Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
“මට දරුවන් හෝ ස්වාමිපුරුෂයා අවශ්‍ය නැහැ. මට ඕනෑ පෙම්වතා” - දරුවන් සිව් දෙනාත්, සැමියාත් හඬා වැටෙද්දී, 32 හැවිරිදි මවක් 19 හැවිරිදි පෙම්වතාගේ අත ගෙන පොලිසියෙන් පිටව ගිය හැටි, ඌරුබොක්ක ගමක් කම්පා කළ සිද්ධිය

- “මට දරුවන් හෝ ස්වාමිපුරුෂයා අවශ්‍ය නැහැ. මට ඕනෑ පෙම්වතා” - දරුවන් සිව් දෙනාත්, සැමියාත් හඬා වැටෙද්දී, 32 හැවිරිදි මවක් 19 හැවිරිදි පෙම්වතාගේ අත ගෙන පොලිසියෙන් පිටව ගිය හැටි, ඌරුබොක්ක ගමක් කම්පා කළ සිද්ධියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,418 Views
“මම ආදරෙයි මෙයාට. ඒ නිසා මට මෙයා නැතිව ජීවත් වෙන්න බැහැ.”
 
“පුතා ජීවිතයට මොනවා හරි කර ගනීවී යන බය නිසා මම කැමැතියි“
 
බිරිඳගේ හොර අල්ලන්න අමුතුම උපකරණයකුත් සවි කරලාලූ...
 
උෟරුබොක්ක පොලිසියට පසුගිය දිනක බෙංගමුව ප්රදේශයේ සිවුදරු පියකුගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණේ සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ පැන ගොස් ඇති බවටය.
 
ඒ අනුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බී.ටී.ඩී. සමරවික්රම මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.පො.සැ. ගීතිකා මහත්මිය (520) පැමිණිල්ල විභාග කර පවුල් ආරවුල සමථයකට පත් කිරීම සඳහා අඹුසැමි යුවළ හා අලුත් පෙම්වතා ඇතුළු පිරිස පොලිසියට කැඳවීය.
 
ඒ අනුව 42 හැවිරිදි සිවුදරු පියා, 32 හැවිරිදි බිරිය, දරුවන් සහ 19 හැවිරිදි පෙම්වතා සමඟ දෙපාර්ශ්වයේම මවුපියන්ද පොලිසියට පැමිණ සිටියහ.

මුලින්ම 32 හැවිරිදි සිවුදරු මවගෙන් දරුවන්ගේ අනාගතය ගැන සිතා නැවතත් සිය ස්වාමිපුරුෂයා සමඟ යන්න කැමැතිදැයි ස්ථානාධිපතිවරිය විමසුවාය.
 
එහිදී මව කියා සිටියේ “මට දරුවන් හෝ ස්වාමිපුරුෂයා අවශ්ය නැහැ. මට ඕනෑ පෙම්වතා” බවටය.
 
ඒ අනුව 19 හැවිරිදි පෙම්වතාගෙන් 32 හැවිරිදි සිවුදරු මව භාර ගන්න කැමැතිද කියා ඇසීය.
 
එහිදී පෙම්වතා “මම ආදරෙයි මෙයාට. ඒ නිසා මට මෙයා නැතිව ජීවත් වෙන්න බැහැ.”
 
පෙම්වතාගේ මවගෙන් ලේලිය භාර ගන්න කැමැතිද කියා විමසීමේදී මව ප්රකාශ කළේ
 
“මගේ පුතා මේ කාන්තාව නැති වුණොත් පුතා ජීවිතයට මොනවා හරි කර ගනීවී යන බය නිසා මම කැමැතියි“ කියාය.
 
පෙම්වතාගේ මවට වයස අවුරුදු 35යි. පුතාට වයස අවුරුදු 19යි (පෙම්වතාට). ඒ අනුව දරුවන් සිවුදෙනා බලා සිටියදීම පොලිසියේදීම 19 හැවිරිදි පෙම්වතා 32 හැවිරිදි සිවුදරු මවගේ අතින් අල්ලාගෙන පොලිසියෙන් පිටව ගියේය.
 
32 හැවිරිදි මවට 14 දියණියක්, අවුරුදු 12 පුතෙක්, අවුරුදු 7 දියණියක් සහ වයස අවුරුදු 3ක දියණියක් සිටී. වයස අවුරුදු 03 දියණිය තවමත් මවගෙන් කිරි බොන බවට පියා පවසයි.
 
මීට වසර 15කට පෙර මේ දෙදෙනා විවාහ වී ඇත. එතැන් සිට මේ යුවළ ඉතා සතුටින් ජීවත්ව ඇති අතර සිය ස්වාමිපුරුෂයා බිරියට දැඩි ආදරයකින් සිට ඇත. බිරියට අවශ්ය කරන හැම දෙයක්ම අඩුපාඩුවක් නැතිව ගෙනත් දී ඇත.
 
