සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරලා...
සුශාන්ත්ගේ පෙම්වතියත් ඒ අතර...
ජනප්‍රිය බොලිවුඩ් නළු ‘‘සුශාන්ත් සිං රාජ්පුත්” ගේ මරණය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය නිළි ‘‘රියා චක්‍රවර්තී” සහ ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 06 දෙනකුට එරෙහිව ගොනුකර ඇති එම නඩුව ලබන 5 වැනිදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
රියා චක්‍රවර්තී විසින් සුශාන්ත් සිං රාජ්පුත් මූල්‍යමය වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද හිරිහැරයන්ට ලක්කර ඔහු සියදිවි හානි කරගැනීමට පෙළඹවූ බවට සුශාන්ත්ගේ පියා විසින් පැට්නා පොලිසිය වෙත පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඊට අදාළව මෙම නඩුව පවරා තිබේ.
සුශාන්ත් සිං රාජ්පුත් සිය මුම්බායිහි පිහිටි නිවසේ දී පසුගිය ජුනි මස 14 වැනි දා සියදිවි හානි කරගෙන තිබුණි.