සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) දිනය තුල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (04) උදෑසන නිකුත්කළ නිවේදනයේ සඳහන්.
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 දක්වා තද සුළං ඇති විය හැකියි.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතිනවා.
වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසට දැනුම් දෙනවා.