මේ කාලය ඇතුළත දරුවන් සිවුදෙනකුගේ මවක් සහ පියෙක් බවට පත්ව ඇති අතර වැඩිමහල්ම දියණියට වයස අවුරුදු 14කි.
 
පවුලේ ආදායම වැඩිකර ගැනීම සඳහා ස්වාමිපුරුෂයා එම ප්රදේශයේම කඩ කාමරයක් කුලියට අරගෙන සිල්ලර වෙළෙඳසලක් ආරම්භ කර ඇත. සිල්ලර වෙළෙඳසල ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වෙළෙඳාම සරු වූ නිසා උදවුවට වෙළෙඳසලට හිතවත් ගෝලයෙක්ද ගත්තේය.
 
එම තරුණයා වෙළෙඳසල ආසන්නයේම පදිංචි අයෙකි. ඉතා කෙටි කාලයකින් මුදලාලිගේ සිත දිනා ගත් නිසා මුදලාලිට බැංකුවට, ඉඩමට, වෙනත් ගමනක් යන්න ඕනවුණාම වෙළෙඳසලේ නතර කර යන්නේ මෙම තරුණයාය.
 
මේ අතරතුර දවල්ට මුදලාලිට කෑම එක අරගෙන එන්න මුදලාලිගේ ගෙදරට යන්නෙත් මෙම තරුණයාය. තරුණයා පමණක් වෙළෙඳසලේ ඉන්න විට මුදලාලිගේ බිරියත් වෙළෙඳසලට පැමිණෙන අතර කාලය මෙසේ ගෙවී ගියේය.
 
මේ තරුණයා සහ තම බිරිය අතර සම්බන්ධයක් තියෙන බවට මේ අතරතුර මුදලාලිට දැන ගැනීමට ලැබුණත් එය ඒ තරම් ගණනකට ගත්තේ නැත්තේ තම බිරියට දරුවන් හතරදෙනකු ඉන්න නිසාත් තරුණයාට වයස අවුරුදු 19 නිසාත්ය.
 
අවසානයේ පැතිරී යන කට කතාව නිසා මුදලාලි නව තාක්ෂණය භාවිත කරමින් උපකරණයක් නිවසේ සවි කර ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටියේය.
 
දවල්ට කෑම එක ගේන්න නිවෙසට ගිය අවස්ථාවේ බිරිය අනියම් ඇසුරක් පවත්වන බවට දැක ගැනීමට ලැබීමත් සමඟම මුදලාලිට යකා නැග්ගේය.
 
එදා සිට දෙදෙනා අතර පවුල් ආරවුල් ඇතිව ඇති අතර මීට දින කිහිපයකට පෙර බිරිය 19 හැවිදිරි තරුණයා සමඟ ගොස් එම තරුණයාගේ නිවසේ සිටින බවට දැන ගැනීමට ලැබීමත් සමඟම මේ සිද්ධිය පොලිසියට ගියේය. අලුත් පෙම්වතාගේ මවගේ වයස අවුරුදු 35ක් වන අතර පියාගේ වයස අවුරුදු 40කි.
 
කා.පො. සැරයන් ගීතිකා මහත්මිය උදාහරණ සහිතව පවුල් ජීවිතය අවුල් කරගත් ඇතැම් පුද්ගලයන්ට සිදුවූ සිද්ධීන් සහ ඉදිරියේදී ඇතිවන ප්රතිඵල ඇතුළු කරුණු කාරණා සිවුදරු මවට අවබෝධ කරදීමට දැඩි උත්සාහයක් ගත්තත් එම උත්සාහය ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල විය. කාන්තාව අලුත් පෙම්වතා සමඟ යන්නම ඕනෑ බව පවසා සිටියාය. පෙම්වතාද පෙම්වතිය ඕනෑ බවට කියා සිටියේය.
 
03 හැවිරිදි දියණිය මව නැතිව ඉන්න බැහැ කියා අඬද්දී මව දරුවන් එපා කියා පෙම්වතා සමඟ යන්න ඕනෑ බව කීවාය.
 
ස්වාමිපුරුෂයා බිරියට නැවත තම දරුවන් සමඟ ඉන්නට කතා කළත් බිරිය ඒ ඉල්ලීම ප්රතික්ෂේප කර පෙම්වතා සමඟ යන්න ඕනෑ බව පැවැසීම හේතුවෙන් දරුවන් සිවුදෙනාගේ භාරකාරත්වය පිළිබඳව නිරාකරණය සඳහා අවසානයේ මේ ආරවුල මොරවක මහෙස්ත්රාත් අධිකරණය දක්වා ගියේය.
 
ඒ දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳව ප්රශ්නය නිරාකරණය කර ගැනීමටයි. ඒ අනුව පසුගිය 30 දින මොරවක මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු ශෂිකා මිතුනආරච්චි මෙනෙවිය වෙත අඹුසැමි යුවළ සහ දරුවන් ඉදිරිපත් කෙරිණි.
 
