Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
03
"තීරණ ගනිද්දි හස්බන්ඩ්ගෙන් වගේම අනිවාර්යෙන් අයියාගෙනුත් අහන එක මගෙ පුරුද්දක්..." - ප්‍රතිභා හෙට්ටිආරච්චි

- "තීරණ ගනිද්දි හස්බන්ඩ්ගෙන් වගේම අනිවාර්යෙන් අයියාගෙනුත් අහන එක මගෙ පුරුද්දක්..." - ප්‍රතිභා හෙට්ටිආරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,350 Views
“පුංචි කාලේ අයියා තමයි මගේ ලෝකෙ වීරයා. අපි දෙන්නා අතර වයස පරතරය අවුරුදු දෙකයි. ඒ වගේ අඩු පරතරයක් තියෙද්දි ගොඩක් පොඩි අය දෙන්නට දෙන්නා තරහයිනේ. හැබැයි අම්මා මොන ක්‍රමයකින් හරි අපි දෙන්නා අතර ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න නොදී හොඳින් කළමනාකරණය කරලා තිබුණා. ඒ නිසා අපි දෙන්නා ඒ වයසේ වෙන අයියා නංගි දෙන්නෙකුට වැඩිය ගොඩක් යාළුයි. දෙන්නට දෙන්නා නැතුවම බෑ. පුංචි පුංචි රණ්ඩු තිබුණත් ඒවා පුංචි වෙලාවකට විතරයි. අම්මා කියන විදිහට මම පොඩි කාලේ ටිකක් සැරයි. අයියා එකක් ගැහුවොත් මම එයාට දෙකක් ගහනවලු. හැබැයි අයියා නම් හරිම සන්සුන් නිවුණු චරිතයක් කියලයි අම්මා කියන්නෙ”

ප්‍රතිභා අවදි කළ ඒ සොඳුරු මතක ශක්ති සිහි කළේ ද ආදරයෙනි.

“ ඒ කාලේ මම හරි අහිංසකයි. ඒ නිසා අපි අතර ගැටුම් හරි අඩුයි. නංගි නම් ටිකක් සැරයි. සැරටත් වැඩිය නංගි චූටි කාලේ ඉඳලම ඉස්සරහට යන චරිතයක්.”

ප්‍රතිභා පවසන්නේ කුඩා වියේදී තමා කළ සියල්ලටම අයියා මුල් වූ බවය.

“ පොඩි කාලේ මම ෆලෝ කළේ අයියව. අයියා මොනවද කරන්නෙ මමත් ඒකම කරනවා. ඉස්කෝලෙදි අපේ සෙක්ෂන් එකේ මේසවලට බෙර ගහන්න මම හරි ප්‍රසිද්ධයි. ඒ වගේම මට හොඳට ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. ඒ සේරම අයියගෙ ආභාසය තමයි. ”

කලාකාමී පවුලක උපන් නිසාම කුඩා වියේ සිට ශක්ති සහ ප්‍රතිභාට ද එම කලාකාමීත්වය උපරිමයෙන්ම අත්දැකීමට ඉඩ සැලසී තිබේ. ඒ මතක අවදි කරමින් ශක්ති මෙසේ කීවේය.

“ නංගි චූටි කාලේ අමාරුවෙන් වචන ගළප ගළපා “සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි” සිංදුව කිය කියා නටනවා. අපේ ගෙදර ඒ කාලේ ඉඳන් නළු නිළියෝ නිතර ආවා ගියා. ඒ නිසා අම්මගෙන් තාත්තගෙන් වගේම ඔවුන්ගෙනුත් අපිට කලාව ගැන ආභාසයක් ලැබුණා. තාත්තා වගේම අම්මත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා නංගි රඟපෑමට යොමුවීම ගැන මට විශේෂ දෙයක් වුණේ නැහැ.”

ඒ ගැන ප්‍රතිභා ද මතක රැසකි.

“අයියා පොඩි කාලේ ඉඳලම ගොඩක් පොතපත කියවන කෙනෙක් නිසා එයාට සාහිත්‍යය ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම එයාට ලස්සනට ලියන්නත් පුළුවන්. පොඩි කාලේ අපි ගෙදර නාට්‍ය සහ සම්මාන උලෙළවල් පවත්වනවා. නාට්‍ය පිටපත් සහ සම්මානවලට හේතු පාඨ ලියන්නෙ අයියා. මම හිතන්නේ අයියා දැන් කරන කලා කටයුතු සඳහා ඒ කාලේ එයා ලැබූ ආභාසයත් ගොඩක් ඉවහල් වුණා. මම දැනටත් කලා කටයුතු ගැන කතා කරන්නෙ අයියා එක්ක. සමහර වෙලාවට අපි පැය ගණන් ඒ දේවල් ගැන කතා කරනවා. මම හිතන්නේ මට කලාව ගැන කතා කරන්න ඉන්න සුදුසුම පුද්ගලයා අයියා තමයි”

ශක්තිට අනුව ප්‍රතිභා යනු ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට සමත්, කාර්යයන් කිහිපයක් නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ඒ සියල්ල සාර්ථකව කරගැනීමට දක්ෂතාවක් දක්වන්නියකි.

“නංගි හරිම ළෙන්ගතු, පවුලට ගොඩක් ලැදි කෙනෙක්. ඇය දැන් පුංචි දරුවො දෙන්නෙකුගේ මවක්. ඒ වැඩ අතරේ බාහිර කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ කරනවා. ගණිතය සහ කලාව කියන වෙනස් අංශ දෙක එයා හරි අපූරුවට හසුරුවනවා. එයා මගෙ හැමදේටම ලොකු සහයෝගයක් දෙනවා. මේ දවස්වල අම්මා ලියමින් ඉන්න පොතක සෝදුපත් බලන්නෙත් නංගි තමයි. හුඟක් වෙලාවට අපි යාළුවෝ වගේ ඉන්නෙ. නංගි විවාහ වෙලා දැන් වෙනම ගෙදරක පදිංචි වෙලා හිටියත් අපේ බැඳීමේ කිසිම අඩුවක් නැහැ. අමුතු අමුතු කෑමබීම හදන්න නංගි හරිම දක්ෂයි. ඒ මොනා හැදුවත් අම්මගෙයි මගෙයි පංගුව අනිවාර්යෙන් ගේනවා. ”

නංගි ගැන ශක්තිගේ ආදරය ඒ විදිහට වචන කරද්දී “අයියට දැන් කසාදයක් කරලා දෙන්නත් ඕනෙ” යැයි ප්‍රතිභා පැවසුවේ සිනාසෙමිනි. අයියාගේ ආදරය ගැන කියන්නට ඇයට තවත් බොහෝ දේ තිබිණ.

“ඉස්සර තාත්තා එක්ක කතා කළ දේවලුත් දැන් මම කතා කරන්නෙ අයියා එක්ක. තීරණ ගනිද්දි හස්බන්ඩ්ගෙන් වගේම අනිවාර්යෙන් අයියාගෙනුත් අහන එක මගෙ පුරුද්දක්. අයියා ඉන්න තැන කිසිම පාළුවක් නැහැ. මාව හිනස්සන්න එයා හරි දක්ෂයි. කිසිම දෙයක් ගැන ටෙන්ෂන් නොගෙන වැඩ ගොඩක් කරන්න එයාට පුළුවන්. කෙටියෙන් කියනවා නම් මගේ ජීවිතේට අම්මගෙන් තාත්තගෙන් ලැබුණු හොඳම තෑග්ග අයියා.”

සුරේඛා නිල්මිණි
සිළුමිණ - රසදුන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top