල රෙදි කැබැල්ලකින් සිර කර, හිත්පිත් නැතිව ඝාතනය කරපු පාපතරයාගේ කෙරුවාව එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,244 Views
සැකපිට පොලිස් දැලේ පැටලුනේ 59 හැවිරිදි පුද්ගලයෙක්...
 
මව අහිමි වූ පුංචි දරුවා පියාගේ ළඟම ඥාතියකුගේ භාරකාරත්වයේ සිටියා...
 
ගලේවෙල පත්කොළගොල්ල ප්රදේශයේ අට හැවිරිදි කුඩා පිරිමි දරුවකු ලිංගික අපයෝජනයට ලක්කොට ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයා 04දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත වූයේ ගලේවෙල, පත්කොළගොල්ල ප්රදේශයේම පදිංචි හරකුන් සහ එළුවන් ඇති කරන පුද්ගලයෙකි. ඔහු පනස් නව හැවිරිදි පුද්ගලයකු බව ගලේවෙල පොලිසිය කියයි.
 
සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ප්රශ්න කිරීමෙන් අනතුරුව දඹුල්ල මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්ය නිලධාරිගේ වාර්තාද සමඟ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පොලිසිය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ දඹුල්ල ප්රධාන මහෙස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකරු මානසික වෛද්යවරයකුට පෙන්වා වාර්තාවක් ලබාගන්නා ලෙසත් ලිංගික අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් විද්යාත්මක පරීක්ෂණයක් කොට එම වාර්තාවද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
 
ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතා කියා සිටියේ සැකකරුගෙන් ප්රශ්න කිරීම්වලදී මීට ඉහතදීත් විවිධ දරුවන් මේ ආකාරයෙන් අපයෝජනයට ලක්වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.
 
ගලේවෙල, පත්කොළගොල්ල ප්රදේශයේ පදිංචි සනුජ පෙරේරා නමැති කුඩා දරුවකු රවටා මෙම පුද්ගලයා බරපතළ ලිංගික අපරාධයක් සිදුකොට ගෙල සිර කොට මරා දමා ඇති බව පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.
 
මෙම සිද්ධියත් සමඟ ප්රදේශවාසීන්ද දැඩි කම්පනයට පත්ව සිටින අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා විවාහක දරු දෙදෙනකු සිටින පුද්ගලයකු බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
මව අහිමිව පියාගේ ළඟම ඥාතියකුගේ භාරකාරත්වයේ මියගිය අට හැවිරිදි සිසුවා ජීවත්ව සිටියේය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර වීරරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පවත්වති.
 
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
මෙම ලිපියේ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top