මහෙස්ත්රාත්වරියද කාන්තාවට අවවාද කළත් ඵලක් වූයේ නැත. අවසානයේ දරුවන් හතරදෙනාගේ භාරකාරිත්වය පරිවාස නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ පියාට පැවැරීමට නියෝග කෙරිණි.
 
ඒ අනුව පියා දරුවන් හතරදෙනා සමඟ අධිකරණයෙන් පිටව ගිය අතර 03 හැවිරිදි දියණිය අම්මා නැතිව ඉන්න බැහැ කියා අඬා වැටෙද්දී මව පෙම්වතාගේ අතින් අල්ලාගෙන අධිකරණයෙන් පිටව ගියාය. අම්මා යන දිහා ඇස්වල කඳුළු පුරවාගෙන දරුවෝ බලාගෙන සිටියහ.
 
දරුවන් සිවුදෙනකු මෙලොවට බිහිකර ඇගේ රුධිරය කිරි බවට පත්කර දරුවන් හතරදෙනාටම වෙනසක් නොකර ලේ කිරි කර පොවා දරුවන් එපා කියා යන්න තරම් මවුවරුන්ගේ සිත දරුණු වූයේ කෙසේද?
 
වැඩිවියට පත්වූ දියණියක් සිටියදී එම දියණියටද හොඳ නරක කියාදී තම ඇස්දෙක වගේ රැකගත යුතුව සිටියදී හැදූ වැඩූ දරුවන් එපා කියා තමන්ට වඩා වසර 13කට බාල වෙනත් පුද්ගලයකු සමඟ පවුල් ජීවිතයක් ගත කිරීමට තරම් ඇගේ සිත දැඩිවූයේ කෙසේද?
 
දරුවන් සිවුදෙනකු මෙලොවට බිහිකර මවක් වූ පසු සිය හැඟීම් යටපත් කර ගැනීමට තරම් ආත්මශක්තියක් නොමැතිව හැඟීම් වර්ධනය වූයේ කෙසේද යන්නත් සිය හැඟීම් රාගය ඉදිරියේ වසර 15ක් දරුවන් සිවුදෙනකු ලැබෙන තෙක් පවුල් ජීවිතය ගතකර මාස තුන, හතරකට පෙර හමුවූ පුද්ගලයකු පිළිබඳව විශ්වාසය තැබිය හැකිද? තමන් මැදිවියට පත්වන විට නව ස්වාමිපුරුෂයා තරුණයකු බව නොදැනද මේ වගේ තීරණ තීන්දු ගන්නේ?
 
දික්කසාදය ලැබෙන්නත් තව කාලයක් ගතවනු ඇති අතර එතෙක් නීත්යනුකූලව විවාහ විය නොහැකිය. රැකියාවක් නොමැති පුද්ගලයකු සමඟ ගොස් අවසානයේ සිදුවනුයේ පළඟැටියාට වූ දේ බව නොදැනද කාන්තාවන් මෙසේ හැඟීම් හා රාගය ඉදිරියේ අන්ධයන් සේ හැසිරෙන්නේ? අගහිඟකම් එද්දී ආදරය පිටුපස ෙදාරෙන් පලා යන බව නොදැනද ඇය එවන් තීරණයක් ගත්තේ? මේ ප්රශ්නවලට ඇය ඉදිරියේදී කෙසේ මුහුණදේවිද යන්න දෙස බොහෝදෙනා බලා සිටිති.
 
දරුවන්ගේ පියා වසර ගණනාවක් යුද හමුදා සේවයට සිය තරුණ දිවිය කැප කර යුද හමුදාවෙන් විශ්රාම ගෙන පැමිණ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් වෙළෙඳ ව්යාපාරයක් ආරම්භ කළද ඒ ව්යාපාරයම තමාට සහ දරුවන් හතරදෙනෙක් තනි කරන්නට තරම් දෛවය කුරිරු වූ අයුරු පුදුමය.
 
මෙවැනි සිද්ධීන් වර්තමානයේ කොතරම් අසන්න ලැබුණත් එම සිද්ධීන් වැඩිපුරම තිබෙන්නේ ස්වාමිපුරුෂයා, දරුවත්, බිරියත් අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ පවුල් ජීවිත ගතකරන සිද්ධීන්ය. මෙම සිද්ධියෙන් මුළු මහත් සමාජයටම පාඩම් රැසක් කියාදෙන අතරම කිසිම කෙනෙක් ඕනෑවට වඩා අධි තක්සේරුවෙන් විශ්වාස නොකරන ලෙසත් ව්යාපාරයම පමණක් නොව හැමදෙයක් ගැනම අවධානයෙන් සිටින ලෙසට මෙම සිද්ධිය හැම කෙනකුටම පාඩමකි.
 
පොලිස් ස්ථානාධිපති ප්ර.පො.ප. සමරවික්රම මහතාගේ උපදෙස් අනුව පො.සැ. පේමරත්න (56012) මහතා සමඟ කා.පො.කො. දීපිකා (8997) මහත්මිය අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වූහ.
 
ඌරුබොක්ක - අතාවුද පතිරණ
මෙම ලිපියේ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top